Abstract:
චුලවංශය (80 සිට 90 දක්වා පරිජේද) හා එහි ඉතිහාසකරණය රටාව යටතේ රචිත මෙම නිබන්ධය රුහුණ විශ්වවිද්‍යාලයේ දර්ශනපති උපාධි පර්යේෂණය සඳහා ඉදිරිපත් කරන්නකි.
මෙහි විෂය, චුලවංශයෙහි දෙ වැනි භාගය යනුවෙන් සම්ප්‍රදානුකුලව සඳහන් වුව ද මා විසින් කරන ලද පර්යේෂණයෙහි ප්‍රතිඵලයක් වශයෙන් 80 සිට 90 දක්වා පරිජේද අඩංගු කොටස චුලවංශයෙහි තුන් වැනි භාගය ලෙස පැහැදිලි විය.
මෙම පර්යේෂණ ප්‍රධාන අංශ දෙකකින් යුක්තය. එනම් චුලවංශයෙහි මෙම කාණ්ඩය පිළිබඳවත් එහි ඉතිහාසකරණ රටාව පිළිබඳවත්ය. මෙහිදී චුලවංශයෙහි මෙම කාණ්ඩය පිළිබඳව ඵෙතිහාසික ඇගයීමක් ද එහි ඉතිහාසකරණය රටාවේ මුලික ස්වරූපය පිළිබඳව ද සොයා බැලීම් මේ හැර ලංකා ඉතිහාසකරණ රටාව හා මෙම කෘතියේ ඉතිහාසකරණ රටාව අතර සම්බන්ධතාවද පිරික්සුමට භාජනය විය.
මෙම පර්යේෂණ කාර්යයේ දී ප්‍රාතමික හා ද්විතීයික මුලාශ්‍ර ඉවහල් කර ගත් අතර, විද්‍යාත්මක ඉතිහාසකරණය පිළිබඳ ලිය වී ඇති විවිධ ශාස්ත්‍රීය ලිපි ලේඛණ බෙහෙවින් පිටිවහල් විය. එම ප්‍රකාශන සියල්ලක්ම මෙහි ඇති ග්රන්ථ නාමාවලියෙහි අඩංගු වේ මෙම අධ්‍යයනයෙහි දී චුලවංශයෙහි මෙම කොටසේ ඇති ඵෙතිහාසික වටිනා කමක් එහි ඉතිහාසකරණ රටාවත් අපට පැහැදිලිය. මෙම අවධියෙහි ඉතිහාසය ගොඩනැංවීම සඳහා ඵෙතිහාසික මුලාශ්‍රයක් ලෙස චුලවංශය එක්තරා දුරකට වැදගත් මෙහෙයක් ඉටු කරයි. කරුණු ලබා ගැනීමත් අනෙක් මුලාශ්රවල සත්‍යාසත්‍යතාව ග්‍රහණය කර ගැනීමටත් මෙකල ඉතිහාසකරණයෙහි ස්වරූපය වටහා ගැනීමටත් ඉන් ලැබෙන පිටිවහල වැදගත්ය. එහි ඇති අඩු පාඩු හා දුර්වලකම් තේරුම් ගෙන විමර්ශණශිලීව පරිශීලනය කිරීමෙන් මෙහි වැදගත්කමක් වටහා ගත හැකිය.