අභිලේඛන මුලාශ්‍රය මගින් හෙළිවන පුරාතන ලංකාවේ නාවිකයන් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්.

Show simple item record

dc.contributor.author සමරතුංග, පී.එන්.එම්.
dc.contributor.author නැලිගම, එන්.එස්.යූ.
dc.contributor.author කුමාර, එම්.ඒ.ප්‍රසාද්
dc.date.accessioned 2023-11-23T06:09:37Z
dc.date.available 2023-11-23T06:09:37Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15609
dc.description.abstract ශ්‍රී ලංකාව ක්‍රි.පු. 2 වන සියවසේ සිට ම වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් ප්‍රසිද්ධ වීමත් දිවයිනෙන් රතු මැණික්, ඇත් දත්, පිට රටට යැවූ බවත් මෙගස්තිනී හා ටොලමි ආදීන්ගේ ප්‍රකාශනවලින් තහවුරු වේ. එමෙන් ම මෝසම් සුළං සංවහන රටාව නාවික ගමනාගමනයට එකතු වීමෙන් ප්‍රාදේශීය හා මහද්වීපික වාණිජ දේශපාලන සංස්කෘතික සබඳතා වර්ධනය වන්නට හේතු විය. මේ අනුව ලංකාවේ ඓතිහාසිකව පැවති නාවික සබඳතා පිළිබඳ අධ්‍යයනය කිරීම ලේඛනගත තොරතුරු හා පුරාවිද්‍යාත්මක සාධක මගින් තහවුරු කළ හැකි ය. උක්ත පර්යේෂණය මගින් අභිලේඛන සාධක උපයෝගී කරගනිමින් පුරාතන ලංකාවේ නාවිකයන් පිළිබඳ කරුණු විමර්ශනාත්මක ව අධ්‍යයනය කරනු ලැබේ. එනම් සමකාලීන සමාජයේ නාවික කටයුතු හා ජාත්‍යන්තර සබඳතා (දුත මෙහෙයන්) වෙළඳ ආර්ථික කටයුතු සිදු කිරීම සඳහා නාවිකයන් කෙබඳු දායකත්වයක් දක්වා ඇත් ද යන්න අධ්‍යයනය කිරීම පර්යේෂණයේ ගැටලුව වේ. මේ සඳහා අභිලේඛන මුලාශ්‍රය ආශ්‍රයෙන් තොරතුරු විමර්ශනය කරමින් ඉදිරිපත් කිරීම අධ්‍යයනයේ අරමුණ වේ. මේ සඳහා ආඬියාගල ලෙන් ලිපිය, අනුරාධපුර අභයගිරි ගල් කුලක ලිපිය, දුවේගල ලෙන් ලිපිය, හඳගල ලිපිය, භගවා ලෙණේ ලිපිය, පරමාකන්ද ලිපිය, අභයගිරි දාගැබ් මළුවේ ලිපිය ආදි අභිලේඛන පාදක කරගන්නා ලදී. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject අභිලේඛන සාධක en_US
dc.subject නාවිකයන් en_US
dc.subject පුරාණ ලංකාව en_US
dc.subject වරායන් en_US
dc.title අභිලේඛන මුලාශ්‍රය මගින් හෙළිවන පුරාතන ලංකාවේ නාවිකයන් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්. en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account