dc.description.abstract |
ජන නාට්‍ය කලාව මානව අනුභූති අභිනයෙන් ප්‍රේක්ෂකයාට සම්ප්‍රේෂණය කරන කලා මාධ්‍යයකි. 19 වන සියවස දක්වා දිවයිනේ උඩරට, පහතරට සහ උතුරු ප්‍රදේශවල ජනප්‍රිය කලාංගයක් ලෙස ප්‍රචලිත ව පැවති ජන නාට්‍ය වර්තමානයේ දී අධ්‍යයන විෂයකට පමණක් සීමා වී ඇත. සොකරි, කෝලම්, රූකඩ, නාඩගම්, කූත්තු වැනි ජන නාට්‍ය වර්තමානය වන විට බෙහෙවින් අභාවිත ය. චීන ජන නාට්‍ය කලාව එරට සංචාරක ව්‍යාපාරයෙහි ප්‍රබල ආකර්ෂණයකි. ලාංකේය ජන නාට්‍ය ද සංචාරක ආකර්ෂණ මාධ්‍යයක් ලෙස භාවිත කිරීමේ විභවතාවක් පවතී. සංචරණය සහ ජන නාට්‍ය කලාව ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වර්ධනය අරබයා භාවිත කරගන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කිරීම මෙහි අරමුණයි. මිරිස්ස උඩුපිළ, රිදීමාලියද්ද, අම්බලන්ගොඩ, උඩරට ඇතැම් ප්‍රදේශවල ද අනුරාධපුර, කුරුණෑගල වැනි ප්‍රදේශවල ද ග්‍රාමීය මට්ටමින් ජන නාට්‍ය රඟ දැක්වෙයි. චීනයේ ෂැන්හයි, සිචුවාන්, හාර්බින් ආදි ප්‍රධාන නගර ආශ්‍රිත ව ජන නාට්‍ය රංගන ශාලා පිහිටුවා ඇති අතර වාර්ෂික ව දහස් සංඛ්‍යාත සංචාරකයන් මේවා නැරඹීමේ අදිටනින් ම පැමිණෙයි. චීනය සේ ම සංචාරක ව්‍යාපාරයේ අභිවෘද්ධිය සඳහා ජන නාට්‍ය භාවිතයෙන් ශ්‍රී ලාංකේය අනන්‍යතාව, සංස්කෘතික ප්‍රෞඪත්වය ලෝකයාට විවර කරලීමටත්, ඉන් ආර්ථීකයට දායකත්වයක් ලබාගැනීමටත් හැකි විභවතාවක් ශ්‍රී ලංකාවේ ද පවතින බව මෙම අධ්‍යයනයෙන් අනාවරණය වෙයි. |
en_US |