Abstract:
මෙම පර්යේෂණයේ අරමුණ ශ්‍රී ලංකාවේ 1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකතු කරන ලද 19 වන සංශෝධනය මඟින් ස්ථාපිත කරන ලද දේශපාලන ප්රතිසංස්කරණයක් වන පුර්ණ විධායක ජනාධ්පතිධුරය සම්බන්ධ වෙනස්කම් පිළිබඳව විශ්ලේෂණය කිරීමය. 2015 මැයි 15 දින බලාත්මක කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දේශපාගන හා පරිපාලන වශයෙන් දෙයාකාර වේ. මෙම ප්‍රතිසංස්කරණයට අනුව දේශපාලනික වශයෙන් විධායක ජනාධිපති ධූරයේ බලතල හා කාර්ය භාරය පිළිබඳව වෙනස්කම් රාශියක් එමගින් සිදු කැ ඇත. ජනාධිපතිධුරය යම් යම් සීමාවන්ට යටත් කිරීමට මෙමගින් විධිවිධාන සපයා ඇතිමුත් ඒ සම්බන්ධව හා විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් මෙතෙක් සිදු කොට නොමැති තරම්ය. මෙම අධ්‍යයනයේ ඉලක්කය වන්නේ එම සීමා කිරීම මෙන්ම ඒවායේ සැබෑ ක්‍රියාකාරිත්වය විභාග කිරීමය. දීර්ඝ කාලයක් යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වනදා නිදහස ලබාගනී. 1948, 1972 සහ 1978 යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් තුනක් මෙම කෙට් කාලය තුළ ක්‍රියාත්මක කරන ලදී. එහෙත් මෙම කිසිම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ශ්‍රී ලංකාවට ගැළපෙන ආණ්ඩුක්‍රමයක් ස්ථාපිත කරගැනීමට නොහැකි විය. විශේෂයෙන්ම 1978 ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයාගේ භූමිකාව පිළිබඳ ප්‍රශ්න රාශියක් උද්ගත වී තිබුණි. එනම්, ජනාධිපතිවරයාට ලබාදී තිබු බලය හා කාර්යභාරය පිළිබඳව විවේචන පැවතුණි. ඒ නිසා මෙම ධුරය අහෝසි කළයුතුය, නැතිනම් සංශෝධනය විය යුතුය යන්න විවිධ අවස්ථාවලදී ප්‍රකාශ විය. එහි උච්ජතම අවස්ථාව වන්නේ 2015 ජනාධිපතිවරණයයි. එහිදී ප්‍රකාශ වුයේ මෙම ධූරය අහෝසි කිරීම හෝ ව්‍යවස්ථාදායකයට වගකියන ආකාරයට සංශෝධනය විය යුතුය යන්නයි.2015 ජනාධිපතිවරණයෙන් පසුව බිහිවූ නව ආණ්ඩුව 2015 මැයි මස 15 වනදා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යයස්ථා සංශෝධනය සම්මත කරන ලදී. එම සංශෝධනය මඟින් පූර්ඛ විධායක ජනාධිපතිධුරය සම්බන්ධව සංශෝධන කිහිපයක් සිදුකළේය. ඒවා ළුලදායී වීම හා නොවීම පිළිබඳව විශ්ලේෂණාත්මක අධ්‍යයනයක් මෙතෙක් සිදු කර නොමැත. මෙම පර්යේෂණය මඟින් අපේක්ෂා කරන්නේ ඒ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක් කිරීමය. මෙම පර්යේෂණය සඳහා ද්විතීක දත්ත උපයෝගීකර ගන්නා ලදී. එහිදී පොත් පත් , සඟරා, පර්යේෂණ ලිපි ආශ්රයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ දත්ත ලබාගෙන ඇත. මෙම පර්යේෂණ පත්‍රිකාව කොටස් කිහිපයකින් යුක්ත වේ. එහි පළමු කොටස මඟින් 19වන සංශෝධනයේ පසුබිම, දෙවන කොටස මඟින් ජනාධිපතිධූරයේ බලතල සම්බන්ධව කළ සංශෝධන හා විධිවිධාන, තෙවන කොටස මඟින් එහි අපේක්ෂිත අරමුණු හා පරමාර්ථ ඉටුවූවා ද යන්න පිළිබඳ ප්‍රායෝගික විශ්ලේෂණයක් කරනු ලැබේ.