dc.contributor.author |
ගලප්පත්ති, එච්.පී.එන්.ඩී. |
|
dc.contributor.author |
තිලකරත්න, ටී.එස්.ඩී. |
|
dc.date.accessioned |
2023-10-18T03:22:10Z |
|
dc.date.available |
2023-10-18T03:22:10Z |
|
dc.date.issued |
2023-09-15 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15107 |
|
dc.description.abstract |
සමාජයේ මූලික ම තැනුම් ඒකකය ලෙස සැලකෙන පවුල සංකීර්ණ සමාජ සංස්ථාවක් ලෙස සමාජ පද්ධතිය තුළ පවතී. තවදුරටත් අර්ථ දක්වන්නේ නම් සර්ව විශ්වීය සමාජ සංස්ථාවක් වන පවුල සමාජය තුළ ගැවසෙන පුද්ගලයන් ඒකරාශී වී ජීවත්වන කුඩා ම ඥාතීත්ව ඒකකය ලෙස සරලව හැඳින්විය හැකි ය. වර්තමානයේ සංවර්ධනය වෙමින් පවතින ග්‍රාමීය සමාජ ව්‍යුහ තුළ ග්‍රාමීය කාන්තාව රැකියා සඳහා නගර කරා යාම සුලභ කරුණකි. ඒ හේතුවෙන් කාන්තාවට වූ සාම්ප්‍රදායික ගෘහස්ථ කාර්යයන් පදනම් කරගනිමින් පවුල තුළ කාන්තාවගේ භූමිකාව ගැටුම්වලට නිරන්තරයෙන් මුහුණ දෙන තත්ත්වයක් දැකගත හැකිවනු ඇත. ග්‍රාමීය කාන්තාවන් රැකියා සඳහා නගරවලට යාමෙන් ඔවුන්ගේ පවුල් සංස්ථාවන්ට ඇති වන බලපෑම විමර්ශනය කිරීම පර්යේෂණයේ ප්‍රධාන අරමුණයි. පර්යේෂණය සිදු කිරීමේ දී ගුණාත්මක හා ප්‍රමාණාත්මක ක්‍රමවේද ඒකාබද්ධ කරමින් මිශ්‍ර පර්යේෂණ ප්‍රවේශයක් භාවිත කරන ලදී. රැකියා සඳහා සංක්‍රමණය වූ ග්‍රාමීය කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන ලද අතර අදාළ දත්ත රැස් කිරීමේ දී ග්‍රාමීය පවුල් 12ක නියැඳියකට ප්‍රමාණාත්මක සමීක්ෂණයක් සිදු කරන ලදී. ග්‍රාමීය කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල් සංස්ථා සාමාජිකයන් සමග ඔවුන්ගේ අත්දැකීම් සංජානනය හා නිරීක්ෂණය කරන ලද වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරමින් ගැඹුරු සම්මුඛ සාකච්ඡා මගින් ගුණාත්මක දත්ත එක්රැස් කරන ලදී. මෙම පර්යේෂණය හරහා වැදගත් සොයා ගැනීම් කිහිපයක් අනාවරණය කළ හැකි විය. කාන්තාව රැකියාවක නිරත වීම පවුල් සංස්ථාවේ ආර්ථිකය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කළ ද ග්‍රාමීය කාන්තාවන් රැකියා සඳහා නගර කරා සංක්‍රමණය වීම පවුල් සංස්ථාවට අභියෝග ගෙන දී ඇති බව පර්යේෂණයෙන් හෙළි විය. එනම් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, දික්කසාද ඉහළ යාම, තනි දෙමාපිය පවුල් ඉහළ යාම නිර්මාණය වීම, සාඵල්‍යතා මට්ටමට අඩුවීම දැක්විය හැකිය. තව ද කාන්තාවන්ගේ සංක්‍රමණය බොහෝ විට පවුල් සංස්ථා තුළ බල ගතිකත්වය මාරුවීම්වලට තුඩු දුන් බව, කාන්තාවන් සඳහා තීරණ ගැනීමේ භූමිකාවන් වැඩි බව, සංක්‍රමණික කාන්තාවන් හා පවුල් සංස්ථා අතර පවතින අන්තර් සම්බන්ධය අවම වී ඇති බව සහ කාන්තාවන්ගේ සාම්ප්‍රදායික භූමිකා වෙනස් වී ඇති බව මෙම පර්යේෂණය ඔස්සේ අනාවරණය විය. එසේ ම දරුවන්ගේ සමාජානුයෝජනය, අධ්‍යාපනය, පෞරුෂය ගොඩ නැංවීම කෙරෙහි ඇති කරනු ලබන නිශේධනාත්මක බලපෑම ප්‍රධාන වන බව ද අනාවරණය විය. ග්‍රාමීය කාන්තාවන් රැකියා සඳහා නගරය කරා සංක්‍රමණය වීමෙන් ඔවුන්ගේ පවුල් සංස්ථාවට සිදුකරන බලපෑම පිළිබඳ ව කරනු ලැබූ අධ්‍යයනයේ දී ලබාගත් දත්තවලින් ග්‍රාමීය කාන්තාව රැකියා සඳහා නගරයට සංක්‍රමණය වීම විශේෂයෙන් ම න්‍යෂ්ටික පවුල තුළ ද්විත්ව කාර්යය සාධනයේ දී ඇයට අභියෝගයක් වන අතර ම එම තත්ත්වය පවුල් සංස්ථාවට අයහපත් ආකාරයේ බලපෑමක් සිදු කරන බව ද අනාවරණය වේ. මේ තත්ත්වය විස්තෘත පවුල් පසුබිමක් තුළ අවම බව ද පෙන්වා දිය හැකිය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . |
en_US |
dc.subject |
කාන්තා භූමිකාව |
en_US |
dc.subject |
ග්‍රාමීය කාන්තාව |
en_US |
dc.subject |
න්‍යෂ්ටික පවුල |
en_US |
dc.subject |
රැකියාව |
en_US |
dc.subject |
සංක්‍රමණය |
en_US |
dc.title |
ග්‍රාමීය කාන්තාවන් රැකියා සඳහා නගරයට සංක්‍රමණය වීම පවුල් සංස්ථාවට සිදුකරන බලපෑම |
en_US |
dc.type |
Article |
en_US |