ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තයේ ආර්ථික ශක්‍යතා අධ්‍යයනය

Show simple item record

dc.contributor.author ඩර්වින්, එස්.කේ.
dc.date.accessioned 2023-07-31T05:53:06Z
dc.date.available 2023-07-31T05:53:06Z
dc.date.issued 1993-07
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/13923
dc.description.abstract ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තාය් ආර්ථික ශක්‍යතා අධ්‍යයනය නමින් රචිත මෙම නිබන්ධය රුහුණ විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධි පරීක්ෂණය සඳහා ඉදිරිපත් කරන්නකි. මෙහි ප්‍රධාන විෂය කේෂ්ත්‍රය මිරිදිය ධීවර කර්මාන්තයේ ආර්ථික ශක්‍යතාව අධ්‍යයනය කිරීම වන හෙයින් ආර්ථික ශක්‍යතා නිර්ණායකයන් ලෙස ජාතික නිෂ්පාදිතය, විදේශ විනිමය, සේවා නියුක්තිය හා පෝෂණය සැලකිල්ලට ගෙන එහි ලා මිරිදිය ධීවර කර්මාන්තය වැදගත් වන ආකාරය විමර්ශනයට ලක් කරනු ලැබී ය. කිසියම් නිෂ්පාදන අංශයක ශක්‍යතාව පරීක්ෂා කාරීමේ අධ්‍යයනයකට පිවිසෙන්නෙකුට එම අංශයට අදාළ කරුණු රාශියක් පිළිබඳ මූලික අවබෝධයක් ලැබීම තරමක් දුෂාකර කාර්යයක් වන අතර එම අංශය පිළිබඳ ව ඉදිරිපත් වී ඇති සංඛ්‍යා තොරතුරු සීමිත වීම එම දුෂ්කරතා තව දුරටත් වැඩි කරවන්නක් වේ. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කේෂත්‍රය රාජ්‍ය අනුග්‍රහය නොලබන අංශයක් වීම මඟින් පවත්නා සංඛ්‍යා තොරතුරු පවා ලබා ගැනීම අපහසු කරවන්නක් විය. මෙවැනි අවස්ථාවක කේෂත්‍ර සමීක්ෂණ පැවැත්වීමෙන් ලබාගන්නා තොරතුරු ඉතා උපකාරී වන අතර එම අවශ්‍යතාව සපුරා ගැනීම වස් ශ්‍රී ලංකාවේ පළාත් දෙකක් නියෝජනය වන පරිදි තෝරාගන්නා ලද නියදියක් මාගයෙන් අධ්‍යයනය සඳහා තොරතුරු ලබාගන්නා ලදී. එයට අමතර ව අදාළ කේෂත්‍රය සම්බන්ධ ව කරනු ලැබු නිරීක්ෂණ හා සම්මුඛ සාකච්ජාවන් පැවැත්වීම ද මෙම අධ්‍යයනය සඳහා තොරතුරු ලබා ගැනීමේ දී වැදගත් විය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, රුහුණ විශ්වවිද්‍යාලය, ශ්‍රී ලංකාව en_US
dc.title ශ්‍රී ලංකාවේ මිරිදිය ධීවර කර්මාන්තයේ ආර්ථික ශක්‍යතා අධ්‍යයනය en_US
dc.type phD Thesis en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account