සිංහල නවකථාකරුවා සමාජ ස්තරායනය නිරූපණය කළ ආකාරය පිළිබඳ අධ්‍යයනයක්

Show simple item record

dc.contributor.author ශ්‍රියානී, ඩී. එම්.
dc.date.accessioned 2022-08-29T05:46:29Z
dc.date.available 2022-08-29T05:46:29Z
dc.date.issued 2015-03-04
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/7939
dc.description.abstract සිංහල සාහිත්‍ය විෂය පථයෙහි විවිධ සාහිත්‍ය ප්‍රවර්ගයන්ට අයත් සාහිත්‍ය නිර්මාණ දැක ගත හැකිය. ඒ අතර නවකථාව නැමති සාහිත්‍යාංගය සුවිශේෂි වන්නේ පොදු පාඨක පිරිසක් ඒ වටා ඒකරාශී වීම නිසයි. නවකථාව හා මානව සමාජය අතර ඇත්තේ අවියෝජනීය සම්බන්ධයකි. නවකථාකරුවා මිනිස් ජිවිතයේ යථාතත්ත්වය මැනවින් ග්‍රහණය කර ගනිමින් එය නිර්මාණශීලී ව නවකථාවෙන් නිරූපණය කරයි.එහෙයින් සිංහල නවකථාව සමාජයේ කැඩපතක් ලෙස සැලකිය හැකිය. නවකථාවෙන් සමාජයේ විවිධ පැතිකඩ විමර්ශනය කෙරෙයි. මෑතකාලීන සිංහල නවකථාව තුළ කුලය, පන්තිය, ස්ත්‍රී-පුරුෂභාවය, ශරීර වර්ණය, ජාතිය යනාදී සමාජ ස්තරායන මිනුම් නිරූපණය වී ඇති ආකාරය අධ්‍යයනය කිරීම පරියේෂණයේ අරමුණයි.නවකතා හයක නියදිය ඔස්සේ සමාජ ස්තරායනය නිරූපණය වී ඇති ආකාරය විමසුමට ලක්විය. සමාජ ස්තරායනය හේතුවෙන් පීඩාවට පත්වන මිනිස් ජිවිතය මෑතකාලීන නවකතාවෙන් මැනවින් නිරූපණය වී ඇති අයුරු දැකිය හැකිය. එහිදී කුලය, පන්තිය, ස්ත්‍රී-පුරුෂභාවය, ශරීර වර්ණය, ජාතිය යනාදියෙහි වර්තමානයේ පවතින තත්ත්වය කෙරෙහි වැඩි අවධානය යොමු විය. එම සමාජ තත්ත්වයන් මෑතකාලීන නවකථාවෙන් නිරූපණය වී ඇති අයුරු විමසුමට ලක්විය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject සමාජ ස්තරායනය en_US
dc.subject සමාජ ස්තරායන මිනුම් en_US
dc.subject නවකථාව en_US
dc.subject ලාංකේය සමාජය en_US
dc.subject වර්තමාන තත්ත්වය en_US
dc.title සිංහල නවකථාකරුවා සමාජ ස්තරායනය නිරූපණය කළ ආකාරය පිළිබඳ අධ්‍යයනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account