අඩු ආදායම් ලාභි පවුල්වල රැකියාවන්හි නියුක්ත කාන්තාවන් ගෘහස්ථ භූමිකාව තුළ මුහුණදෙන ගැටලු

Show simple item record

dc.contributor.author දැල්පිටය, නිලුෂා
dc.date.accessioned 2022-08-31T09:37:28Z
dc.date.available 2022-08-31T09:37:28Z
dc.date.issued 2015-03-04
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/7999
dc.description.abstract අතීතයේ සිටම ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ ස්ත්‍රියගේ භූමිකාව ගෘහයට සීමාවූ කාර්යභාරයක් පමණක් අපේක්ෂා විණි. නමුත් සමාජ නවීකරණය තුළ කාන්තා භූමිකාව ගෘහීය පරිසරයෙන් මිදී වෙනත් ආර්ථික ක්ෂේත්‍රයන් කරා පැතිරෙන්නට විණි. කාන්තාව ගෘහයෙන් පරිබාහිර ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධ වීම හේතුකොටගෙන ඇය සම්බන්ධ සමාජ ආකල්පයන් වෙනසකට භාජනයවන අයුරු දක්නට ලැබුනද ඇයගේ ගෘහස්ථ භූමිකාව තුළ ඉටුකලයුතු ක්‍රියාකාරකම් හි අඩුවක් දක්නට නොලැබුණි. විශේෂයෙන් ම ඉහල ආදායම්ලාභී පවුල්වලට සාපේක්ෂව අඩු ආදායම්ලාභී පවුල්වල කාන්තා භූමිකාව වඩා වැඩි කාර්ය ප්‍රමාණයක් පුරුෂයාට සාපේක්ෂව ඉටුකරන අයුරු දක්නට ලැබේ. සිය ස්වාමියා විසින් රැස්කරනු ලබන ප්‍රමාණවත් නොවු ආදායම හේතුකොටගෙන තම ගෘහිත කාර්යභාරය හා පරිබාහිරව අතිරේක ආදයම් රැස්කරවන්නියක් ලෙස බහුවිධ භූමිකාවක නිරත වීමට කාන්තාවට සිදුව තිබේ. ඒ අනුව අඩු ආදයම් තත්ත්වයන් හේතුකොටගෙන කාන්තාවන්ගේ භූමිකාව කවරාකාර ස්වභාවයකින් ක්‍රියාත්මක වන්නේද, එම බහුවිධ භූමිකා හේතුකොටගෙන ඇය මුහුණ දෙන ගැටළු කාරී තත්ත්වයන් කව‌රේ ද යන්න හදුනා ගැනීම මෙම අධ්‍යයනයේ අරමුණ විය. ඒ අනුව මෙම අධ්‍යයනය මඟින් අඩු ආදායම් ලාභී පවුල්වල රැකියාවන්හි නියුක්ත කාන්තාවන්ගේ බහුවිධ භූමිකාව හේතුකොටගෙන ස්වකීය ගෘහස්ත කාර්යභාරය තුළ මුහුණපාන්නේ ද, යන්න පිළිබඳ විශ්ලේෂණය කරනු ලැබීය. අධ්‍යයනයට අදාල දත්ත රැස්කිරීමේ දී අධ්‍යයන ක්ෂේත්‍රය ලෙස මාතර දිස්ත්‍රික්කයේ මැද්දවත්ත ප්‍රදේශය තෝරාගත් අතර එම ප්‍රදේශයේ අඩු ආදයම්ලාභි පවුල් 15ක් සරල සසම්භාවී නියදීම් ක්‍රමය ඔස්සේ තෝරා ගන්නා ලදි. ඒ අනුව ව්‍යුහගත නොවන සම්මුඛ සාකච්ජා සහ ප්‍රශ්නාවලිය මඟින් අධ්‍යයනයට අදාල ප්‍රථමික දත්ත රැස්කරන ලදි. අධ්‍යයනයට අනුව ඇතැම් පවුල්වල පුරුෂයා ඉක්මවා කාන්තාව ආදායම් ඉපයීම කල අවස්ථා හදුනාගත හැකිවිණි. එමෙන්ම ගෘහීය හා බාහිර ආර්ථික කටයුතු කෙරෙහි පුරුෂයාට වඩා වැඩි දායකත්වයක් කාන්තාව විසින් සිදු කරන අයුරු දක්නට ලැබුණි. ගෘහ කටයුතුවලදී පුරුෂයාගේ දායකත්වය දැක්විය හැකි අවස්ථාවන් තිබුණ ද ඒ කාර්යන් ස්ත්‍රී කාර්යභාරයක් ලෙස නොසලකා හැරීම් දක්නට ලැබුණි. නමුත් ගෘහීය කාර්ය කෙරෙහි පුරුෂයාගේ දායකත්වය ඉතා අවම මට්ටමක පැවතුණ ද තිරණ ගැනීමේ ක්‍රියාවලියේ දී ඇය බැහැර කරවීමක් හඳුනාගත හැකිවිණි. මේ අනුව කාන්තාවන්ගේ බහුවිධ භූමිකාව හේතුකොටගෙන නිවස තුළ නිදහස සීමාවීම, දරුවන්‌ගේ කටයුතු අඩාල වීම, පවුලේ ආර්ථිකය බිදවැටීම මෙන්ම ස්වාමියා තුළින් හිරිහැරයට පත්වීම ආදී .ගැටලුකාරී තත්ත්වයන්ට ඇය මුහුණ දීමට සිදුව තිබේ. මේ අනුව ආර්ථික මෙන්ම ගෘහීය කාර්යභාරය තුළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවීය සාධක, පුරුෂාධිපත්‍ය සංකල්පය තුළ කාන්තාව ගැටලුවලට ලක්වන බව නිගමනය කළ හැකිවේ. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject පුරුෂාධිපත්‍ය en_US
dc.subject කාන්තා භූමිකාව en_US
dc.subject ද්විත්ව භූමිකාව en_US
dc.subject සමාජ නවීකරණය en_US
dc.subject ස්ත්‍රී පුරුෂ සමාජභාවය en_US
dc.title අඩු ආදායම් ලාභි පවුල්වල රැකියාවන්හි නියුක්ත කාන්තාවන් ගෘහස්ථ භූමිකාව තුළ මුහුණදෙන ගැටලු en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account