ථෙරවාදි ධර්ම විනය ආරක්ෂා කර ගැනීමෙහි ලා භාණකවරුන්ගේ මෙහෙවර පිළිබඳ විමර්ශනයක්.

Show simple item record

dc.contributor.author මහින්ද හිමි, උණුවතුර බුබුලේ
dc.date.accessioned 2022-09-12T09:34:28Z
dc.date.available 2022-09-12T09:34:28Z
dc.date.issued 2015-03-04
dc.identifier.issn 2362-0412
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/8264
dc.description.abstract අපගේ විමර්ශනයට භාජනවන භාණකවරුන් වූ කලී ථේරවාදී ධර්ම විනය ශත වර්ෂ හතරක් තරම් වූ දීර්ඝ කාලයක් තිස්සේ වන පොත් කිරීමෙන් ගුරු-ශිෂ්‍ය පරම්පරානුයාත ව අඛණ්ඩ ව පවත්වාගෙන ආ දූර දර්ශීවූත්, උට්ඨාන විර්යයෙන් පරිපූර්ණවූත් සූපේශල ශික්ෂාකාමී බෞද්ධ යතිවරුන් හා ධර්ම-විනය යන්නට සූත්‍ර විනය අභිධර්ම යන සමස්ත ත්‍රිපිටක ධර්මය ම අන්තර්ගත වෙයි. ඒ අනුව මුළු ත්‍රිපිටක ධර්මය ම නොනැසී ආරාක්ෂා කරගනිමින් පවත්වාගෙන ආවාහු භාණකයෝ වෙති. ලේඛන කලාව දියුණු මට්ටමකින් නොපැවැති අතීතයේ දී ත්‍රිපිටක ධර්මය පමණක් නොව, ඒ වන විට ලොව පහළ ව පැවති සියලු සමය සමයාන්තරයන් නොනැසී පැවතුණේ වාචෝද්ගත මාර්ගයෙනි. වසර දහස් ගණනක් තිස්සේ වේද වේදාත්ත දර්ශනයන් වන පොත් කරමින් ආරක්ෂා කරගෙන ආ පිරිස් හැඳින්විය යුත්තේ භාණකයන් නමිනි. ඒ අනුව භාණක සම්ප්‍රදායේ ආරම්භය ප්‍රාග් බෞද්ධ යුගය දක්වා ඈතට විහිද යයි. බෞද්ධ භාණක සම්ප්‍රදාය ආරම්භ වන්නේ, බුදුරදුන් ජීවමාන ව වැඩ වෙසෙන අවදියේ දී ය. බුදු සසුනෙහි ප්‍රථම භාණකයා ලෙස හැඳින්විය හැක්කේ බුද්ධෝපස්ථායක ආනන්ද මහ තෙරුවන්වහන්සේ ය. උන්වහන්සේ එම පදවියට පත්වන්නේ බුද්ධත්වයෙන් විසිවසරක් ගෙවී ගිය අවස්ථාවේ දී වුවත්, එම පදවිය භාර ගැනීමේ දී උන්වහන්සේගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ, බුදුරදුන් ඒ අක්වා දේශිත ධර්මයත්, එතෙන් සිට දේශනා කරනු ලබන සියලූ ම ධර්මයත්, තමන්ට පෞද්ගලික ව දේශනා කළ යුතු බව ය. ඒ අනුව, බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා බුදුරදුන් දෙසු සියලු ධර්ම දේශනා ආස දැන ධාරණය කරගත් තැනැත්තා ආනන්ද මහ තෙරුන්වහන්සේයි. බෞද්ධ සාහිත්‍යයට අනුව, විශිෂ්ට ධාරණ ශක්තිය ඇත්තවුන් අතර අග්‍රස්ථානය හිමිවන්නේ ආන්නද තෙරුන්ටය. ධර්ම භාණ්ඩාගාරික, බහුස්සුත, ජාති මරණ පාරගු, සද්ධම්මධාරක, නිරුක්ති පද කෝවිද, ධම්මධර මහා පඤ්ඤ, ධිතිමන්ත, යතිමන්ත ආදී විශේෂණ පද රාශීයක් උන්වහන්සේ හැඳින්වීම සඳහා භාවිත කර තිබීමෙන් ම උන්වහන්සේගේ අද්විතීය ධාරණ ශක්තිය තහවුරු වෙයි.