dc.contributor.author |
ජයලාල්, පී.එල්.පී. |
|
dc.date.accessioned |
2023-11-27T10:18:01Z |
|
dc.date.available |
2023-11-27T10:18:01Z |
|
dc.date.issued |
2019-09-27 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15644 |
|
dc.description.abstract |
දර්ශනය පෙරදිග හා අපරදිග යනුවෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කර අධ්‍යයනය කරයි. මෙම පරීක්ෂණය පෙරදිග දර්ශනය කේන්ද්‍ර කර ගනිමින් සිදු කරයි. පෙරදිග දර්ශනයේ කේන්ද්‍රස්ථානය වශයෙන් සැලකෙන භාරතය හෙවත් ඉන්දියාව තුළ උත්පාදනය වූ යෝග දර්ශනය සම්බන්ධයෙන් මෙහි දීි අවධානය යොමු කර ඇත. ෂඩ් දාර්ශනික ගුරුකුලවලට අයත් සම්ප්‍රදාය හයක් අතරට මෙම යෝග දර්ශනය ද අයත් වේ. එකී ෂඩ් දර්ශනයේ සාංඛ්‍ය හා යෝග වශයෙන් දෙකක් පවතින අතර සාංඛ්‍ය දර්ශනය යෝගවල න්‍යායාත්මක පදනම වේ. යෝග දර්ශනය එහි ප්‍රායෝගික පැතිකඩ වේ. මෙම යෝග දර්ශනය සම්බන්ධයෙන් ද බොහෝ දාර්ශනික පදනම් ඉදිරිපත් වී ඇති අතර, මෙම පර්යේෂණයේ දී මූලික අවධානය යොමු වන්නේ පතඤ්ජලී යෝග දර්ශනය පිළිබඳවයි. දාර්ශනික විෂය ක්‍ෂේත්‍රය තුළ අධ්‍යයනය කරනු ලබන මාතෘකාවක් වශයෙන් මනස පිළිබඳ අධ්‍යයනය හඳුන්වා දිය හැකි ය. බොහොමයක් පෙරදිග දර්ශනවල මනස පිළිබඳ විවිධාකාර අදහස් ඉදිරිපත් කර ඇති අතර මෙම පරීක්ෂණයේ අධ්‍යයන ක්‍ෂේත්‍රය මගින් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කෙරෙන්නේ යෝග දර්ශනය මගින් සිත විවරණය කර ඇති ආකාරය අධ්‍යයනය කිරීමට ය. මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා මූලික වශයෙන් ගොඩ නගාගත් උපන්‍යාසය වන්නේ, මනස නිසි ලෙස පාලනය කර පංචේන්ද්‍රිය ම එයට නතු කර ගනිමින් කායික හා මානසික නිරෝගීභාවයක් මෙන් ම ආධ්‍යාත්මික ගුණ වර්ධනයට අවැසි මනෝවිද්‍යාත්මක හා ප්‍රායෝගික මාර්ගෝපදේශනයක් යෝග දර්ශනයේ අන්තර්ගත වන බවයි. මෙම අධ්‍යයනයේ පරීක්ෂණ ගැටලුව වශයෙන් යොදා ගන්නේ යෝග දර්ශනයේ මනස පිළිබඳ ඉගැන්වීම්වල ස්වභාවය කුමක් ද? යන්න සොයා බැලීම ය.මෙම පර්යේෂණයේ අරමුණු කීපයක් ද දැක්විය හැකි ය. යෝග දර්ශනය සම්බන්ධයෙන් මෙන් ම එහි අන්තර්ගත මනස පිළිබඳ විවරණය පිළිබඳ ගවේෂණ කිරීම, මෙහි අන්තර්ගත ඉගැන්වීම් ප්‍රායෝගික වශයෙන් මිනිස් ජීවිතවලට අදාළ කරගත හැකි ආකාරය පිළිබඳ අවබෝධයක් ලබා දීම, පෙරදිග දාර්ශනික සංකල්පවල වැදගත්කම හා එහි ගුණාත්මකභාවය ප්‍රකට කිරීම වැනි පරමාර්ථ කීපයක් මෙම පරීක්ෂණය මගින් සාක්ෂාත් කිරීමට උත්සුක වේ. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
පතඤ්ජලී දර්ශනය |
en_US |
dc.subject |
පෙරදිග දර්ශනය |
en_US |
dc.subject |
මනස |
en_US |
dc.subject |
යෝග දර්ශනය |
en_US |
dc.subject |
සාංඛ්‍ය දර්ශනය |
en_US |
dc.title |
යෝග දර්ශනයේ අන්තර්ගත මනස පිළිබඳ ඉගැන්වීම්වල උපයෝගීතාව පිළිබඳ විචාරාත්මක අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |