dc.contributor.author |
මධුවන්ති සිල්වා, ශෂිකා |
|
dc.date.accessioned |
2022-08-30T06:02:09Z |
|
dc.date.available |
2022-08-30T06:02:09Z |
|
dc.date.issued |
2014-03-19 |
|
dc.identifier.citation |
Madhuwanthi Silva, Shashika (2014). බළපිටිය අම්බරුක්ඛාරාමය පොත්ගුලෙහි ඇති අප්‍රකාශිත කෘතියක් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක්. 11th Academic Sessions, University of Ruhuna, Matara, Sri Lanka, 16. |
|
dc.identifier.issn |
2362-0412 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/7964 |
|
dc.description.abstract |
දහඅට දහනවය සියවස් ලංකාවට ප්‍රබල විදේශ ආක්‍රාමණ එල්ල වූ කාලවකවානුවකි. විශේෂයෙන් ම බ්‍රිතාන්‍යයන්ට යටත් වූ කාලවකවානුව තුළ ලංකාවේ සමාජ, ආර්ථික, දේශපාලන , සංස්කෘතික අංශයන්හි වෙනස්කම් රාශියක් සිදුවිය. තත්කාලීන සාහිත්‍ය මුලාශ්‍රය මඟින් එම තතු අනාවරණය වේ. මේ කාලයේ ප්‍රාදේශිය වශයෙන් ග්‍රන්ථකරණයේ නියැළුණු උගත්තු සිටියහ. විහාරස්ථානවල භික්ෂුන් වහන්සේලා සිංහල පාලි, සංස්කෘත ආදී භාෂාවලින් ගුන්ථකරණයේ යෙදුණු බවට තත් අවධියෙන් සාධක හමු වේ. මෙසේ බිහි වූ වටිනා කෘති ඒකරාශි කර ආරක්ෂා කරගැනීමේ අවශ්‍යතාවක් ඇති විය. එහි ප්‍රතිළුලයක් ලෙස අමරපුර නිකායේ මූලස්ථානය වූ බලපිටිය අම්බරුක්ඛාරාමයෙහි ඇති පොත්ගුල හැඳින්විය හැකි ය. දැනුම් කෝෂ්ඨාගාරයක් වූ මෙම පොත්ගුලෙහි විවිධ භාෂාවලින් රචිත ග්‍රන්ථ දැකිය හැකිය. මෙම ග්‍රන්ථ අතර මෙතෙක් අප්‍රචලිත වූ පුස්කොළපොත් රාශියක් ඇත. අබේසිංහ මුකවෙටිතුමාට යවන ලද සන්දේශය යන පුස්කොළපොත එ වැනි අප්‍රකාශිත පුස්කොළපොත් අතරේ තිබෙන එක් කෘතියකි. අප්‍රකාශිත ව පවත්නා මුලාශ්‍රය සප්‍රකාශිත පාඨාන්තර මුලාශ්‍ර ඔස්සේ සමකාලීන සමාජ තතු විමර්ශනය කිරීම මෙම පත්‍රිකාවේ අරමුණ යි. මෙම අධ්‍යයනයේ දී ප්‍රාථමික හා ද්විතීයික දත්ත මූලාශ්‍රය ලෙස ග්‍රන්ථාගත තොරතුරු භාවිතා කරන අතර දත්ත ඉදිරිපත් කිරීමේ දී ලේඛනය හා ජායාරූප භාවිතා කරන ලදී. පහතරට කලාපයේ සමාජ, ආර්ථික, දේශපාලන බලය ලබා ගනිමින් මෙම කාලවකවානුවේ දී අභිනවයෙන් ප්‍රභූ පංතියක් බිහි වූ අතර මුදලි මුහන්දිරම්වරුන් ඒ අතර ප්‍රධාන විය. ඔවුන්ගේ ආත්ම සංතෘප්තිය උදෙසා සාහිත්‍යකරණයේ යෙදුණු පිරිසක් ද මෙකල දැකිය හැකි ය. මුදලි මුහමන්දිරම්වරුන් ගේ අනුග්‍රහය ලබමින් මේ කාර්යයේ නියළුණු අයෙකු ගේ නිර්මාණයක් ලෙස අබේසිංහ මුකවෙටිතුමාට යවන ලද සන්දේශය නමැති මෙම කෘතිය හඳුනා ගත හැකි වෙයි. විරහාලාපයක් මෙහි අන්තර්ලත වුවත් මුදලිවරයා වර්ණනා කරමින් රචනා කර ඇත. සන්දේශ කාව්‍ය ලක්ෂණ, ප්‍රශස්ති ලක්ෂණ , රත්කාව්‍ය ලක්ෂණ මෙහි අන්තර් ගත වේ. එ පමණක් නො ව පස්පචිවග ආදිනව ද බුදු ගුණ වර්ණනාව්ක ද මෙහි ඇතුළත් වේ. අප්‍රකාශිත කෘතිය තත්කාලීන සමාජ තොරතුරු අනාවරණය කර ගත හැකි සාහිත්‍ය ප්‍රවර්ග කීපයක ඒකරාශි වූ නව සාහිත්‍යමය ප්‍රවර්ගයක් බව නිගමනය කළ හැකි ය. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
University of Ruhuna, Matara, Sri Lanka |
en_US |
dc.subject |
බලපිටිය අම්බරුක්ඛාරාමය |
en_US |
dc.subject |
දහඅට දහනවය සියවස් |
en_US |
dc.subject |
පහතරට ප්‍රභූ පංතිය |
en_US |
dc.subject |
සන්දේශ කාව්‍ය |
en_US |
dc.subject |
අබේසිංහ මුකවෙටිතුමාට යවන ලද සන්දේශය |
en_US |
dc.title |
බළපිටිය අම්බරුක්ඛාරාමය පොත්ගුලෙහි ඇති අප්‍රකාශිත කෘතියක් පිළිබඳ විමර්ශනාත්මක අධ්‍යයනයක් |
en_US |
dc.type |
Article |
en_US |