Department of Sinhala
රිද්දියාගය ශාන්තිකර්මයෙන් සන්නිවේදනය වන මනෝචිකිත්සාව හා ගර්භාරක්ෂණය
පීරිස්, නදීකා සඳමාලි.
අමනුෂ්‍ය උපද්‍රව සහ රෝග පීඩාදී මිනිස් දිවියට පීඩා පමුණුවන කාරක දුරු කොට සෞභාග්‍යය උදා කර ගැනීම සඳහා සිංහල ශාන්තිකර්ම බිහි විය. ඒවා උඩරට, පහතරට, සබරගමු යනාදී වශයෙන් භූගෝලීය පිහිටීමට අනුව ප්‍රවර්ග කර හඳුනා ගත හැකි අතර, පහතරට ප්‍රදේශයෙහි යකුන් විෂයයෙහි පවත්නා ශාන්තිකර්ම වශයෙන් සන්නියකුම, රිද්දියාගය, මහසෝන් සමයම, සූනියම් ශාන්තිය, කළුකුමාර සමයම, ගොපලු සමයම යනාදිය සැලකෙයි. රිද්දියාග මංගල්‍යය පහතරට ප්‍රදේශයන්හි යක්ෂයින් උදෙසා පවත්වනු ලබන ප්‍රධාන ශාන්තිකර්මයක් වන අතර මාතර, බෙන්තර ප්‍රදේශවල මෙය ප්‍රචලිත ව පවතියි. සිංහල නර්තන කලාවෙහි භාව පූර්ණ නෘත්‍ය රංග ලක්ෂණවලින් සැදුම් ලත් මෙය කාන්තාවන් උදෙසා යකුන් විෂයයෙහි පවත්වන එක ම ශාන්තිකර්මය යි. ගර්භ සංරක්ෂණය මූලික කොට ගනිමින් විවාහයෙන් පසු දරු ඵල නොමැති කාන්තාවන් උදෙසා දරු ගැබ් ඇති කර ගැනීම, ගර්භිණී කාන්තාවන්ට ආරක්ෂාව සලසා දීම, අතුරු අන්තරාවකින් තොර ව බිහි කිරීමට මානසික පසුබිම සැකසීම, සශ්‍රීකත්වය හා සෞභාග්‍යය යන මූලික පරමාර්ථ පෙරදැරි කරගෙන රිද්දියාගය ශාන්තිකර්මය පැවැත්වේ. එහි දී උපත් කථාව, සංවාද, ගායනා, පූජා චාරිත්‍ර, නාට්‍යමය පෙළපාලි හා රංග භාණ්ඩ ආදි සියලු රංගෝපක්‍රම මගින් ශාන්තිකර්මකරුවා ඉතා සියුම් ආකාරයෙන් දරුවන් නොමැති කාන්තාවට හෝ ගර්භනී කාන්තාවට මානසික සුවයක් ලබා දෙන අතර මානව හිතවාදී සානුකම්පිත දෘෂ්ටියකින් බැලීම සිදු ව ඇත. මෙලෙස රිද්දියාගය ශාන්තිකර්මයෙන් මනෝ චිකිත්සාව හා ගර්භාරක්ෂණය සිදු වන්නේ කෙසේ ද යන පර්යේෂණ ගැටලුවට අනුව සිදු වන මෙම අධ්‍යයනයේ දී ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය භාවිත වුණි. මූලික වශයෙන් පුස්තකාල පරිශීලනය මගින් ප්‍රාථමික හා ද්විතීයික දත්ත රැස් කර ගන්නා අතර සමාජ විද්‍යාත්මක දෘෂ්ටියෙන් සහභාගීත්ව නිරීක්ෂණය සහ ප්‍රත්‍යෙයක අධ්‍යයනය මගින් තොරතුරු විශ්ලේෂණය සිදු ව ඇත.
The Art of Music: Specified from Medieval Classical Literature
Pieris, Nadeeka Sandamali
Music is a sophisticated medium through which human's devotion, pleasure and emotional expression are expressed. Music means a combination of singing and playing, and music is a diverse art, as expressed in The New Britannica. By the Medieval Period, music had developed to some extent into a fine art, even among the common people of Sri Lanka. It was revealed by musical institutions like Saraswati Mandapam, Shrungara Mandapam and Kavikara Mandapam and it is clear that the art of music was well known as per the information contained in the records of the present day. The purpose of this study was to examine the musical art depicted in medieval literature and the musical art from medieval classical literature. What information about the art of music is conveyed from the literature of the Medieval Period? In this study, which was conducted based on the research problem, data were collected through library references and the Internet. Data analysis was carried out using the qualitative data analysis method. In this study, literary works from the Medieval Period were used as the main source. By considering the primary and secondary data, balanced and logical conclusions were drawn and a detailed interpretation was made. There it was known from literary works that the development of musical art was limited only to the Medieval Period. There, it was known through literary works that the development of musical art was limited to the Medieval Period only. The source of medieval Sinhala literature presented numerous musical instruments that are unknown from the social and cultural background of the ongoing period and the history of multiple arts in this historical literature. The musical art of that era exists because of this great achievement. Accordingly, it can be concluded that the ancient people’s close correlation with the art of music, aesthetics, intelligence, and spirituality is superior.
