08th RASAS - 2023
Cover page
Contents
Editorial Board
ප්‍රජා සහභාගීත්වය තුළින් වෙරළ සං‍රක්ෂණය පිළිබඳ අධ්‍ය‍යනයක්
ගඟේවත්ත, පී.ජී.එස්.එම්.; දසනායක, ඩී.ඩී.එස්.එම්.
ලෝකයේ සෑම රටකම පාහේ කසළ කළමනාකරණය මූලික ගැටලුවක් බවට පත්ව ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ අපද්‍රව්‍ය නිසි ලෙස කළමනාකරණය නොකිරීම වත්මන් ගැටලුවක් ලෙස හඳුනාගත හැකිය. එහිදී වෙරළාසන්න පරිසරයේ අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රධාන වේ. වෙරළාසන්න පරිසරයේ අපද්‍රව්‍ය    කළමනාකරණයට ප්‍රජාව දායක වන්නේ කෙසේද යන පර්‍යේෂණ ගැටලුව මත පදනම්ව දකුණු පළාතේ මාතර, දෙවුන්දර, වෙලේගොඩ වෙරළ කලාපය පාදක කරගෙන මෙම අධ්‍යයනය සිදු කරන ලදි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ වෙරළාසන්න පරිසරයට අදාළ අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා ප්‍රජාව දක්වන දායකත්වය අධ්‍යයනය කිරීමයි. මෙහිදී වෙරළබඩ පරිසරය, වෙරළ සං‍රක්ෂණය සහ අපද්‍රව්‍ය කළමනාකරණ පිළිවෙත් සඳහා ප්‍රජා සහභාගීත්වයේ ප්‍රවර්ධනය කෙරෙහි අවධානය යොමු විය. එහිදී ප්‍රජාව තුළ නිසි කසළ කළමනාකරණය පිළිබඳ අවබෝධයක් නොමැතිකම, යටිතල පහසුකම් නොමැතිකම, ධනාත්මක ආකල්ප නොමැතිකම,  යැපුම් මානසිකත්වය, රාජ්‍ය මැදිහත්වීම අඩු වීම සහ නීත්‍යනුකූලව ක්‍රියාත්මක නොවීම වැනි තත්ත්වයන් අවධාරණය විය. මූලික වශයෙන් වීදි මට්ටමේ නිලධාරිවාදී න්‍යාය, ස්ත්‍රීවාදී න්‍යාය වැනි න්‍යායික ප්‍රවේශ හරහා සාකච්ඡාව සිදු කර ඇති අතර එමඟින් වෙරළාසන්න පරිසරයේ අවිධිමත් කසළ කළමනාකරණයට බලපාන සාධක පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කරන ලදි. මෙහිදී වෙරළාසන්න පරිසරයේ විධිමත් කසළ කළමනාකරණයේ වැදගත්කම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කම, ප්‍රජාව සමඟ සහයෝගයෙන් ශක්තිමත් අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ස්ථාපිත කිරීමේ වැදගත්කම අවධාරණය කරන ලද අතර ප්‍රජා සගභාගීත්වය ඵලදායී වෙරළ තීරයක් සඳහා වැදගත් සාධකයක් බව අනාවරණය විය. මෙහිදී විධිමත්ව අපද්‍රව්‍ය එකතු කිරීමේ සහ වෙන් කිරීමේ යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මෙන්ම ප්‍රතිචක්‍රීකරණ පහසුකම් දිරිමත් කිරීම, මෙම පද්ධති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රජාව සම්බන්ධ කිරීම, කසළ කළමනාකරණ ක්‍රියාවලියේ අයිතිය ඔවුන්ට ලබා දීම සහ එමගින් කාර්යක්ෂමතාව සහතික කිරීම සිදු කළ හැකිය.