දකුණු කොරියාවට සිදු වන පුරුෂ ශ්‍රම සංක්‍රමණය කුටුම්භ සංවර්ධනය කෙරෙහි දක්වන දායකත්වය: අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරෙන

Show simple item record

dc.contributor.author පත්මතුංග, ආර්.කේ.කේ.ටී.පී.
dc.date.accessioned 2023-11-27T04:32:18Z
dc.date.available 2023-11-27T04:32:18Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15629
dc.description.abstract ලොව බොහෝ රටවල සමාජ ආර්ථික තත්ත්වය කෙරෙහි ජන සංක්‍රමණ විශාල බලපෑමක් සිදු කරන බව හඳුනාගත හැකි ය. ඒ අනුව සංක්‍රමණ යනු, “පුද්ගලයාගේ සාමාන්‍ය පදිංචි ස්ථානයේ වෙනසක් ඇති කරවන පැහැදිලි භූගෝලීය ඒකක අතර සිදුවන භූගෝලීය හෝ අවකාශීය සංචලනතා සංක්‍රමණ නමින් හඳුන්වයි.” (එක්සත් ජාතීන්ගේ සංවිධානය, 1993). එමෙන් ම සංක්‍රමණ කෙරෙහි බලපාන සාධක පුළුල් ව විග්‍රහ කිරීමේ දී භෞතික, ආර්ථීක, සමාජීය හා සංස්කෘතික යන අංශ මත හඳුනාගැනීමට හැකියාව ඇත. ඒ අනුව මේ සඳහා බලපාන සාධක දෙකක් Everet Lee විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එනම්, ඇද ගැනීමේ සාධක හා තල්ලු කිරීමේ සාධක වශයෙනි. 1977න් පසු ව රැකියා සොයා විශාල සංඛ්‍යාවක් බටහිර රටවලට සංක්‍රමණය වීම හඳුනා ගැනීමට හැකියාව පවති. ආරම්භයේ දී කාන්තා සංක්‍රමණය ඉහළ අගයක පැවති අතර පසුව එම සංක්‍රමණය සීමා කිරීමට රජය කටයුතු කිරීමත් සමග පුරුෂ සංක්‍රමණය කාන්තා සංක්‍රමණය අභිභවා ඉහළ යන ලදී. ඒ ආකාරයට ගොඩනැගුන පුරුෂ සංක්‍රමණය තුළ වර්තමානයේ බහුල ව හඳුනාගත හැකි සංක්‍රමණ රටාවක් ලෙස දකුණු කොරියාවට සිදු වන පුරුෂ ශ්‍රම සංක්‍රමණය පෙන්වා දිය හැකි ය. මෙම සංක්‍රමණය මගින් ආර්ථීක අංශය වර්ධනයට මෙන් ම කුටුම්භ සංවර්ධනයට ද ධනාත්මක හා ඍණාත්මක වශයෙන් බලපෑම් එල්ල කර ඇත. මෙම අධ්‍යයනයේ පර්යේෂණ ගැටලුව බවට පත් වූයේ දකුණු කොරියාවට සංක්‍රමණය වීම කුටුම්භ සංවර්ධනය කෙරෙහි කවරාකාරයෙන් දායක වී තිබේ ද යන්න විමර්ශනය කිරීම යි. වර්තමාන විදෙස් සංක්‍රමණයේ නව පැතිකඩක් ලෙස දකුණු කොරියාවට සිදුවන පුරුෂ ශ්‍රම සංක්‍රමණය කුටුම්භ සංවර්ධනය කෙරෙහි දක්වන දායකත්වය අධ්‍යයනය කිරීම මෙම අධ්‍යයනයේ මූලික අරමුණ විය. මෙම අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා පහත අරමුණු පිළිබඳ අවධානය යොමු කරන ලදී. එනම්, (i) දකුණු කොරියාවට සංක්‍රමණය වන සංක්‍රමණිකයන්ගේ පැතිකඩ හඳුනාගැනීම, (ii) දකුණු කොරියාවට සිදුවන පුරුෂ ශ්‍රම සංක්‍රමණය කෙරෙහි බලපාන හේතු අධ්‍යයනය කිරීම සහ (iii) දකුණු කොරියාවට සිදුවන පුරුෂ ශ්‍රම සංක්‍රමණය ආශ්‍රිත ගැටලු හඳුනාගැනීම යනාදියයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject විදේශ විනිමය en_US
dc.subject විරැකියාව en_US
dc.subject ශ්‍රම සංක්‍රමණය en_US
dc.title දකුණු කොරියාවට සිදු වන පුරුෂ ශ්‍රම සංක්‍රමණය කුටුම්භ සංවර්ධනය කෙරෙහි දක්වන දායකත්වය: අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ඇසුරෙන en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account