උඩරට සමාජයේ කෘෂිකර්මාන්ත තත්ත්වය පිළිබඳ අධ්‍යයනයක් (ජෝන් ඩේවිඩ්ගේ "ඩේව් දුටු ලක්දිව" නම් ග්‍රන්තය ඇසුරින්)

Show simple item record

dc.contributor.author කොඩිකාර, කසුන් සාරංග
dc.date.accessioned 2022-09-05T10:15:57Z
dc.date.available 2022-09-05T10:15:57Z
dc.date.issued 2015-03-04
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8064
dc.description.abstract 1815 දක්වා ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවතුණු කන්ද උඩරට බ්‍රිතාන්‍යයට නතුවීමත් සමඟ සමස්ත ශ්‍රී ලංකාවම බ්‍රිතාන්‍ය කිරීටය යටතේ පාලනය විය. එතැන් සිට 1948 දී ඩොමීනියන් තත්ත්වයේ නිදහස ලැබෙන තුරු යුරෝපීය දේශ ගවේශකයන්ගේ හා ලේඛකයන්ගේ අවධානය වැඩි වන්නට විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් උඩරට සමාජ ආර්ථික හා දේශපාලන පසුබිම් කරගෙන ලියවුණු ග්‍රන්ථ හා වාර්තා උඩරට ඉතිහාසය ගොඩ නැඟීමට ඉවහල්වන වැදගත් මූලාශයන් බවට පත්විය. ඒ අතර 1816 ශ්‍රී ලංකාවට පැමිණි ජොන් ඩේව් ලංකාව පිළිබඳව ඉදිරිපත් කරනලද කෘතීන් අතිශයින් ම වැදගත් වේ. ඔහු විසින් 1821 දී රචනා කරන ලද An account of the Ceylon and of its inhabitants with travels in that Island නම් ග්‍රන්ථයෙන් කන්ද උඩරට රාජ්‍යය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන තොරතුරු ඉතා විශ්වාසනීය ‌ෙඑතිහාසික මූලාශ්‍රයක් ලෙස භාවිත කළ හැකිය. සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාවරයාගේ රාජකීය වෛද්‍යවරයා වු ඔහු ගවේෂකයකු පර්යේෂකයකු ලෙස කන්ද උඩරට රාජ්‍ය පුරා ඇවිද ලබාගත් තොරතුරුවලින් උක්ත ග්‍රන්ථය ලියා ඇත. ඩේව් විසින් උඩරට ස්වදේශීකයන්ගේ කෘෂිකර්මාන්තය පිළිබඳ තම කෘතියට අන්තර්ගත කර ඇති අතර ඒ ඔස්සේ කන්ද උඩරට රාජ්‍යයේ කෘෂිකර්මාන්තයට සම්බන්ධ තොරතුරු කවරේද යන්න පිළිබඳ සමකාලීන ලේඛකයන්ගේ වාර්තා ආශ්‍රයෙන් ද විමර්ශනයට ලක් කිරීම මෙම අධ්‍යයනයෙහි අරමුණයි. මෙහිදී උඩරට සමාජයේ තිබු පාරම්පරික යැපුම් කෘෂිකර්මාන්තය පිළිබඳ මූලිකවම අධ්‍යයනය කළ හැකි විය. එසේම උඩරට කෘෂිකර්මාන්තයේ දී යොදාගත් භූගෝලීය පසුබිම, වගා ක්‍රම, වගා රටාවන් හා ගොවි උපකරණ ආදිය මෙහිදී අධ්‍යයනයට බඳුන් කරන ලදී. එසේම මේ පිළිබඳව අදහස් දැක්වූ වෙනත් විදේශික ලේඛකයන්ගේ ග්‍රන්ථවල සඳහන්වන කරුණු පිළිබඳව අධ්‍යයනය කිරීමද සිදුකරන ලදී. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject කෘෂිකර්මාන්තය en_US
dc.subject කන්ද උඩරට en_US
dc.subject විදේශීය ලේඛකයින් en_US
dc.title උඩරට සමාජයේ කෘෂිකර්මාන්ත තත්ත්වය පිළිබඳ අධ්‍යයනයක් (ජෝන් ඩේවිඩ්ගේ "ඩේව් දුටු ලක්දිව" නම් ග්‍රන්තය ඇසුරින්) en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account