ගාලු කොටුව ආශ්‍රිතව ක්‍රියාත්මක වන පෞරාණික භාණ්ඩ වෙළඳපොළ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author ගමගේ, උපේක්ෂා
dc.contributor.author චිත්‍රානන්ද, ඩී.සී.
dc.contributor.author තිලකරත්න, එන්.ටී.එස්.
dc.contributor.author බණ්ඩාරනායක, ඒ.ඒ.
dc.date.accessioned 2024-07-19T09:11:25Z
dc.date.available 2024-07-19T09:11:25Z
dc.date.issued 2018-03-07
dc.identifier.citation Gamage, Upaksha, Chithtrananda, D. C., Thilakarathna, N. T. S. & Bandaranayake, A. .A. (2018). ගාලු කොටුව ආශ්‍රිතව ක්‍රියාත්මක වන පෞරාණික භාණ්ඩ වෙළඳපොළ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්. 15th Academic Sessions, University of Ruhuna, Matara, Sri Lanka, 64.
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/handle/iruor/17077
dc.description.abstract වර්තමාන අන්තර්ජාතික පුරාවස්තු සහ සංස්කෘතික ප්‍රඥප්තියන්හි සඳහන් වන පරිදි අවුරුදු සියයකට වඩා පැරණි භාණ්ඩ පොදුවේ පෞරාණික භාණ්ඩයක් යනුවෙන් හඳුන්වනු ලබයි. මෙය අර්ථ නිරූපනය කිරීමේ දී ඒවාට ආවේණික ලක්ෂණ, අයත් වන යුගය, කලාත්මක බව, දුර්ලභත්වය, ස්වභාවය, උපයෝගීතාව, නිර්මාණය කළ අමුද්‍රව්‍ය, මානවයා සමඟ පැවති සම්බන්ධතාවය සහ ආවේනික අනෙකුත් ලක්ෂණ යන කරුණු මේ සඳහා පාදක කරගෙන ඇත. සංස්කෘතික දේශපාලන හා සම්බන්ධ ප්‍රඥප්තීන්ට අනුව පෞරාණික භාණ්ඩ සංස්කෘතික දේපළ ලෙස සලකා ඒ යටතේ ආරක්ෂා කිරීමට කටයුතු කර ඇත. ශ්‍රී ලංකාවේ ඇති පෞරාණික භාණ්ඩ ඒවා අයිති පුද්ගලයින්ගේ දැනුවත්කම යටතේ ම නීති විරෝධී ලෙස විදේශිකයන් විසින් මිලදී ගනු ලැබේ. පැරණි භාණ්ඩ මේ ආකාරයට විදේශගත වීමෙන් පසුව එම භාණ්ඩ පිළිබඳ කිසිදු සටහනක් හෝ සාක්ෂියක් ශ්‍රී ලාංකිකයන් සතු නොවන තරම් ය. මෙම අධ්‍යයනය සඳහා ගාලු කොටුව ආශ්‍රිතව පවතින පෞරාණික භාණ්ඩ වෙළඳපොළ කෙරෙහි අවධානය යොමු විය. ගාලු කොටුව සංචාරක පරිශ්‍රයක් වීම මෙන් ම එහි පෞරාණික භාණ්ඩ වෙළඳපොළ පුළුල් ලෙස ව්‍යාප්තව තිබීම ගාලු කොටුව තෝරා ගැනීමට හේතු විය. පැරණි භාණ්ඩ වෙළඳපොළ තුළ පෞරාණික භාණ්ඩ සම්බන්ධව තත්ත්වය සහ ඒ සම්බන්ධ පවතින නීතිමය තත්ත්වයන් පිළිබඳ මෙන්ම පෞරාණික භාණ්ඩ වෙළඳපොළ තුළ අලෙවිවන පෞරාණික භාණ්ඩ වර්ග සහ මිල ගණන්, වැඩියෙන් අලෙවිවන පෞරාණික භාණ්ඩ පිළිබඳ මෙම අධ්‍යයනය මගින් විමර්ශනය කර ඇත. ගාලු කොටුව තුළ පෞරාණික භාණ්ඩ සහිත පෞද්ගලික කෞතුකාගාර පවත්වාගෙන යමින් එම භාණ්ඩ විදේශික සංචාරකයන් විදෙස් රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන්, දේශීය ධනවතුන් මෙන්ම පැරණි භාණ්ඩවල ඇලුම් කරන්නන් වෙත අලෙවිය සිදු කරන බව මෙම අධ්‍යයනය මගින් හඳුනාගත හැකි විය. අන්තර්ජාතික සහ ජාතික වශයෙන් විවිධාකාරයේ අණපනත්, සම්මේලන ප්‍රකාශන, සම්මත කරගත් නීති රීති සහ ආචාර ධර්ම පැවතියද වර්තමානය වන විට එම නීති රීති නිසියාකාරයෙන් ක්‍රියාත්මක වීමක් දැකිය නොහැකිය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka. en_US
dc.subject පෞරාණික භාණ්ඩ en_US
dc.subject පෞරාණික භාණ්ඩ වෙළඳපළ en_US
dc.subject ගාලු කොටුව en_US
dc.subject සංස්කෘතික දේපළ en_US
dc.subject ප්‍රඥප්තීන් en_US
dc.title ගාලු කොටුව ආශ්‍රිතව ක්‍රියාත්මක වන පෞරාණික භාණ්ඩ වෙළඳපොළ පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account