dc.description.abstract |
වසර තුන්දහසක තරම් ඈත අතීතයක සිට මෙරට පැවත එන පතල් කර්මාන්තයේ ඇදහිලි, විශ්වාස, වත්පිළිවෙත්, පද්ධතියක් බැඳී පවතින බව පැහැදිලි ය. එය විවිධාකාර වෙනස්කම් මැදින් වර්තමානයේ ද ප්‍රචලිතව පවතින අතර ප්‍රධාන ජන ජීවනෝපායක් ලෙස ද පවත්වාගෙන යනු ලබයි. පතල් කර්මාන්තයේ කේන්ද්‍රස්ථානය ලෙස රත්නපුර දිස්ත්‍රික්කය හැඳින්විය හැකි ය. රත්නපුර, නිවිතිගල, පැල්මඩුල්ල, බලංගොඩ, කලවාන, රක්වාන, කුරුවිට, ආදි සබරගමු පළාතේ පිහිටි විවිධ ප්‍රදේශවල පතල් කර්මාන්තය මහා පරිමාණ වශයෙන් ක්‍රියාත්මක වේ. තට්ටු පතල්, ගොඩ පතල්, දෝනා පතල්, සහ යාන්ත්‍රික පතල් ලෙස විවිධාකාර පතල් වර්ග පවතියි. මෙසේ ව්‍යාප්ත වී පවතින පතල් කර්මාන්තයට ආවේණික වූ උපසංස්කෘතියක් පවතී. භාවිත වචන, හැසිරීම, යාගහෝම, සිරිත් විරිත්, විශ්වාස, ආදි පුළුල් පරාසයක විහිදුණු සංස්කෘතියක් පතල් කර්මාන්තය හා බැඳෙයි. මෙම කර්මාන්තයේ අන්තර්ගත ජන විශ්වාස පිළිබඳ අධ්‍යයනය කිරීම මෙම පර්යේෂණයෙන් සිදු වේ. පතල් කර්මාන්තය හා සම්බන්ධ ජන විශ්වාසවල ස්වරූපය කෙබඳු ද යන්න විමසා බැලීම මෙම පර්යේෂණයේ ගැටලුවයි. මෙම අධ්‍යයනයේ මුඛ්‍ය අරමුණු වූයේ පතල් කර්මාන්තය හා සම්බන්ධ ජන විශ්වාස පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම හා ඒ මත බිහිව ඇති වත්පිළිවෙත්වල පතල්කරුවන් ප්‍රායෝගිකව නිරත වන ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ය. රත්නපුර දිස්ත්‍රික්කය පුරා විසිරී පවතින පතල් කර්මාන්ත අතරින් බලංගොඩ ප්‍රදේශයේ පවතින පතල් කර්මාන්තය හා බැඳි ජන විශ්වාස අධ්‍යයනය කිරීම පර්යේෂණ සීමාව වේ. |
en_US |