20වන සියවසේ 3වන දශකයෙන් පසු ශ්‍රී ලාංකේය නර්තන කලාවේ විකාශනය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author මධුෂානි, එම්.ඩී.එම්.ඩී.
dc.date.accessioned 2023-10-17T05:33:04Z
dc.date.available 2023-10-17T05:33:04Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15080
dc.description.abstract ශ්‍රී ලාංකේය ජන සංස්කෘතිය හා බැඳි නර්තන කලාවේ තුළ පැහැදිලි ව්‍යාප්තියක් දක්නට ලැබුණේ වර්ෂ 1930 පසුවය. ලාංකේය නර්තන කලාවේ සැම අංශයක්ම පාහේ මේ සමයේ සංවර්ධනය වූ අතර නර්තනය නවතාවකින් යුතුව අර්ථාන්විත සංකලනයකින් ගොඩනැංවීම දේශීය නර්තන කලාවේ ඉදිරි පියවර උදෙසා හේතු පාදක වී ඇති බව පෙනේ. විසිවන සියවසේ තුන්වන දශකය හෙවත් 1930ට පෙර සිටි ජනයා වැඩි වශයෙන් සිය දායකත්වය ලබාදී ඇත්තේ බටහිර සාම්ප්‍රදායික නර්තන කලාවටය. මෙලෙස ලාංකේය ජනයා බටහිර සම්ප්‍රදායන්ට මූලිකත්වය ලබාදීමට ප්‍රධාන හේතුව වශයෙන් ඔවුන් සතුව පැවති සමාජ ආකල්ප පෙන්විය හැක. එනම් 1930 ට පෙර ජීවත් වූ ධනපති හා මධ්‍යම පාන්තිකයන් සිය ධනය, බලය පෙන්වීමට හැකි ප්‍රධාන බලවේගය බටහිර සාම්ප්‍රදායික නර්තන යැයි සිතා ඒහා එක්ව සිටි බව පෙනේ. එහෙත් මේ තත්ත්වය 1930 පසුව සම්පූර්ණයෙන්ම වෙනස් විය. ඒ 1930 දක්වාම රස වින්දනයට ලක්ව පැවති බටහිර නැටුම සිය ජීවිතයෙන් ඈත්කොට සිංහල සිරිත් විරිත්වලින් පරිපූර්ණ දේශීය නැටුම් කලාවට ඔවුන්ගේ දායකත්වය ලැබීමත් සමඟමය. ඒ අනුව විසිවන සියවසේ තුන්වන දශකයේ සිට සමාජ ආකල්පවල පැවති වෙනස්කම් නර්තන කලාවේ සංවර්ධනය උදෙසා කෙබඳු අයුරින් බලපා ඇත්ද? යන්න මෙහි පර්යේෂණ ගැටලුවයි. විසිවන සියවසේ තුන්වන දශකයෙන් පසු ශ්‍රී ලාංකේය නර්තන කලාවේ සිදුවූ විකාශනය කෙබඳු ආකාරයෙන් සිදුවීද යන්න අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයේ අරමුණ වෙයි. මෙම පර්යේෂණ අධ්‍යයනයට අවශ්‍ය දත්ත රැස් කිරීම උදෙසා පුස්තකාල සමීක්ෂණ ක්‍රමවේදය හා ක්ෂේත්‍ර අධ්‍යයනය උපයෝගී කර ගන්නා ලදී. එහිදී ප්‍රාථමික දත්ත හා ද්විතීයික දත්ත නිසි ආකාරව ප්‍රයෝජනයට ගන්නා ලදි. ක්ෂේත්‍ර අධ්‍යයනය ක්‍රමවේදය යටතේ නර්තනය පිළිබඳ ව හසළ දැනුමක් ඇති පුද්ගලයන් 30ක් සමඟ ගැඹුරු සම්මුඛ සාකච්ඡාවල නිරත වන ලදි. 1930 වසරට පෙර නර්තනය ලාංකේය සමාජයේ පැවතුණද එයට කිසිදු නීතිමය දායකත්වයක් නොතිබුණි. එහෙත් 1942 සිට රජයේ සමහර පාසල්වල විෂය මාලාවට නර්තනය එක් කිරීම, 1950 වසරේ නර්තන ගුරුවරුන් බොහෝ පිරිසක් බඳවා ගනිමින් විෂය නිර්දේශ සැකසීම, 1972 වසරේදී නර්තනය අනිවාර්ය විෂයක් ලෙස නම් කිරීම, 1975 අ.පො.ස සාමාන්‍යපෙළ විභාගයට සහ 1978දී අ.පො.ස උසස්පෙළ විභාගයේ විෂයක් බවට නර්තනය පත් කිරීම ආදියෙන් නර්තන කලාවේ සංවර්ධනය නිතැතින්ම සිදුව ඇත්තේ විසිවන සියවසේ තුන්වන දශකය පසුව බව පැහැදිලිව පෙනේ. දේශීය නර්තනයේ විකාශය වර්ෂ 1930 පසුව සිදුවීමට බලපෑ තවත් ප්‍රධාන සාධකයක් ලෙස ලාංකේය නර්තන කලාව හා බැඳී විදේශීය සබඳතා පෙන්විය හැක. එහිදී රබින්ද්‍රනාත් තාගෝර්තුමා 1930 සහ 1934 යන වර්ෂවලදී ලංකාවට පැමිණෙමින් ලංකාවේ දේශීය නර්තනය ස්ථාපිත කිරීමට හා දේශීය නර්තනය නවමු මාවතක් කරා ගමන් කරලීමට කටයුතු කිරීමෙන් තුළින් නර්තනයේ විකාශය ආරම්භ වූ අතර එය තව තවත් සංවර්ධනය වීමට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයන්ගෙන්ද මනා දායකත්වයක් ලැබී ඇති බව පැහැදිලි වේ. ඒ අනුව නර්තන කලාවේ සුවිශේෂ වූ සංවර්ධනයන් සිදු වූයේ විසිවන සියවසේ තුන්වන දශකයෙන් පසුව යන්න සනාථ වේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject කලාව en_US
dc.subject දේශීය නර්තතය en_US
dc.subject බටහිර සම්ප්‍රදාය en_US
dc.subject විද්‍යුත් මාධ්‍යය en_US
dc.subject සමාජ ආකල්ප en_US
dc.title 20වන සියවසේ 3වන දශකයෙන් පසු ශ්‍රී ලාංකේය නර්තන කලාවේ විකාශනය පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account