ආගමික ස්ත්‍රී විමුක්තිවාදී සංකල්පය හා බුදු සමයේ ස්ත්‍රී විමුක්ති මාර්ගය: සංයුත්ත නිකායේ භික්ඛුණි සංයුත්තය ඇසුරෙන් විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author දමිත හිමි, ඇල්ලේ
dc.date.accessioned 2023-11-28T05:28:19Z
dc.date.available 2023-11-28T05:28:19Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15646
dc.description.abstract පුරුෂ මූලික සමාජයක ස්ත්‍රීන් යටපත්කොට ඇති ආකාරය පිළිබඳ ඔවුන් දැනුවත් කිරීම අරමුණුකොට ගනිමින් ගොඩනැගුණු දේශපාලන හා න්‍යායාත්මක ධාරාවක් ලෙස නූතන ස්ත්‍රී විමුක්තිවාදය හඳුනාගනී. සමාජයෙහි පවත්නා ස්ත්‍රී පීඩනය, සූරාකෑමට එරෙහිව ස්ත්‍රිය මෙහෙයවීම අරමුණුකොටගත් මෙම ව්‍යාපාරයේ න්‍යායක් ලෙස “ආගමික ස්ත්‍රීවාදය” ඉදිරිපත් ව ඇත. මේ ඔස්සේ “ආගම තුළ නිරූපිත ස්ත්‍රිය” බෙහෙවින් සංවාදයට බඳුන් වූවකි. ලෝක දාර්ශනික චින්තාවලියේ අග්‍රඵලය වූ බුදු දහමේ ස්ත්‍රිය පිළිබඳ ආකල්පය කෙරෙහි බොහෝ සාකච්ඡා ගොඩනැගී ඇත. “ස්වාමීනි අපි කාන්තාවන් විෂයයෙහි කෙසේ නම් පිළිපැදිය යුතු වන්නෙමු ද?” “ආනන්‍ද ඔවුන් දෙස නොබලන්න.” ආදි බෞද්ධ දේශනා සරලාර්ථයෙන් ම ගෙන බුදුන් වහන්සේ ස්ත්‍රී විරෝධියෙකු ලෙස දක්වන්නා වූ මතවාද ද ඉදිරිපත් ව ඇත. එහෙත් භික්ඛුණි සංයුත්තාගත දේශනා පිරික්සීමේ දී බුදුසමයේ කාන්තාව විෂයයෙහි විමුක්තිය ප්‍රදානය වී ඇති බව පැහැදිලි ය. ඒ අනුව බටහිර ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරයෙහි නව ප්‍රවණතාවක් වූ ආගමික ස්ත්‍රීවාදය හා බුදුසමයේ ඉගැන්වීම්වලින් (භික්ඛුණී සංයුත්තය) පැහැදිලි වන ස්ත්‍රි විමුක්තිය පිළිබඳ ආකල්පය අතර ඇති සබඳතා, සමවිසමතා, ගැටුම්කාරි අවස්ථා අධ්‍යයනය මෙම පර්යේෂණයෙන් අපේක්‍ෂිත ය. මෙහි පර්යේෂණ ගැටලු ලෙස ආගමික ස්ත්‍රීවාදී චින්තනය ඔස්සේ අපේක්‍ෂිත ස්ත්‍රී විමුක්තියෙහි ස්වභාවය කෙසේ ද? සංයුත්ත නිකායේ භික්ඛුණී සංයුත්තාගත ‘විමුක්තිය’ එහි ස්වරූපය හා මාර්ගය කෙබඳු ද? හා ‘ස්ත්‍රී විමුක්තිය’ උදෙසා ආගමික ස්ත්‍රීවාදීන්ගේ සංකල්ප බෞද්ධ ඉගැන්වීම් හා ප්‍රතිපක්‍ෂ ද? යන ගැටලු මූලික කොටගෙන ඇත. එසේ ම ආගමික ස්ත්‍රීවාදයේ සංකල්ප හා ඒ ඔස්සේ ස්ත්‍රිය විෂයයෙහි ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ අධ්‍යයනය කිරීම හා බුදු දහමේ කාන්තාව පිළිබඳ සැබෑ ආකල්පය භික්ඛුණි සංයුත්තය ඇසුරින් පරික්ෂා කිරීම මෙම පර්යේෂණයේ අරමුණයි. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject බුදුදහම en_US
dc.subject භික්ඛුණි en_US
dc.subject යථාර්ථය en_US
dc.subject විමුක්තිය en_US
dc.subject ස්ත්‍රීවාදය en_US
dc.title ආගමික ස්ත්‍රී විමුක්තිවාදී සංකල්පය හා බුදු සමයේ ස්ත්‍රී විමුක්ති මාර්ගය: සංයුත්ත නිකායේ භික්ඛුණි සංයුත්තය ඇසුරෙන් විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account