ශ්‍රී ලාංකිික කාන්තාවගේ මැද පෙරදිග රැකියා සංක්‍රමණය සහ පවුල් සංස්ථාවට සිදුවන බලපෑම

Show simple item record

dc.contributor.author හේමමාලි, ඩි.ඩි.එස්
dc.contributor.author ගයාන්, කේ.ඩී
dc.contributor.author චම්පිකා, ඩී.කේ
dc.date.accessioned 2022-09-08T06:14:43Z
dc.date.available 2022-09-08T06:14:43Z
dc.date.issued 2015-03-04
dc.identifier.citation Hemamali, D. D. S., Gayan, K. D. & Champika, D. K. (2015). ශ්‍රී ලාංකිික කාන්තාවගේ මැද පෙරදිග රැකියා සංක්‍රමණය සහ පවුල් සංස්ථාවට සිදුවන බලපෑම. 12th Academic Sessions, University of Ruhuna, Matara, Sri Lanka, 102.
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8178
dc.description.abstract විදේශ රැකියා යන්න ශ්‍රී ලංකාවේ වත්මන් සමාජ අර්ථික ව්‍යුහය තුළ ඉතා වැදගත් ක්ෂේත්‍රයක් බවට පත්ව තිබේ. විදේශ විනිමය ඉපයීම, ආර්ථිකයේ සේවා නියුක්තිය පුළුල් කිරීම, ගෘහයන්ගේ ආර්ථික තත්ත්වය නඟා සිටුවීම ඒ තුළ ප්‍රධාන කාර්යයක් බවට පත්ව ඇත. එහිදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රම විගමනයේ හඳුනාගත හැකි විශේෂ ලක්ෂණ අතර සංක්‍රමණිකයන්ගේ වැඩි ප්‍රතිශතයක් මැද පෙරදිග රටවල ශ්‍රම වෙළඳපොළ තුළ කාන්තාවන් සඳහා වූ ඉල්ලුමට විශාල වශයෙන් ප්‍රතිචාර දක්වන රටක් බවට ශ්‍රී ලංකාව පත් වේ. ශ්‍රී ලාංකික කාන්තා ශ්‍රමය මෙලෙස විශාල වශයෙන් පිට දේශයන් කරා සංක්‍රමණය කිරීමට හේතු වන්නා වු සාධක මෙනවාද යන්න විමසා බැලීම වැදගත් වේ. මේ සඳහා පොදුවේ ශ්‍රී ලාංකේය සමාජ, ආර්ථික පසුබිම තුළ මෙන්ම පවුල් පසුබිම තුළ ඇති තල්ලු කිරීමේ සාධක ද බලපා තිබේ. මෙම පර්යේෂණයේ අධ්‍යයන ගැටලුව නිර්මාණය වන්නේ මෙවන් පසුබිමක් තුළය. ඒ අනුව මෙම අධ්‍යයනයේ අරමුණ බවට පත්ව ඇත්තේ රැකියා සඳහා කාන්තාවන් මැදපෙර දිගට සංක්‍රමණය වීමට බලපා ඇති හේතු හා එමඟින් ඔවුන්ගේ පවුල්වලට සිදුවන බලපෑම අධ්‍යයනය කිරීමයි. මෙම අධ්‍යයන ගැටලුව විග්‍රහ කිරීමට අධ්‍යයන ක්ෂේත්‍රය වශයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රදේශය ලේකම් කොට්ඨාසයේ හාගල හා තුංකම ග්‍රාම නිළධාරී වසම් දෙක තෝරා ගන්නා ලදි. එහි දී මැදපෙරදිග රැකියා සඳහා සංක්‍රමණය වී නැවත පැමිණ සිටින පවුල් හතළිහක අහඹු නියැදියක් තෝරා ගන්නා ලදි. දත්ත රැස්කිරීම ප්‍රථමික හා ද්වීතික මුලාශ්‍ර ආශ්‍රයෙන් සිදුකොට ඇත. ප්‍රාථමික දත්ත රැස් කිරීමේ දී ප්‍රශ්නාවලි ක්‍රමය, සම්මුඛ සාකච්ජා සහ නිරීක්ෂණ යොදා ගත් අතර ද්වීතික මූලාශ්‍ර වශයෙන් මේ සම්බන්ධයෙන් රචිත කෘති, සඟරා‍, පුවත්පත් හා පර්යේෂණ යොදා ගැණුනි. දත්ත විශ්ලේෂණය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව සිදු කරමින් දත්ත විශ්ලේෂණය කොට අවසාන නිගමනයට පැමිණ ඇත. ඒ අනුව මැදපෙරදිග රැකියා සඳහා සංක්‍රමණයවන ප්‍රජාව ආර්ථික හා සමාජීය වශයෙන් සමාජයේ සිටින අඩු ආදයම්ලාභී කොටසක් බවත්, ඔවුන්ගේ මැදපෙරදිග සංක්‍රමණයේ අරමුණ ඒ ආකාරයෙන් ම ඉටුකර ගැනීමට අපොහොසත් වීමක් හඳුනා ගන්නා ලදී. විශේෂයෙන් ම අධ්‍යයනය සඳහා තෝරාගත් ප්‍රදේශයන්හි මැද පෙරදිග රැකියාවන්හි නියුක්ත වූ කාන්තාවන් උපයාගත් මුදල් නිසි පරිදි වඩාත් ඵලදායී ලෙස ආයොජනය නොකිරීම හේතුවෙන් විදෙස්ගත වීමෙන් අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීමට නොහැකිවීමක් හදුනාගත හැකි විය. ඒ සඳහා විශේෂයෙන්ම එම පවුල්හී කාන්තාවන්ගේ හා පුරුෂයන්ගේ ආකල්පමය සහ චර්යාත්මක වශයෙන් ඇති වී තිබෙන වල්‍යතාවය බලපා ඇත. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject කාන්තාව en_US
dc.subject ආදායම en_US
dc.subject මැද පෙරදිග en_US
dc.subject විදේශ සංක්‍රමණ en_US
dc.title ශ්‍රී ලාංකිික කාන්තාවගේ මැද පෙරදිග රැකියා සංක්‍රමණය සහ පවුල් සංස්ථාවට සිදුවන බලපෑම en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account