අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුළ කෘෂි රසායනික ද්‍රව්‍ය අනාරක්ෂිතව හා නොසැලකිලිමත්ව පරිහරණය කිරීම නිසා උද්ගතව ඇති සෞඛ්‍යය හා පාරිසරික බලපෑම පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author වික්‍රමසිංහ, ආර්.ඩී.කේ.
dc.contributor.author මධුශානි, ජේ.ඒ.ටී.
dc.date.accessioned 2023-11-27T05:37:06Z
dc.date.available 2023-11-27T05:37:06Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15631
dc.description.abstract කෘෂිකර්මාන්තය යනු ලෝකයේ වැඩි ම ජන කොටසක් නිරතව සිටින සහ ලෝක ආර්ථිකයේ සෑම අංශයක් සමග ම බද්ධ වූ ආර්ථික කටයුත්තකි. ලොව සාගිනි තත්ත්වය අවම කරමින් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීම මූලික කරගනිම්න් දියත් කළ කෘෂි විප්ලව වැඩසටහන හරිත විප්ලය ලෙස හඳුනාගත හැකි ය. එහි නිල නාමය වන්නේ “කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ප්‍රකාශික ලෝක සැලැස්ම”යන්න ය (ධර්මවර්ධන,2003). හරිත විප්ලවයෙන් කෘෂි නිෂ්පාදන සැලකිය යුතු මට්ටමින් වර්ධනය කර බලාපොරොත්තු වූ ඉලක්කගත අරමුණු කරා ළගාවීමට නොහැකි බව වටහාගත් පසුව ඊට ප්‍රධාන විසඳුමක් ලෙස 20 වන සියවසේ වැදගත් ම සොයාගැනීම ලෙස ජාන ඉංජිනේරු තාක්ෂණය හදුන්වා දෙන්නට විය. හරිත විප්ලවය මගින් දියුණු වූ නිෂ්පාදන ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය ප්‍රධාන වේ. පූර්ව හරිත විප්ලව සමයට සාපේක්ෂව වර්තමානයේ කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතය සැලකිය යුතු මට්ටමකින් ඉහළ ගොස් පවතී. ශ්‍රී ලංකාවට 2015 වර්ෂයේ දී කෘමිනාශක මෙ. ටො. 1759ග06ක්ද, වල්නාශක මෙ. ටො. 2862ග74ක්ද, දිලීරනාශක මෙ. ටො. 1233.8ක් පමණ ද ආනයනය කර ඇත (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, 2015). කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතයේ දී අනුමත ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමට නොපෙලඹෙන බව හඳුනාගත හැකි ය. එම තත්ත්වය නිසා මිනිස් ශරීරයට මෙන් ම පාරිසරික වශයෙන් විවිධ බලපෑම් පවතී. අධ්‍යයන ප්‍රදේශය ආශ්‍රිත ව කෘෂි රසායනික ද්‍රව්‍ය ය භාවිතයේ දී වර්තමානයේ පවතින බලපෑම විමසා බැලීම මෙම අධ්‍යයනයේ මූලික අරමුණ වන අතර සෙසු අරමුණු ලෙස එය අවම කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග කවරේ ද යන්න සොයා බැලීම දැක්විය හැකි ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject අනාරක්ෂිත බව en_US
dc.subject අම්පාර en_US
dc.subject කෘෂි රසායනික ද්‍රව්‍යය en_US
dc.subject සෞඛ්‍යමය හා පාරිසරික බලපෑම් en_US
dc.title අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තුළ කෘෂි රසායනික ද්‍රව්‍ය අනාරක්ෂිතව හා නොසැලකිලිමත්ව පරිහරණය කිරීම නිසා උද්ගතව ඇති සෞඛ්‍යය හා පාරිසරික බලපෑම පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account