| dc.contributor.author | මානවඩු, සුසිරිපාල | |
| dc.date.accessioned | 2021-01-19T08:03:26Z | |
| dc.date.available | 2021-01-19T08:03:26Z | |
| dc.date.issued | 2004-08 | |
| dc.identifier.citation | මානවඩු, සුසිරිපාල (2004). කුමාරතුංග මුනිදාසයන්ගෙන් සිංහල පුවත්පත් කලාවට සිදු වූ සේවාව. මාතර, සිංහල අධ්‍යයනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය, මාතර, ශ්‍රී ලංකාව. | en_US |
| dc.identifier.other | 149174 | |
| dc.identifier.uri | http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/450 | |
| dc.description.abstract | ලක්මිණි පහනින් පුවත්පත් කලාවට අවතීර්ණ වූ කුමාරතුංගයන් විසින් පුවත්පත් කලාව සම්බන්ධයෙන් සුවිශද කළ නව්‍ය ලක්ෂන, විප්ලවීය වෙනස්කම් සහ පුර්වාදර්ශ විමර්ශනයට ලක් කෙරෙන මේ පර්යේෂණ නිබන්ධය පරිච්ජේද පහකින් සමන්විත ය. පළමු වන පරිච්ජේදයට සිංහල පුවත්පත්වල ප්‍රභවය සහ මුහුණුවර පිළිබඳ සංෂිප්ත සාරගර්භ විස්තරයක් ඇතුළත් ය. සම කාලීන සමාජාර්ථික පර්සරයට අනුව ඒ ඒ පුවත්පත් අඩු වැඩි වශයෙන් ලාංකේය සමාජ අභිවෘද්ධියටත් සාහිත්‍ය ප්‍රබෝධයටත් පුවත්පත් කලාවේ ප්‍රගමනය කරන ලද සම්ප්‍රදාය මෙහි දී විශේෂ අවධානයක් යොමු කර ඇත. කුමාරතුංගයන් පුවත්පත් කලාවට අවතීරණ වීමට පිටු දුන් දේශපාලන ආර්ථික හා සමාජීය සාධක හඳුනා ගැනීම දෙ වන පර්ච්ජේදයෙහි අරමුණ යි. බ්‍රිතාණ්‍ය අධිරාජ්‍යවාදී පාලනයෙන් ලාංකේය සමාජයට එල්ල වන තර්ජන හා ව්‍යසන අවබෝධ කර ගත් කුමාරතුංගයෝ පුළුල් ජනතාවාදී දෘෂ්ටියක පිහිටා සිටි පුවත්පත් කලාවේදියෙකි. දෙස බස රැස නො වහල් කර ලනු වස් පුවත්පත් කලාවේදියකු වශයෙන් ඉටු කළ භූමිකාව කෙබඳු දැයි යන්න මේ පරිච්ජේදයේ දී ගැඹුරින් සාකච්ජා කෙරිණි. පූර්ව කාලීන හා පශ්චාත් කාලීන පුවත්පත් අතර සංවිධානාත්මක හා මනා සැකැස්මකින් එළි දක්වන ලද ලක්මිණි පහනෙහි අන්තර්ගතය විග්‍රහ කිරීමට තෙ වන පරිච්ජේදය වෙන් කෙරිණි. දේශීය - විදේශීය ප්‍රවෘත්ති වාර්තා, විශේෂාංග , තීරු ලිපි සහ වෙළඳ දැන්වීම් ආදියෙන් යුත් එකී අන්තර්ගත පුවත්පත් කගා මුලධර්මවලට කොතෙක් දුරට අනුකූල දැයි මේ පරිච්ජේදයේ දී විමසිල්ලට බඳුන් කර ඇත. | en_US |
| dc.language.iso | si_lk | en_US |
| dc.publisher | රුහුණ විශ්වචිද්‍යාලය | en_US |
| dc.subject | කුමාරතුංග මුනිදාස | en_US |
| dc.subject | සිංහල පුවත්පත් කලාව | en_US |
| dc.title | කුමාරතුංග මුනිදාසයන්ගෙන් සිංහල පුවත්පත් කලාවට සිදු වූ සේවාව | en_US |
| dc.type | PhD Thesis | en_US |