ගෝලීයකරණය හා ආගමික ලෞකිකකරණ ක්‍රියාවලිය හමුවේ ෆෙංෂුයි දහමට ජනතාව නැඹුරුවීමේ ප්‍රවණතාව පිළිබඳ සමාජ විද්‍යාත්මක විවරණයක්

Show simple item record

dc.contributor.author වනසිංහ, ඩබ්.එම්.සී.ඩී.
dc.contributor.author බණ්ඩාර, ඩබ්.එම්.කේ.ජී.
dc.date.accessioned 2023-11-28T06:11:46Z
dc.date.available 2023-11-28T06:11:46Z
dc.date.issued 2019-09-27
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15650
dc.description.abstract මානව සමාජයේ වඩාත් ව්‍යුහගත ලෙස පැතිරුණු අංශයක් වන්නේ ආගමයි. ජීව විද්‍යාත්මක මිනිසා මෙහෙයවන කේන්ද්‍රීය බලය වන්නේ ද මෙයයි. ර්‍ණආගම” ලෙසට හඳුනාගන්නේ යම්කිසි විශ්වාස පද්ධතියක් සමඟ ගොඩනැඟුණු සංකල්ප පද්ධතියකි. කාලීනව යම් යම් වෙනස්කම් කිහිපයක් වෙත අවධානය යොමු වන්නට ද විය. 20 වන සියවස වනවිට ගොඩනැගෙන ගෝලීයකරණය සංකල්පය ආගම හා සම්බන්ධව විශාල පරිවර්තනයක් සිදු කිරීමට පෙළඹී ඇත. එහි දී නූතනත්වයට ගැළපෙන අයුරින් ආගමික මුහුණුවර ප්‍රතිඅර්ථකථනය කිරීම ආගමික ලෞකිකකරණය ලෙස හඳුන්වයි. නූතන වෙළඳපොළ හා දිශානතිය අනුව ආගමික සංකල්පවල අගනාකම් වෙනස් වන්නට විය. ඒ පිළිබඳ ව ලංකාවේ ෆෙංෂුයි දහම කෙරෙහි ජනතාව නැඹුරු වීම නිදසුනක් ලෙස ගෙන ඒ පිළිබඳ ව සාකච්ඡා කෙරෙයි. ආගමික විශ්වාස ලෞකික පරමාර්ථ සඳහා යොදා ගැනීමත් ආගම වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වීම මෙහි දී පෙන්වා දිය හැකි ය. දිවයින පුරා ෆෙංෂුයි මධ්‍යස්ථාන බිහිවීමේ ප්‍රවණතාව සහ ශුද්ධ වස්තූන් අධික මිල ගණන්වලට විකිධෑම ආදිය මෙම අධ්‍යයනයෙන් පෙන්වා දිය හැකි වේ. එය ප්‍රධාන හර පද්ධතියක් සහිත ආගම් ප්‍රවාහයන්ට සිදුකරන බලපෑම ද මෙයින් පෙන්වා දිය හැකි ය. පර්යේෂණ ගැටලුව ලෙස ආගමික ලෞකිකකරණය හමුවේ ලෝකෝත්තර හරපද්ධති සහිත ආගම් අභිභවා ප්‍රජාව ෆෙංෂුයි දහම වෙත නැඹුරු වන්නේ ඇයි ද? යන්න මෙම අධ්‍යයනයෙන් විමසා බලනු ලබයි. ලෝකෝත්තර හරයන් සහිත ආගමික මතවාද පසෙකලා ලෞකික පදනමකින් යුත් මෙවැනි ආගමික දෘෂ්ටීන් වෙත ප්‍රජාව යොමුවීමට හේතු විමසා බැලීම සහ වසර කිහිපයක් ඇතුළත පවත්වන ලද වැඩමුළු හා දේශන ලංකාවේ ෆෙංෂුයි දහම ව්‍යාප්තියට කරන ලද බලපෑම විමසීම මෙම අධ්‍යයනයයේ අරමුණ වේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . en_US
dc.subject ආගමික ලෞකිකකරණය en_US
dc.subject ගෝලීයකරණය en_US
dc.subject පුද්ගල දිශානතිය en_US
dc.subject බුද්ධාගම en_US
dc.subject ෆෙංෂුයි en_US
dc.title ගෝලීයකරණය හා ආගමික ලෞකිකකරණ ක්‍රියාවලිය හමුවේ ෆෙංෂුයි දහමට ජනතාව නැඹුරුවීමේ ප්‍රවණතාව පිළිබඳ සමාජ විද්‍යාත්මක විවරණයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account