dc.contributor.author |
දිසානායක, ඩී.එම්.එම්.එස්. |
|
dc.date.accessioned |
2023-11-28T06:26:23Z |
|
dc.date.available |
2023-11-28T06:26:23Z |
|
dc.date.issued |
2019-09-27 |
|
dc.identifier.issn |
2536-8702 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15651 |
|
dc.description.abstract |
ගෝලීයකරණ ක්‍රියාවලියට ලාංකේය සමාජය අනුගත කරවීමේ උපාය මාර්ගයක් ලෙස ලංකා රජය මගින් සංවර්ධනය පදනම් කරගත් ව්‍යාපෘති රැසක් දියත් කර ඇති අතර ඒ අතර කොළඹ නගරය සංවර්ධනයට ද විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇත. මේ හරහා නාගරික පේළි නිවාස ප්‍රජාව කෙරෙහි ද සුවිශේෂ අවධානයක් යොමු කර ඇති අතර ඔවුන් ජීවත් වන සමාජ පරිසරයෙන් ඉවත් කොට නව නිවාස ඉදිකොට ඒ හරහා ඔවුන්ගේ සමාජ තත්ත්වය වෙනස් කිරීමට උත්සාහ දරමින් සිටියි. මෙම නාගරික පේළි නිවාස කෙරෙහි පවතින සමාජ මතය නිශේධනාත්මක අයුරින් ගොඩනැගී ඇති අතර ඒ පිළිබඳ ඊට මැදිහත් ව සිටින පේළි නිවාස ප්‍රජාවකගෙන් ලබා ගන්නා ලද දත්ත හරහා මෙම විශ්ලේෂණය කරන ලදි. සමාජයෙන් අගතියට සහ වෙනස් කොට සැලකීම අවම කිරීම සඳහා පියවර තිබියදීත් ඒවා තවමත් ලොව පුරා ප්‍රචලිත ය. එය පුද්ගලයෙකුට හෝ සමස්ත කණ්ඩායමකට බොහෝ වේදනාවක් හා දුක් වේදනා ඇති කළ හැකි අතර ඒ හරහා ප්‍රචණ්ඩත්වය පවා සිදු විය හැකි ය. ප්‍රජාතන්ත්‍රීය ආචාරධර්මවලට අනුව පාලනය වන ලංකාවේ ද මෙම තත්ත්වය පැවතීම කිසිඳු ආකාරයකින් සාධාරණීකරණය කළ නොහැකි ය. ඒ අනුව යම් ප්‍රජා කොට්ඨාසයක් පූර්ව විනිශ්චයන් මත පිහිටා ඇත්නම් ඒ සඳහා පදනම් හේතු එම ප්‍රජාව අතරින් ම හඳුනාගැනීම වැදගත් වේ. ඒ අනුව අධ්‍යයන ගැටලුව බවට පත්වන්නේ පූර්ව විනිශ්චයන් මත පදනම්ව නාගරික පේළි නිවාස ප්‍රජාව වෙනස් ලෙස සලකන්නේ ඇයිද යන්නයි. මෙම අධ්‍යයනයේ අරමුණ වන්නේ පූර්ව විනිශ්ච මත පිහිටා වෙනස් ලෙස සැලකීම පිළිබඳ ව කොළඹ නගරයේ පේළි නිවාස ප්‍රජාව දරන අදහස් හඳුනාගැනීම යි. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Matara, Sri Lanka . |
en_US |
dc.subject |
නාගරික |
en_US |
dc.subject |
පූර්ව විනිශ්චයන් |
en_US |
dc.subject |
පේළි නිවාස |
en_US |
dc.subject |
වෙනස්කම් කොට සැලකීම |
en_US |
dc.title |
පූර්ව විනිශ්ච මත පිහිටා වෙනස් ලෙස සැලකීම: නාගරික පේළි නිවාස ප්‍රජාව ආශ්‍රිත අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |