ජනගහන වර්ධනය හේතුවෙන් හොරණ නගර සභා බලප්‍රදේශයේ ගොඩ නැගී ඇති නාගරික ගැටලු සහ අභියෝග

Show simple item record

dc.contributor.author නවෝද්‍යා, ඒ.එම්.එන්.
dc.contributor.author චතුරිකා, අයි.එච්.ටී.
dc.date.accessioned 2023-11-27T05:45:54Z
dc.date.available 2023-11-27T05:45:54Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15632
dc.description.abstract වර්තමානයේ දී ස්වාභාවික සම්පත් අතර ඉහළ ම ඉල්ලුමක් භූමිය කෙරෙහි ඇත්තේ එය සීමාකාරී සම්පතක් නිසා ය. ගෝලීය ජනගහනය ශීඝ්‍රයෙන් වර්ධනය වීමත් සමඟ භූමිය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල වී ඇත. ජනගහන වර්ධනයට සාපේක්ෂව භූමිය ප්‍රසාරණයවීමක් සිදු නොවීම මෙහි දී පවතින ගැටලුව වේ. මෑත කාලයේ සංවර්ධනය වෙමින් පවතින රටවල නාගරික ප්‍රදේශ ආශ්‍රිත ව වැඩි ජන සංඛ්‍යාවක් ඒකරාශිවීම හඳුනාගත හැකි ය. එයට ප්‍රධානතම හේතුව මෙවැනි රටවල්වල ප්‍රාදේශීය සංවර්ධනය දුර්වල මට්ටමක පැවතීමයි. එවැනි රටක් ලෙස ශ්‍රී ලංකාවේ ජනගහන වර්ධනය හා නාගරික ජන සංකේන්ද්‍රණය වීමත් සමග දක්නට ලැබෙන ගැටලු හා අභියෝගයන් රැසක් ඇත. මේ තත්ත්වය පැහැදිලි ලෙස දක්නට ලැබෙන නගරයක් ලෙස හොරණ හඳුන්වා දිය හැකි ය. කළුතර හා කොළඹ යන ප්‍රධාන නගරවලට අතරමැදිව පිහිටි මංසන්ධි නගරයක් ලෙස මෙම නගරය වැදගත් වේ. හොරණ කලාපය තුළ වර්තමානයේ දී සැලකිය යුතු ආකාරයෙන් නාගරිකරණය වීම හේතුවෙන් දෛනික සංචරණය වර්ධනය වී ඇත. මෙම අධ්‍යයනයේ දී අධ්‍යයන අරමුණු ලෙස ජන සංඛ්‍යාව වැඩි වශයෙන් නාගරික කලාප වෙත සංකේන්ද්‍රණය වන්නේ කුමන හේතු නිසා ද? යන්න අධ්‍යයනය කිරීමත්, ජන සංඛ්‍යාව වර්ධනය වීම නිසා නාගරික කේන්ද්‍රයන් තුළ ගොඩනැඟෙන්නා වූ අභියෝග හා ගැටලු කවරේ ද? යන්න අධ්‍යයනය කිරීමත්, එම ගැටලු හා අභියෝග හොරණ නගරයේ භෞතික හා මානව සාධක කෙරෙහි කුමන ආකාරයෙන් බලපෑම් කරන්නේ ද යන්න හඳුනාගැනීමත් සිදු වෙයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject ජනගහන වර්ධනය en_US
dc.subject නාගරික ගැටලු en_US
dc.subject හොරණ නගර සභා බල ප්‍රදේශය en_US
dc.title ජනගහන වර්ධනය හේතුවෙන් හොරණ නගර සභා බලප්‍රදේශයේ ගොඩ නැගී ඇති නාගරික ගැටලු සහ අභියෝග en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account