dc.contributor.author |
සඳරේකා, එස්.ඩී.එස් |
|
dc.date.accessioned |
2022-09-06T09:07:20Z |
|
dc.date.available |
2022-09-06T09:07:20Z |
|
dc.date.issued |
2015-03-04 |
|
dc.identifier.citation |
Sandareka, S. D. S. (2015). ෙඑතිහාසික පනාමුර ඇත්ගාලේ අතීතය හා එහි වර්තමානය. 12th Academic Sessions, University of Ruhuna, Matara, Sri Lanka, 93. |
|
dc.identifier.issn |
2362-0412 |
|
dc.identifier.uri |
http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8116 |
|
dc.description.abstract |
පනාමුර ඇත්ගාල යනු කරුණු කිහිපයක් හේතුවෙන් ලෝක ප්‍රකට ෙඑතිහාසික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ස්ථානයක් වේ. අතීතයේ ලංකාවේ ඇත්ගාල් කිහිපයක් දක්නට ලැබුණු අතර පනාමුරේ ඇත්ගාල ඉන් එකකි. ඇත්ගාල පිළිබඳ සියලු අයිතිය මඩුවන්වෙල වලව්ව සතු විය. 1950 දී මෙහි අවසාන ඇත්ගාල පවත්වාගෙන ගොස් ඇත.ඇතුන් අල්ලා දෙස් විදෙස් ධනපතීන්ට වෙළඳාම් කිරීම මෙහි සිදුකර ඇත. අවසාන ඇත්ගාල පැවැත්වූ දිනයේදී ද ඊට පෙර මෙන් සැණකෙළි ස්වරූපයෙන් පවත්වා ඇති අතර, එදින පනාමුරේ ඇත් රජු නමින් ප්‍රකට ඇතා තම වර්ගයා බේරා ගැනීමට කටයුතු කිරීම නිසා වෙඩි වැදී මරණයට පත්විය. එය මුළු රටෙම ආන්දෝලනයකට හේතු විය. එහෙයින් එතෙක් නොපැවති අලි ඇතුන් පිළිබඳ පනතක් පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇත. ලෝකයේ කිසිදු සතෙකු නොකළ මේ අපූරු හාස්කම එනම් තම වර්ගයා වෙනුවෙන් කළ සටන හා දිවි පිදීම නිසා පනතක් සම්මත වීමෙන් මෙය ෙඑතිහාසිකව වැදගත් වේ. එම ඇතා දිවි පිදීමෙන් පසු නැවත මෙම ඇත්ගාල පැවැත්වීම සිදු නොකල අතර පසුව මෙම ස්ථානය වල් බිහි වී ඇත. එය මෑතක් වනතුරු වල් බිහි වී පැවති අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයිති මේ ඉඩමෙහි කිසිදු සළකුණක් ඉතිරි වී නොපැවතිණි. ෙඑතිහාසික පනාමුර, මෑතකාලීනව එම ස්ථානයේ ඇත්ගාලේ හා ඇතාගේ පිළිරුවක් ඉදිකරමින් හස්ථිරාජ පදනම නිර්මාණය කර මතු පරම්පරාවට දැකගැනීමට ඉඩ සැලැස්වීම සඳහා කටයුතු සිදුවිය. එට බාධා පැමිණිම නිසා වර්තමානයේ සියලු කටයුතු නතර වී ඇත. ඒ පිළිබඳ විමර්ශනය කිරීම මෙමඟින් සිදුවේ. |
en_US |
dc.language.iso |
si_lk |
en_US |
dc.publisher |
University of Ruhuna, Matara, Sri Lanka |
en_US |
dc.subject |
පනාමුර ඇත්ගාල |
en_US |
dc.subject |
ඇත්රාජා |
en_US |
dc.subject |
මඩුවන්වෙල වලව්ව |
en_US |
dc.subject |
ඇත් පිළිරුව |
en_US |
dc.subject |
ඇතුන් වෙළඳාම |
en_US |
dc.title |
ෙඑතිහාසික පනාමුර ඇත්ගාලේ අතීතය හා එහි වර්තමානය. |
en_US |
dc.type |
Article |
en_US |