පහතරට වතු කම්කරුවන්ගේ පාරජාතික සංස්කෘතික ජීවිතය: කොටපොල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්වන දෙමළ ජනයාගේ ඇඳුම් පැළඳුම් සහ විලාසිතා ආශ්‍රයෙන් කෙරෙන සංස්කෘතික කියවීමක්.

Show simple item record

dc.contributor.author දර්ශනී, ඩබ්.ජී. අයෝමා
dc.date.accessioned 2022-09-12T05:49:50Z
dc.date.available 2022-09-12T05:49:50Z
dc.date.issued 2015-03-04
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8250
dc.description.abstract දකුණු ඉන්දියාවෙන් වතු වගාව සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබු දෙමළ කම්කරු ප්‍රජාව පසු කාලීන ව බහුල වශයෙන් ශ්‍රී ලංකාවේ වතු වගා ප්‍රදේශ ආශ්‍රිතව ම පදිංචි වුහ. එකල සිට වර්තමානය දක්වා දකුණු පළාතෙහි සිංහල සහ දෙමළ ජනයා මිශ්‍රව ජිවත් වෙති. මුල් කාලීන ව ඔවුන් සතුව පැවති සංස්කෘතිකාංග පසු කාලීන ව ක්‍රමයෙන් විපරිවර්තනයට ලක්ව ඇත් ද යන්නත් සඳහා බලපෑ සාධක ඇඳුම් පැළදුම් හා විලාසිතා ආශ්‍රයෙන් විමර්ශනය කිරීමත් මේ අධ්‍යයනයේ අරමුණ යි. කොටපොල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයෙහි තොරාගත් ගමක දෙමළ හා සිංහල ජනයාගේ ඇඳුම් පැළඳුම් කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කරන ලද සමීක්ෂණයක දත්ත මේ සඳහා යොදා ගන්නා ලදී. අධ්‍යයනය සඳහා දත්ත රැස් කිරීමේ දී දෙමළ ප්‍රජාව වයස් කන්ඩායම් හතරකට වර්ග කෙරිණි. ඒ අනුව වර්තමාන තරුණ ප්‍රජාව අනුක්‍රමයෙන් ඔවුනට අනන්‍යව පැවති සාම්ප්‍රධායික ඇඳුම් පැළඳුම් හා විලාසිතා සිංහල ජනයාගේ විලාසිතාවන්ට අනුරූපවන ලෙසින් වෙනස්කර ගැනීමට උත්සහ දරන බව පෙනෙයි. දෙමළ ස්ත්‍රී පාර්ශවයේ ප්‍රධාන ඇඳුම් වශයෙන් පැවති සාරිය වෙනුවට බොහෝ දෙනා සාය, හැට්ටය අඳින අතර දෙමළ පුරුෂ පාර්ශවයේ ප්‍රධාන ඇඳුම් වශයෙන් පැවති සරම සහ කමිසය වෙනුවට කලිසම සහ කමිසය අඳිති. ඔවුහු අදට ද ඔවුන්ගේ ආගමික චාරිත්‍ර, මංගල අවමංගල උත්සව චාරිත්‍ර ආදිය සම්ප්‍රදායික ක්‍රමයට අනුගත වෙමින් සිදු කළ ද ඇඳුම් පැළඳුම් හා විලාසිතා සම්බන්ධයෙන් විශාල විපරිවර්තනයක් දක්නට ලැබේ. සාහිත්‍ය මුලාශ්‍රය, ක්ෂේත්‍ර සමීක්ෂණ සහ සමීක්ෂණ දත්ත මෙහිදී යොදා ගන්නා ලදී. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject වතුකම්කරුවා en_US
dc.subject දෙමළ ජනයා en_US
dc.subject ඇඳුම් පැළඳුම් en_US
dc.subject සංස්කෘතිය මිශ්‍රවීම en_US
dc.title පහතරට වතු කම්කරුවන්ගේ පාරජාතික සංස්කෘතික ජීවිතය: කොටපොල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්වන දෙමළ ජනයාගේ ඇඳුම් පැළඳුම් සහ විලාසිතා ආශ්‍රයෙන් කෙරෙන සංස්කෘතික කියවීමක්. en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account