dc.description.abstract |
මනෝ සමාජීය ගැටලු වශයෙන් අර්ථ දක්වන්නේ සමාජීය ගැටලු නිසා උද්ගත වන වූ මානසික රෝග හෙවත් ගැටලුයි. මිනිසාගේ සිතෙහි හෝ චිත්තවේගවල හෝ චෛතසිකවල හෝ කායික-වාචසික ක්‍රියාකාරකම් තුළ හෝ ඇති වන අසාමාන්‍යබව හෝ මානසික ඌනතාව හෝ මානසික පරිහානිය නැතහොත් මානසික ආබාධිත තත්ත්වය මනෝ රෝග වේ. සමාජීය ගැටලු රාශියක් මේ හා සම්බන්ධව හඳුනාගෙන ඇති අතර ආර්ථික ප්‍රශ්න, ප්‍රේම සබඳතා බිඳ වැටීම්, මිත්‍ර සබඳතා ගැටලු, අධ්‍යාපන ගැටලු යනාදිය ඒ අතර වේ. සියලුම ආකාරයේ මනෝ සමාජීය ගැටලුවලට ලොව පුරා තරුණ ප්‍රජාව මුහුණ දෙයි. එහි දී විශේෂයෙන් ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාවගේ මනෝ සමාජ ගැටලු අවම කිරීම සඳහා අදාළ කර ගත හැකි බෞද්ධ මනෝවිද්‍යාත්මක ඉගැන්වීම් තිබේ ද? යන්න අධ්‍යයනය කරනු ලැබිණි. මෙම මනෝ සමාජීය ගැටලුවලට ප්‍රතිකාර ලබා දීම සම්බන්ධයෙන් මනෝවිද්‍යාවේ බොහෝ ක්‍රම උපයෝගී කර ගත හැකිය. එලෙස බෞද්ධ මනෝ විද්‍යානුකූලව ද මනෝ සමාජීය ගැටලු සඳහා ප්‍රතිකාර ක්‍රම ලබා දීමට හැකි වනවා සේම ප්‍රධාන වශයෙන් උපදේශනය තුළින් එම මනෝ සමාජීය ගැටලු ඇති වීම වළක්වා නිවැරදි දිවියකට ඇවැසි උපදේශනය ද ලබා දිය හැකි බව මනාව පැහැදිලි කර ගත හැකිය. බෞද්ධ මනෝවිද්‍යාව යනු මනස පිළිබඳ බෞද්ධ ඉගැන්වීමට අනුව අධ්‍යයනය කරන විෂය ඒකකයකි. ඒ අනුව ගත් කළ එහි ඇති මනෝ ප්‍රතිකාර පාදක කරගෙන එම ගැටලු අවම කර ගත හැකිය. ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාවගේ මනෝ සමාජීය ගැටලු හඳුනාගෙන ඒවාට බෞද්ධ මනෝ විද්‍යාත්මකව පිළියම් ඉදිරිපත් කිරීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණු විය. මේ සඳහා මානසික සෞඛ්‍ය විද්‍යායතනයට ගොස් එහි මනෝ වෛද්‍යවරුන් සමඟ සම්මුඛ සාකච්ඡා පැවැත්වීම, මනෝ රෝග සම්බන්ධ පොත්, සඟරා, ලිපි, අන්තර්ජාලය පරිශීලනය යන ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේද යොදා ගැනිණි. මෙහිදී තරුණ ප්‍රජාවට වර්තමානයේ මනෝ සමාජීය ගැටලු ඇති වීමට මූලිකවම හේතු වන්නේ මානසික යහපත් ගුණාංගයන් පුරුදු පුහුණු කර නොතිබීම, ගැටලුවලට නොබියව මුහුණ නොදීම ආදියයි. එම නිසා ඔවුන්ගේ ජීවිත හානි පවා සිදු වීමේ අවධානමක් පවතී. එබැවින් මනෝ සමාජීය ගැටලු අවම කර යහපත් ගුණාංග හා ප්‍රශ්නවලට නිවැරැදිව මුහුණ දීමට ඇවැසි සාධක දියුණු කර ගැනීමෙන් යහපත් අනාගතයක් ඔවුන්ට උරුම වන බව මෙමගින් නිගමනය කළ හැකිය. |
en_US |