A Gendered Study of Folk Poetry
Pieris, Nadeeka Sandamali
Gender-based moral laws and value systems create diversity in the social community. The concept of gender has been identified based on the biological difference between the genders as well as the social conditions that belong to both sides of society. Although there is a biological difference here, Anne Oakley, a Western anthropologist, is of the opinion that gender is not a biological term but a term with a psychological and cultural meaning. Society has ascribed gender roles to these two parties as they have gendered heteronormative behaviours. Ancient folk poetry reveals that different social roles and social conditions between men and women have been recreated since ancient times. The family corporation depicted in folk poetry presents gender roles and physical and mental interrelationships with the concepts of kinship and marriage. The purpose of this study is to examine how the performance of gender roles in contemporary rural society is depicted in folk poetry. This research is related to the problem of how the concept of equality between the genders is depicted in relation to the gendered character as prevalent at the time socially as depicted in folk poetry. Primary data collection was conducted through library reference and via the Internet. Data analysis was done under the qualitative data analysis method with folklore and gender theory as the primary theoretical aspect of this research. The study of the family was limited to the study of folk poetry based on the concepts of kinship and marriage and it was concluded that the activities of different gender characters are depicted in the folk poems. Family work in the common residence, economic cooperation, sexual reproduction, and education could be identified from the selected folk poetry.
මාර්ගගත ඉගෙනුම් ක්‍රමයෙන් සිංහල භාෂාව ඉගෙනීමේ දී හා ඉගැන්වීමේ දී මුහුණපෑමට සිදු වන අභියෝග (තෝරා ගත් ජාත්‍යන්තර පාසලක සිසුන් හා ගුරුවරුන් ඇසුරෙන්)
Pieris, Nadeeka Sandamali
කොවිඩ් 19 වෛරසය වත්මනෙහි ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් ව ඇති අතර, ශ්‍රී ලාංකේය ජනතාව එමගින් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපා ඇත. එමෙන්ම පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන අතර ජාත්‍යන්තර පාසල් සිසු පිරිස ද ඒ අතර වෙයි. මේ වන විට ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට මාර්ගගත ඉගෙනුම් ක්‍රමය යටතේ ඉගැන්වීම් කටයුතු ආරම්භ වී ඇති අතර, මේනිසා බොහෝ සිසු දරු දැරියෝ ද ගුරුවරු ද විවිධ ගැටලුවලට මුහුණ දෙති. මෙම පර්යේෂණයේ දී එම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට හා ගුරුවරුන්ට සිංහල භාෂාව මාර්ගගත ඉගෙනුම් ක්‍රමයෙන් ඉගෙනගැනීමේ දී හා ඉගැන්වීමේ දී මුහුණ දීමට සිදු වන අභියෝග පවතින්නේ ද යන ගැටලුවට අදාළ ව දත්ත සොයා බලන ලදී. මාර්ගගත ඉගෙනුම් ක්‍රමය මගින් සිංහල භාෂා ව්‍යවහාරය හා අධ්‍යයනයට ඇති බාධා අවම කර ගැනීම, ඉගැන්වීමේ දී ඇති වන දුෂ්කරතා සඳහා විසඳුම් සොයා ගැනීම මෙහි දී අරමුණු වේ. මෙම අධ්‍යයනය සඳහා ප්‍රශ්නාවලි හා සම්මුඛ සාකච්ඡා ඇසුරෙන් ප්‍රාථමික දත්ත ලබා ගෙන ඇති අතර, සිසුන්ට ප්‍රායෝගික වශයෙන් මාර්ගගත ඉගැන්වීම් සමග සම්බන්ධ වීමේ දී ඇතිවන ගැටලු සාකච්ඡා කරන ලදී. මේ සඳහා පිළිතුරු සපයන්නන් ලෙස ජාත්‍යන්තර පාසලේ ශාඛා පහෙහි 10 වසර සිසුන් දෙදෙනා බැගින් දහයක් හා ගුරුවරුන් දහයක් තෝරා ගත් අතර, ප්‍රශ්නාවලි දෙකක් ඒ සඳහා යොදා ගෙන ඇත.  මෙහි දී ජාත්‍යන්තර පාසලක ශාඛා පහෙහි කේම්බි්‍රජ් විෂය ධාරාවන්ට සීමා වන අතර, එය තවදුරටත් සීමා කර ගනිමින් දහය වසර ළමුන් හා ගුරුවරුන් නියැදියක් ලෙස තෝරා ගනිමින් ප්‍රශ්නාවලි ඉදිරිපත් කර තොරතුරු ලබා ගැනීම සිදු කෙරෙයි. ව්‍යාකරණ දෝෂ, අක්ෂර වින්‍යාසය වැනි භාෂාමය ගැටලු වර්ධනය වීම, ප්‍රායෝගික ගැටලු හමුවේ සිසුන්ට අඛණ්ඩ ව අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වීමට නො හැකි වීම, දෙමව්පියන්ට පවත්නා නව තාක්ෂණික දැනුමෙහි දුබලතා, ගුරුවරුන්ට කාල කළමනාකරණයේ පවතින අපහසුතාව හා එනිසා මානසික ආතතියෙන් පසුවීම වැනි ගැටලු මේ අනුව හඳුනාගත හැකි විය.