Rohana Research Journal
Cover page
Contents
Editorial Board
කාන්තාව පිළිබඳ බෞද්ධ ස්ථාවරය, පුරුෂෝත්තම වාදය සහ සිංහල ජන කතාවේ ස්ත්‍රීත්ව නිරූපණය පිළිබඳ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්.
පනන්ගලගෙයි, විජයන්ති මල්ලිකා; අමරසිංහ, සරත්; කහඳගමගේ, සන්ධ්‍ය
පොදු ජනයාගේ සත්‍ය වූ භාවමය ජීවිතය පරිපූර්ණ හා යථාර්ථවාදී ලෙසින් එළි දැක්වෙන සිංහල ජන සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛාංගයක් වනුයේ "ජනකතාව" යි. චූල සම්ප්‍රදායානුගත මෙකී සාහිත්‍යාංගය, ප්‍රාග් බෞද්ධ යුගය දක්වා ඈතට විහිද යන ඓතිහාසික වටිනාකමකින් සමන්විත වන අතර, එය හෙළ දිව වැසියා මුඛ පරම්පරාගත ව පරපුරෙන් පරපුරට පැවත ගෙන එන ලද පාරම්පරික උරුමයක් ලෙසින් ද සැලකිය හැකි වේ. බෞද්ධ සදාචාර පද්ධතියක  හැදී  - වැඩී - පෝෂණය වූ සිංහල සංස්කෘතිය සහ සභ්‍යත්වය තුළ සිය සැබෑ ජීවන අත්දැකීම් හා චර්යා රටා ප්‍රතිනිර්මාණය කළ ජනකතාකරුවාගේ නිසර්ග සිද්ධ වූ ප්‍රතිභා කෞශල්‍යය ද බුදු දහමේ කේන්‍ද්‍රීය හරය තුළ ස්ථාපිත වූ බව පෙනේග පුද්ගල සමානාත්මතාව හා හේතු - ඵල සබඳතාව කේන්‍ද්‍ර කොටගත් බෞද්ධ සංකල්පය යටතේ සකල විධ ක්‍ෂේත්‍රයන්හිදී කාන්තාවට උරුම වූයේල තිරසර වූ ස්ථාවරයක් සේ ම අසම සම ස්වාධීනතාවකිග සාම්ප්‍ර‍දායික බ්‍රාහ්මණ සමාජ දෘෂ්ටිය තුළල ස්ත්‍රිය වනාහි බුද්ධි හීන වූ මෙන් ම ආධ්‍යාත්මික ශක්තියෙන් ඌන වූ සත්ත්වයකු ලෙස සම්මත විය. එහෙත් එවැනි වූ දුර්මත සපුරා බැහැර කරන ලද බෞද්ධ චින්තනය යටතේ බුද්ධියල ඤාණය හා ආධ්‍යාත්මික සංවර්ධනය ඈ මානව ගුණාංග විෂයෙහි   ස්ත්‍රී - පුරුෂ දෙපාර්ශ්වයට ම හිමි වනුයේ සම ස්ථානයකිග කාන්තාව විෂයෙහි තත්කාලීන සමාජයෙහි පැලපදියම් වූ  බොහෝ සාවද්‍ය මතවාද විද්වංසනය කරමින් වනිතාවට ගෘහස්ථ සමාජයෙහි උසස් ස්ථානයක් පිරිනැමීමට  බුදුහු උත්සුක වූහ. දියණියකල බිරිඳක හා මවක වශයෙන් යහපත් වූ ඇවතුම් - පැවතුම් සහිත වූ ස්ත්‍රිය සඳහා ගෞරවනීය වූ සමාජ ආකල්පයක් සමාජගත කිරීමට උන් වහන්සේ පියවර ගත්හ.  ර්‍"එවැනි වූ බෞද්ධ සංකල්ප මාලාවක ආභාසය ලද සිංහල ජනකතාකරුවා වෙතින් නිරූපිත ස්ත්‍රීත්වය ද ඒ හා සමගාමී වන්නේද රෑ ” යන්න විමර්ශනයට බඳුන් කිරීමල මෙම ලිපිය යටතේ අපේක්‍ෂා කෙරේග වෙසෙසින් ම දේශීය සංස්කෘතියේ සාරධර්මවලට  ප්‍රතිපක්‍ෂ ලෙසින් ව්‍යාප්ත වන බටහිර ස්ත්‍රීවාදී අවිචාර මතවාද තුළ නිමග්න වූ අයට  ර්‍"සිංහල  ජනකතාවෙහි නිරූපිත ස්ත්‍රියල පිළිතුරක් සැපයී ද? යන්න විමසීම, මෙහි කේන්ද්‍රීය තේමාව වේ. මෙහි දී  සැපයෙන පිළිතුරු මත පදනම් වල   "ශ්‍රී ලාංකේය ස්ත්‍රිය පුරුෂෝත්තමවාදී සමාජයක පීඩාවට පත් වී ඇති  බවට  යම් අදහසක්  එතුළින් සැපයේ ද? ” යන්න කෙරෙහි ද විමසීමට ලක් වන  බව සඳහන් කළ යුතු වේ. මෙවැනි වූ අධ්‍යයනයක් මේ දක්වා නොසිදුවී ඇති බව සිංහල ජනකතාව ආශ්‍රිත පූර්ව අධ්‍යයන පරිශීලනය කිරීම යටතේ ප්‍රත්‍යක්‍ෂ වී ඇති බව ද පැහැදිලි ව සඳහන් කළ හැකි වේ. තවද මෙහි ලා නිදසුන් ඇසුරෙන් සාධක සැපයීමේ කර්තව්‍යය පිණිස 1910 - 2010 අතර කාලය තුළ සම්පාදිත සිංහල ජනකතා සංග්‍රහ පාදක කොට ගන්නා ලද බව ද අවධාරණයට පාත්‍ර කරන කරුණ කි. මෙම උත්සාහයෙහි ප්‍රතිඵල විසින්ල සිංහල ජනකතාකරුවා වෙතින් නිරූපිත ස්ත්‍රීත්වය බෞද්ධ ස්ථාවරය හා සමගාමී වන බව සේ ම ස්ත්‍රීවාදී චින්තනය තුළ පදනම්  වූවනට පිළිතුරු සපයමින්,  පිතෘ  මූලික   ශ්‍රී ලාංකේය ජන සමාජයේ ස්ත්‍රිය, උත්තමාර්ථයක් භජනය කරන බව ද නිගමනය කෙරේ.