මාර්ගගත ඉගෙනුම් ක්‍රමයෙන් සිංහල භාෂාව ඉගෙනීමේ දී හා ඉගැන්වීමේ දී මුහුණපෑමට සිදු වන අභියෝග (තෝරා ගත් ජාත්‍යන්තර පාසලක සිසුන් හා ගුරුවරුන් ඇසුරෙන්)

Show simple item record

dc.contributor.author Pieris, Nadeeka Sandamali
dc.date.accessioned 2023-04-04T09:46:05Z
dc.date.available 2023-04-04T09:46:05Z
dc.date.issued 2021-03-26
dc.identifier.citation Pieris, I. R. N. S. (2021) (Co- Author with Kaushalya, R.) මාර්ගගත ඉගෙනුම් ක්‍රමයෙන් සිංහල භාෂාව ඉගෙනීමේ දී හා ඉගැන්වීමේ දී මුහුණ පෑමට සිදු වන අභියෝග (තෝරා ගත් ජාත්‍යන්තර පාසලක සිසුන් හා ගුරුවරුන් ඇසුරෙන්), Annual Research Symposium of the Department of Sociology, Faculty of Arts, University of Colombo. en_US
dc.identifier.isbn 9789557030999
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/12274
dc.description.abstract කොවිඩ් 19 වෛරසය වත්මනෙහි ගෝලීය වසංගත තත්ත්වයක් බවට පත් ව ඇති අතර, ශ්‍රී ලාංකේය ජනතාව එමගින් විවිධ දුෂ්කරතාවන්ට මුහුණපා ඇත. එමෙන්ම පාසල් ශිෂ්‍ය ප්‍රජාව දැඩි අපහසුතාවන්ට මුහුණ දෙන අතර ජාත්‍යන්තර පාසල් සිසු පිරිස ද ඒ අතර වෙයි. මේ වන විට ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට මාර්ගගත ඉගෙනුම් ක්‍රමය යටතේ ඉගැන්වීම් කටයුතු ආරම්භ වී ඇති අතර, මේනිසා බොහෝ සිසු දරු දැරියෝ ද ගුරුවරු ද විවිධ ගැටලුවලට මුහුණ දෙති. මෙම පර්යේෂණයේ දී එම ජාත්‍යන්තර පාසල්වල සිසුන්ට හා ගුරුවරුන්ට සිංහල භාෂාව මාර්ගගත ඉගෙනුම් ක්‍රමයෙන් ඉගෙනගැනීමේ දී හා ඉගැන්වීමේ දී මුහුණ දීමට සිදු වන අභියෝග පවතින්නේ ද යන ගැටලුවට අදාළ ව දත්ත සොයා බලන ලදී. මාර්ගගත ඉගෙනුම් ක්‍රමය මගින් සිංහල භාෂා ව්‍යවහාරය හා අධ්‍යයනයට ඇති බාධා අවම කර ගැනීම, ඉගැන්වීමේ දී ඇති වන දුෂ්කරතා සඳහා විසඳුම් සොයා ගැනීම මෙහි දී අරමුණු වේ. මෙම අධ්‍යයනය සඳහා ප්‍රශ්නාවලි හා සම්මුඛ සාකච්ඡා ඇසුරෙන් ප්‍රාථමික දත්ත ලබා ගෙන ඇති අතර, සිසුන්ට ප්‍රායෝගික වශයෙන් මාර්ගගත ඉගැන්වීම් සමග සම්බන්ධ වීමේ දී ඇතිවන ගැටලු සාකච්ඡා කරන ලදී. මේ සඳහා පිළිතුරු සපයන්නන් ලෙස ජාත්‍යන්තර පාසලේ ශාඛා පහෙහි 10 වසර සිසුන් දෙදෙනා බැගින් දහයක් හා ගුරුවරුන් දහයක් තෝරා ගත් අතර, ප්‍රශ්නාවලි දෙකක් ඒ සඳහා යොදා ගෙන ඇත. මෙහි දී ජාත්‍යන්තර පාසලක ශාඛා පහෙහි කේම්බි්‍රජ් විෂය ධාරාවන්ට සීමා වන අතර, එය තවදුරටත් සීමා කර ගනිමින් දහය වසර ළමුන් හා ගුරුවරුන් නියැදියක් ලෙස තෝරා ගනිමින් ප්‍රශ්නාවලි ඉදිරිපත් කර තොරතුරු ලබා ගැනීම සිදු කෙරෙයි. ව්‍යාකරණ දෝෂ, අක්ෂර වින්‍යාසය වැනි භාෂාමය ගැටලු වර්ධනය වීම, ප්‍රායෝගික ගැටලු හමුවේ සිසුන්ට අඛණ්ඩ ව අධ්‍යයන කටයුතුවලට සම්බන්ධ වීමට නො හැකි වීම, දෙමව්පියන්ට පවත්නා නව තාක්ෂණික දැනුමෙහි දුබලතා, ගුරුවරුන්ට කාල කළමනාකරණයේ පවතින අපහසුතාව හා එනිසා මානසික ආතතියෙන් පසුවීම වැනි ගැටලු මේ අනුව හඳුනාගත හැකි විය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Department of Sociology, Faculty of Arts, University of Colombo en_US
dc.subject කොවිඩි - 19 වෛරසය en_US
dc.subject මාර්ගගත ඉගෙනුම් ක්‍රමය en_US
dc.subject ජාත්‍යන්තර පාසල en_US
dc.subject ගුරු - සිසු ප්‍රජාව en_US
dc.title මාර්ගගත ඉගෙනුම් ක්‍රමයෙන් සිංහල භාෂාව ඉගෙනීමේ දී හා ඉගැන්වීමේ දී මුහුණපෑමට සිදු වන අභියෝග (තෝරා ගත් ජාත්‍යන්තර පාසලක සිසුන් හා ගුරුවරුන් ඇසුරෙන්) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account