අද්‍යතන සිංහල කාව්‍යයේ නව ප්‍රවණතා

Show simple item record

dc.contributor.author ධම්මින්ද හිමි, ඇතුලුගහ
dc.date.accessioned 2023-07-18T04:13:14Z
dc.date.available 2023-07-18T04:13:14Z
dc.date.issued 1986-05
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/13704
dc.description.abstract 1955 – 1975 දක්වා වූ විසි වසර තුළ සිංහල කාව්‍ය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශනයට ලක් කිරීම මෙම නිබන්ධනයෙන් සිදු කිරීමට අපේක්ෂිත ප්‍රධාන කාර්යය යි. උක්ත කාල පරිච්ජේදය තුළ දී කවිය අන් කිසි ලෙයනත් නො වූ විරූ තරම් විපර්යාසයට භාජන වූ බව අමුතුවෙන් කිව මනි නො වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් එය විවිධත්වයෙන් හා විචිත්‍රත්වයෙන් යුතු පුළුල් සාහිත්‍යාංගයක් බවට පත් විය. එසේ චවුව මේ අවධිය පිළිබඳ ව කිසි යම් ශාස්ත්‍රඥයකු අතින් ප්‍රමාණවත් විග්‍රහයක් සිදු වුයේ නැතැ යි සිතමි. මාර්ටින් වික්‍රමසිංහගේ නව පද්‍ය සිංහලය, ආරිය රාජකරුණාගේ නූතන සිංහල කාව්‍ය -2, ගාවින් කරුණාරත්නගේ සිංහල කවියේ නව යුගය යනාදී විචාර කෘති මගින් ද පරීක්ෂාවට භාජනය වී ඇත්තේ 60 දශකයේ ආරමිභක වසර කිහිපයක් දක්වා පමණෙකි. මොනිකා රුවන්පතිරණගේ නව කවි විමසුම අද්‍යතන සමය ද නියෝජනය වන පරිදි සමිපාදනය කරන ලද්දක් නමුදු, එය සංක්ෂිප්ත විමසුමක සිවරූපය උසුලන්නක් බව පෙනෙයි. ඇතැම් කවීන් ‍හෝ, කෘති හෝ, කාව්‍ය ගණ හෝ පිළිබඳ ව කෙරුණු විචාර පුවත්- පත් සඟරා ආදියෙහි වරින් වර පළ වී ඇති නමුදු, විධිමත් බවකින් යුතු ව එබදු සංග්‍රහයක් ද පළ නො වීය. මේ නිබන්ධනය සම්පාදනය කරන ලද්දේ මෙම තත්ත්වය ද යම් තරමකින් සැලකිල්ලට ගනිමිනි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher සිංහල අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව en_US
dc.title අද්‍යතන සිංහල කාව්‍යයේ නව ප්‍රවණතා en_US
dc.type M. phil. Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account