අධිස්වභාවික වත් පිළිවෙත් මගින් ලෙඩරෝග සුව කර ගැනීමට ප්‍රවේෂ වීම පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author සෙව්වන්දි, එස්.ජී.ඕ.එම්.
dc.contributor.author වීරසිංහ, කේ.ඩී.එස්.එල්.
dc.date.accessioned 2023-10-19T03:59:49Z
dc.date.available 2023-10-19T03:59:49Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15162
dc.description.abstract ප්‍රතිකාර අපේක්ෂිත චර්‍යාව මත පදනම්ව කරුණු විශ්ලේෂණය කිරීමේ දී ඒ සදහා පදනම් වන ක්ෂේත්‍ර කිහිපයක් ලෙස පෙරදිග හා බටහිර වෛද්‍ය ක්‍රමය සහ අධිස්වභාවික වත්පිළිවෙත් හදුනාගත හැකි ය.එසේ අධිස්වභාවික වත් පිළිවෙත් කෙරෙහි පුද්ගලයා යොමුවන්නෙ ඇයි ? යන ප්‍රශ්නය මත පදනම්ව ගුණාත්මක ප්‍රවේශයට අනුව පුද්ගලයන් 30 දෙනෙකු අරමුණු සහගත නියැදිය ඔස්සේ යොදාගත් අතර ප්‍රාථමික හා ද්වීතියික දත්ත භාවිතයෙන් පර්යේෂණය සිදු කරන ලදි. අධ්‍යයන ප්‍රදේශය ලෙස දකුණු පළාතේ මාතර නගර සභාවේ පිහිටි මාතර බෝධිය යොදා ගත් අතර සාහිත්‍ය පසුබිම විමර්ශනය කිරීමේ දී සංකල්ප හා පූර්ව අධ්‍යයන කෙරෙහි අවධානය යොමු කරන ලදි. පර්යේෂණය තුළින් අනාවරණය වූ මූලික කාරණය ලෙස පුද්ගලයා අධිස්වභාවික වත්පිළිවෙත් කෙරෙහි යොමු වීමට වැඩිහිටි පුද්ගලයන් අනුකරණය කිරීම බලපා ඇති බව අනාවරණය විය. නියැදියෙහි සැලකිය යුතු ප්‍රමාණයක් වෙනත් පුද්ගලයන් එනම් පවුලේ හෝ ළඟම හිතවතුන් රෝගී වීම තුළ එම පුද්ගලයන්ට අවශ්‍ය අධ්‍යාත්මික සුවය උදෙසා පැමිණ සිටීමෙන් තවමත් මෙවැනි බලවේග පිළිබඳව සමාජය තුළ ඇති විශ්වාසය පෙන්වයි.රෝගී වීම හරහා සමාජය තුළ පුද්ගලයා සමාජ කැලැල හෙවත් සෝශල් ස්ටිග්මා යන තත්ත්වයට පත්වන අවස්ථා පවතී. එනම් වෙන්කොට සැලකීමක් දක්නට ලැබේ. එම කාරණය මත පුද්ගලයාට වන මානසික පීඩනය අවම කර ගැනීම උදෙසා ද, පුද්ගලයා අධිස්වභාවික වත් පිළිවෙත් කෙරෙහි යොමු වේ. අවසාන වශයෙන් නිගමනය කළ හැකි වන්නේ රෝගීත්වය නම් කාරණයේ දී රෝගීත්වය හා අධිස්වභාවික වත්පිළිවෙත් අතර අන්තර් සම්බන්ධතාවයක් පවතින බව ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject අධිස්වභාවික වත් පිළිවෙත් en_US
dc.subject අනුකරණය en_US
dc.subject ප්‍රතිකාර පරිහරණ රටාව en_US
dc.subject රෝගීත්වය en_US
dc.title අධිස්වභාවික වත් පිළිවෙත් මගින් ලෙඩරෝග සුව කර ගැනීමට ප්‍රවේෂ වීම පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account