dc.contributor.author |
රත්නායක, ආර්.එම්.එස්.එම්. |
|
dc.date.accessioned |
2023-11-27T05:53:08Z |
|
dc.date.available |
2023-11-27T05:53:08Z |
|
dc.date.issued |
2019-09-27 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15633 |
|
dc.description.abstract |
ශ්‍රී ලංකාවේ වියළි කලාපයට ලැබෙන ජලය සීමා වීමෙන් ජනතාව නිරන්තර ජල ගැටලුවකට මුහුණ දෙයි. ජලය ක්‍රමවත් ව හා විධිමත් ව භාවිතයට ගැනීමත්, සීමිත ජල ප්‍රමාණයක් ගබඩා කිරීම ට සහ ක්‍රමානුකූල ව බෙදා හැරීමත් ජල කළමනාකරණය මගින් සිදු කර ඇත. මේ සඳහා විවිධ උපායමාර්ගවල වෙනස්කම් සිදු වුව ද අතීතයට සාපේක්ෂව වර්තමානයේ ද ජල කළමනාකරණ ක්‍රම භාවිත වේ. ජලය කළමනාකරණය කිරීමේ දී ගොවිහු විවිධ ගැටලුවලට මුහුණපාති. අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හිමිදුරාව මහා වාරිමාර්ගය යටතේ හිමිදුරාව ග්‍රාමය ද මහකණ්ඩිය කුඩා වාරිමාර්ගය යටතේ මහකණ්ඩිය ග්‍රාමය ද අධ්‍යයන ප්‍රදේශය ලෙස තෝරාගනිමින් මෙම අධ්‍යයනය සිදු කරන ලදී. ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ වාරිමාර්ග ආශ්‍රිත ජල කළමනාකරණ උපායමාර්ගවල කාලීන වෙනස්කම් සහ ජල කළමනාකරණයේ දී ගොවීන් මුහුණදෙන ගැටලු මොනවාද? කුඩා වාරිමාර්ග සහ මහා වාරිමාර්ග ආශ්‍රිත ජල කළමනාකරණ උපායමාර්ගවල කාලීන වෙනස්කම් මොනවා ද? යන්න අධ්‍යයන ගැටලු ලෙස දැක්විය හැකි ය. වාරිමාර්ග ආශ්‍රිත ජල කළමනාකරණ උපායමාර්ග භාවිතයන්හි අතීත වර්තමාන වශයෙන් වෙනසක් දක්නට ලැබේ. එම වෙනස්කම් කුඩා වාරිමාර්ග හා මහා වාරිමාර්ග අතර ද පැහැදිලිව හඳුනාගත හැකි ය. මුර ක්‍රම ඔස්සේ ජලය ලැබීමට සිදුවීම, සෑම කන්නයක ම වගාකළ නොහැකි වීම, යෙදවුම් පැකේජයක් ලෙස ජලය අනිවාර්ය වීම, වාරිමාර්ග ආශ්‍රිත ගැටලු වැනි විවිධ ගැටලුවලට ගොවීන් මුහුණ පා ඇත. ගොවි සහභාගීත්වයෙන් මෙන් ම ආයතනික මැදිහත්වීමෙන් මෙම ගැටලු විසඳාගැනීමට අවශ්‍ය වේ. එබැවින් ගොවීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීම සහ ප්‍රජා සහභාගීත්ව වැඩ සටහන් කාර්යක්ෂම අයුරින් සිදු කළ යුතු ය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
ගොවියා මුහුණදෙන ගැටලු |
en_US |
dc.subject |
ජල කළමනාකරණය |
en_US |
dc.subject |
ජල භාවිතය |
en_US |
dc.subject |
වාරිමාර්ග |
en_US |
dc.title |
අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වාරිමාර්ග ආශ්‍රිත ජල කළමනාකරණ උපාය මාර්ගයන්හි කාලීන වෙනස්කම් සහ ජල කළමනාකරණයේ දී ගොවීන් මුහුණදෙන ගැටලු පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |