dc.description.abstract |
ලක්දිවට බුදු දහම සම්ප්‍රාප්ත වීමට පෙර මෙරට ජනයා අතර පැවති ඇදහිලි හා විශ්වාස යටපත් වු ආකාරය මුලාශය හා සමාජයේ විවිධ චාරිත්‍ර මඟින් දැකිය හැකිය. මෙම අධ්‍යයනයේ මුලීක අරමුණ බුදු දහම පැතිරීමත් සමඟ එකල පැවති අභිචාර ලාංකේය සමාජයෙන් ගිලිහී ගිය ආකාරය හඳුනා ගැනීම යි. වෘක්ෂ වන්දනය, නාග හා යක්ෂ ඇදහීම, පුර දේව වන්දනය, මළවුන් පිදීම, විවිධ වෘත්තීන්ට අදාළ දෙවියන් පිදීම වැනි ප්‍රථමික විශ්වාස එකල දක්නට විය. මෙකී මිත්‍යා විශ්වාසයන්ට අනුගතව බුදු දහම මෙරට ව්‍යාප්ත වූ ආකාරය අපට දැකිය හැකිය. මහාවංශය, නාගයින් ලෙස සැලකෙන සත්ත්ව විශේෂයක් ද මිනිසුන්ට ආර්ථකාමී ලෙස කටයුතු කරන පිරිසක් වු දෙවියන් ද අනර්ථකාමී ලෙස කටයුතු කරන පිරිසක් වු යක්ෂයින් ද සිටි බව මහාවංශයේ සඳහන් වෙයි. එකල ප්‍රධාන වශයෙන් ආගමක් නොවුණ ද විවිධ නා නා අභිචාර විධි දක්නට ලැබුණු බවට මහාවංශයවැනි මුලශ්‍රයන්ගෙන් ගම්‍යමාන වේ. මෙම අධ්‍යයනය සඳහා දත්ත සම්පාදනය කර ගැනීමේ දී ප්‍රධාන වශයෙන් පුස්තකාලය ආශ්‍රය කර ගන්නා අතර එහි දී ප්‍රාථමික මුලාශ්‍ර හා ද්වීතියීක මුලාශ්‍ර පරිහරණය තුළින් තොරතුරු ලබා ගැනණි. මුලාශ්‍රයන්ගෙන් හා විවිධ ග්‍රන්ථ පරිශීලනයෙන් ලබා ගත් තොරතුරු සංසන්දනාත්මකව විශ්ලේෂණය කර ඉදිරිපත් කෙරේ. මහාවංශය හැර අනෙකුත් මුලාශ්‍රයන් හා ග්‍රන්ථ ආදියෙහි ප්‍රග් බෞද්ධ ආගමික විශ්වාස පිළිබඳ සඳහන් වේ. පුජාවලිය, රසවාහිනිය, ලංකා විශ්වවිද්‍යාලයේ ලංකා ඉතිහාසය, පුරාතන ලංකාවේ සමාජ ඉතිහාසය ආදී කෘති ඒ සඳහා නිදසුන් වේ. බුදු දහම මෙරට ප්‍රචලිත වීමට පෙර ලාංකේය සමාජයේ පැවති වෘක්ෂ වන්දනය, නාග හා යක්ෂ ඇදහීම්, පුර දේව වන්දනය, මළවුන් පිදීම, විවිධ වෘත්තීන්ට අදාළ දෙවියන් පිදීම, බ්‍රහ්මණ ආගම, පරිබ්‍රාජක ආගම, පර්වත වන්දනය තිබුණු බව සොයා ගැනීමට හැකි වීම. බුදු දහම මෙරටට පැමිණීමත් සමඟ එකී අභිචාර යටපත් වු ආකාරය මුලාශ්‍රයන්ගෙන් අනාවරණය වීම මෙහිදී දැකිය හැකි ය. එකල ජනයා සරල දිවිපෙවෙතක් ගෙන ගිය අතර ඔවුහු තමන්ට විෂය නොවන ස්වාභාවික වස්තුන් හා ක්‍රියාකාරකම් හමුවේ වන්දනාමාන කිරීමට පෙළඹුණු අයුරු පෙනේ. බුදු සමය පැමිණීමත් සමඟ ඒ වටා ජනතාව පෙළගැස්වීමක් දැකිය හැකි අතර එවකට පැවති වන්දනාමාන සමාජ තලයෙන් අනුක්‍රමයෙන් යටපත් විය. සාහිත්‍යය මුලාශ්‍රය මෙන්ම යති සමාජය ද ඒකී අභිචාර යටපත් කිරීමට උත්සුක වු ආකාරය ඉතිහාසයෙන් ප්‍රකට වේ. එකී උත්සහයේ ප්‍රතිඵල වුයේ ප්‍රාග් බෞද්ධ ඇදහිලි හා විශ්වාස බුදු සමයේ නැඟී ඒමත් සමඟ යටපත් ව යාම යි. |
en_US |