සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තය හා බැඳුණු පාරම්පරික ඥානය පිළිබඳව මානව විද්‍යාත්මක හා ඓතිහාසික අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author සෙව්වන්දි, ආර්.එම්.එස්.
dc.date.accessioned 2023-10-17T04:55:34Z
dc.date.available 2023-10-17T04:55:34Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15073
dc.description.abstract ඉපැරණි ජනයාගේ බොහෝ වෘත්තීන් ශාක ආශ්‍රිත නිෂ්පාදන මුල් කරගෙන පැවති අතර කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය ඒ අතුරෙන් ප්‍රධාන වේ. ශ්‍රී ලංකාවේ ඉපැරණි ගැමි සමාජය තුළ මෙම පාරම්පරික කිතුල් කර්මාන්තය බහුලව පැවතිය ද විවිධ හේතු සාධක මත වර්තමානය වන විට සීමිත ප්‍රදේශ ගණනක් තුළ පමණක් ව්‍යාප්තව පවතින කර්මාන්තයක් බවට පත්ව ඇත. එලෙස අභාවයට යන සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තය හා බැඳී පවතින පාරම්පරික ඥානය හා වත්මන් තත්ත්වය කෙබඳු ද? යන ගැටලුව මුල් කර ගනිමින් මෙම අධ්‍යයනය සිදු කෙරිණි. කිතුල හා සම්බන්ධ පාරම්පරික ඥානය පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම අධ්‍යයනයේ මුඛ්‍ය පරමාර්ථය වූ අතර කිතුල් කර්මාන්තය හා බැඳුණු නිෂ්පාදන හා ඒ ආශ්‍රිත ක්‍රියාවලිය සොයා බැලීම මෙන්ම වර්තමාන කිතුල් කර්මාන්තකරුවන් මුහුණ දෙන ගැටලු හඳුනා ගැනීම සෙසු අරමුණු අතර විය. පුස්තකාල සමීක්ෂණය මගින් සාහිත්‍ය මූලාශ්‍ර පරිශීලනය මෙන්ම තෝරාගත් ප්‍රදේශවල සිදු කළ ක්ෂේත්‍ර අධ්‍යයනයන් මගින් කර්මාන්තකරුවන්ගේ දැනුම උකහා ගනිමින් මෙම පර්යේෂණය සඳහා අවශ්‍ය ගුණාත්මක සහ ප්‍රමාණාත්මක දත්ත රැස් කරනු ලැබිණි. අධ්‍යයන ප්‍රදේශය තුළ ද සීමිත ගම්මාන ගණනකට සීමා වී පවතින කිතුල හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සමග බද්ධ ව පවතින පාරම්පරික ඥාන සම්භාරය පිළිබඳ මෙම අධ්‍යයනයේ දී හඳුනාගත හැකි විය. එකම දිස්ත්‍රික්කය තුළ වුව ද ප්‍රදේශබද ව වෙනස් වන වාග් මාලාව, කිතුලක් තෝරා ගැනීමේ සිට කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තය දක්වා බැඳුණු ක්‍රියාවලිය, කිතුල හා බැඳි අභිචාර, කෙම් ක්‍රම, ආයුර්වේද වටිනාකම්, සාහිත්‍ය පිළිබඳ මෙන්ම සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තයට හා කර්මාන්තකරුවාට වර්තමානයෙහි මුහුණ දී ඇති අභියෝග පිළිබඳ මෙම පර්යේෂණය මගින් අනාවරණය කරගත හැකි විය. සාම්ප්‍රදායික ඥානය ගලා යාමේ දුර්වලතාවයක් පැවතීමත්, කෘතිම ආහාර වෙළඳපොළ ආක්‍රමණය කිරීම සහ නිෂ්පාදන ප්‍රමිතිය සම්බන්ධ ගැටලු මත අලෙවිය අවම වීම යන වෙළඳපොළ ආශ්‍රිත ගැටලු උද්ගතවීමත්, තරුණ පිරිස් කර්මාන්තයට යොමු වීමේ අවම සම්භාවිතාවයක් පැවතීමත්, තාක්ෂණික දියුණුවත් ආදී විවිධ හේතු සාධක රාශියක් බලපාන ලද බව පැහැදිලි විය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject අභියෝග en_US
dc.subject කිතුල් කර්මාන්තය en_US
dc.subject නිෂ්පාදන ක්‍රියාවලිය en_US
dc.subject පාරම්පරික ඥානය en_US
dc.title සාම්ප්‍රදායික කිතුල් කර්මාන්තය හා බැඳුණු පාරම්පරික ඥානය පිළිබඳව මානව විද්‍යාත්මක හා ඓතිහාසික අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account