බෞද්ධ භාණක සම්ප්‍රධාය විධිමත් ලෙස ස්ථාපිථ වුයේ ප්‍රථම ධර්ම සංඝායනාවේ දී ය. ආනන්ද මහාතෙරුන් වහන්සේ එතෙක් තමන් ධාරණය කරගෙන සිටි සියලූ ම ධර්ම-විනය කොටස් සංගීති කාරකයන් හමුවෙහි දී සජ්ඣායනය කිරීමෙන් පසු, වනපොත් කිරීමේ හා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් තෝරා ගන්නා ලද භික්ෂු කණඩායම් වෙත භාර දී තිබේ. භාණක ගණ ලෙස හැඳින්වෙන්නේ එසේ භාර වූ භික්ෂු පිරිස් ය. මිහිඳු මහා රහතන් වහන්සේ මෙරටට රැගෙන ආවේ එසේ මුඛ පරම්පරාගත ව පැවත ආ ථේරවාදී ධර්ම-විනය යි. ධර්මය ආරක්ෂා කර ගැනීම උදෙසා ඉන්දියාවේ දී අනුගමනය කරන ලද මුඛ පරම්පරාගත වාචනා ක්‍රමය ලංකාවේ දී ද ක්‍රියාත්මක වුයේ ඒ වන විටත් ලේඛන කලාව ප්‍රශස්ත මට්ටමක නොපැවති බැවිනි. එහි ප්‍රතිඵලය වුයේ බෞද්ධ භාණක සම්ප්‍රදාය ලංකාවේ ද ක්‍රියාත්මක වීම යි. ත්‍රිපිටක ධර්මය ප්‍රථම වරට ග්‍රන්ථාරූඪ වන්නේ වළගම්බා රාජ්‍ය සමයේ දී ලංකාවේ දී ය. එතෙක් ථේරවාදී ධර්මය විනය ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන ආවේ භාණක ගණයන් විසිනි. භාණකවරුන්ට පැවරුණු කාර්ය භාරය වූයේ ධර්ම විනයෙහි නියමිත කොටසක් වන පොත් කරගෙන, තම ශිෂ්‍ය පරම්පරාව තුළින් එය අඛණ්ඩ ව පවත්වාගෙන යාම ය. ඒ ඒ ගණ හැඳින්වූණේ ඔවුන් වන පොත් කළ ධර්ම කොට්ඨාසය අනුව ය. එබදු භාණක ගණ 18ක් ‌ෙඑතිහාසික මූලාශ්‍රවල දැක්වේ. දීඝ භාණක, මජ්ඣිම භාණක, සංයුක්ත භාණක, විනය භාණක, අභිධර්ම භාණක, සුත්තන්න භාණක, අංගුත්තර භාණක, ඛුද්දක භාණක, අට්ඨකථා භානක, අක්ෂර භාණක, මාතිකා භාණක, ජාතක භාණක, ධම්ම පද භාණක, මහානිද්දේස භාණක, උභතෝ විභංග භාණක, ඛන්ධක භාණක, මහාප්‍රකරණ භාණක, සබ්බ පරියන්ත භාණක භාණක සම්ප්‍රදාය දිර්ඝ කාලයක් පැවතීමට ඉවහල් වූයේ, එහි සැළසුම් සහගත ව්‍යුහය යි. උගත් වැඩිහිටි භික්ෂුන් හා ආධුනිකයන් නිතර රැස්වීම, වනපොත් කිරීම හා ඒවා වාචෝද්ග්‍රහණය කිරීම, භාණක චාරිත්‍ර පිළිපැදීම හා භාණකයන් සඳහා දීමනා ක්‍රමයක් ක්‍රියාත්මක වීම එහි සාර්ථකත්වයට හේතු වී තිබේ. තර්කානුකූල පදනමක් යටතේ ධර්ම විනය අනාගත පරම්පරාවට ප්‍රේරණය කිරීම ද භාණක සම්ප්‍රධායේ ස්ථාවරත්වයට මහඟු පිටුවහලක් වූ බව පෙනී යයි. ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමත් සමඟ භාණකයන්ගේ කාර්ය භාරය ක්‍රමයෙන් අහොසී වී ගිය ද ග්‍රන්ථාරූඪ කිරීමට හෝ පරිශීලනය කිරීමට හෝ එතෙක් ත්‍රිපිටක ධර්මය ආරක්ෂා වූයේ භාණකවරුන් නිසා බව නිසැක ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher University of Ruhuna, Matara, Sri Lanka en_US
dc.subject ථෙරවාද en_US
dc.subject භාණක ගණ en_US
dc.subject විනය ධර්ම en_US
dc.subject ත්‍රිපිටක ග්‍රන්ථාරූඪය en_US
dc.subject වනපොත් කිරිම en_US
dc.title ථෙරවාදි ධර්ම විනය ආරක්ෂා කර ගැනීමෙහි ලා භාණකවරුන්ගේ මෙහෙවර පිළිබඳ විමර්ශනයක්. en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Advanced Search

Browse

My Account