dc.description.abstract |
මානව සංස්කෘතිය පෝෂණය කිරීමෙහිලා චිත්‍ර කාලාවෙන් මහඟු ආලෝකයක් ලැබේ.එය ලාංකික ඉතිහාසයෙහි සහ සංස්කෘතියෙහි අනන්‍යතාව පෙන්නුම් කරනු ලබන බව එහි විවිධ පැතිකඩහන් මැනවින් අධ්‍යයනය කිරීමේ දී පෙනී යයි. මහනුවර සම්ප්‍රදායට අයත් දකුණු පළාතේ විහාර බිතුසිතුවම් ඒ අතරින් විවිධත්වයෙන් යුක්තය. දේශීය චිත්‍ර කලාව පිළිබඳ සළකා බලනවිට බොහෝ සාධක හමුවන්නේ ද මහනුවර සම්ප්‍රදායට අයත් සිතුවම් අතරිනි. එම සිතුවම් විවිධ තේමා සහ වස්තු විෂයන් යටතේ චිත්‍රණය වී ඇති අතර එහිදී උද්භිත විද්‍යාත්මක රූ සටහන් ප්‍රබල භූමිකාවක් නිරූපනය කරනු ලබයි. මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම් තුළ සෑම අවස්ථාවක ම ගසක් සිතුවම් කිරීම සම්ප්‍රදායක් ලෙස සිදු කර ඇත. එය චූලකලා සම්ප්‍රදායේ අංගයක් ලෙස දැක්විය හැකිය. ගස් නිරූපණය කිරීම කාරණා කිහිපයක් ඹස්සේ සාකච්ජා කළ හැකිය. එනම් කථාවෙහි තේමාවට ගසක් අවශ්‍ය නොවූ අවස්ථාවල පරිසර අලංකාරය,අවකාශ පිරවීම, කථාවස්තුවේ අවස්ථා වෙන්කර පෙන්වීමට සහ වියන් අලංකරණය ආදී වශයෙනි. එසේ සිදුකර ඇත්තේ ද චූල කලා සම්ප්‍රදායේ අංගයක් ලෙසය. එම සිතුවම් චිත්‍රණය කිරීමේ දී ස්වභාවික හා ශෛලීගත යන ක්‍රමවේදයන් භාවිත කර තිබෙන අතර එබැවින් ස්වභාවික සහ සංකල්පිත යන කාණ්ඩ ඔස්සේ එය වර්ගීකරණය වී තිබේ. මෙම පර්යේෂණය මඟින් දකුණු පළාතේ හම්බන්තොට, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කයන්ට අයත් මුල්ගිරිගල රජමහා විහාරය, කසාගල රජමහා විහාරය, දොඩන්දු ශෛලබිම්බාරාමය, අම්බලන්ගොඩ සුනන්දාරාමය, මිරිස්ස සමුද්‍රගිරි විහාරය සහ උඩපීක්වැල්ල ගංඟතිලක විහාරය තුළ මහනුවර සම්ප්‍රදායට අයත් සිතුවම්හි උද්භිත විද්‍යාත්මක රූ සටහන් බහුලව නිරූපණය කර ඇති බැවින් එම ස්ථාන ආශ්‍රිතව ප්‍රස්තුත මාතෘකාවට අදාල විමර්ශන සිදු කරන ලදී. මේ සඳහා ක්ෂේත්‍ර ගවේෂණය සහ පුස්තකාල අධ්‍යයන යන ක්‍රමවේද භාවිත කරන ලදී. අනුරාධපුර යුගයේ සිට මහනුවර දක්වා උද්භිත විද්‍යාත්මක රූ සිතුවම්හි සිදු වූ ශෛයලීගත වෙනස්කම් සහ සිතුවම් සඳහා යොදාගනු ලැබු ශාක ලියවැල් සහ මල්වර්ග පිළිබඳ මෙහි දී විශේෂ අවධානය යොමු කරනු ලබයි. ඒ අනුව සිතුවම් සඳහා භාවිත කර ඇති උද්භිත රූ සටහන් වර්ණ, පසුබිම් සැකසීම සහ තාක්ෂණික ක්‍රමවේදයන් ඹස්සේ සිතුවම් වර්ගීකරණයට ලක්කිරීමෙන් දක්ෂිණ ලංකාවේ චිත්‍ර කලාවේ භාවිත උද්භිත විද්‍යාත්මක පසුතලයන් හදුනා ගැනීමට අපේක්ෂා කෙරේ. |
en_US |