12th Academic Session - 2015
Water repellent Soils: Origin, Characteristics, and Significance in Sri Lankan context.
Leelamanie, D.A.L.
When placed on a water repellent soil, water just , emain on the surface or runs off instead of soaking into the soil. Reduced waier entry, or the infiltration, into water repellent soils will consequently lead to increased surface runoff and topsoil erosion, contributing to the land degradation. In additio11, water repellency induces the development of fingered ,,r preferential flow paths, md creation of unstable, irregular wetting fronts. As a result of reduced infiltration, gett, ng the required water into the root zone becomes a major problem. Less availability of ,,ater in the root zone retards plant growth, reducing the quantity and the quality of crop production. In contrast to its negative impacts, water repellency (hydrophobicity) of soil aggregates reduces their affinity for water. Reduction of the rate of water entrv into the aggregates may help in hampering the pressure buildup within aggregates, improving their stability against slaking.
ස්ත්‍රී පුරුෂ විදේශ සංක්‍රමණය මඟින් සමාජයට සිදුව ඇති බලපෑම ( කරන්දෙනිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය ඇසුරින් )
වීරසිංහ, කුමුදු විශාඛා; රණබාහු, ආර්.එස්.පී
ශ්‍රී ලංකාවේ විදේශ ශ්‍රම සංක්‍රමණයේ කාලීන හා ක්ෂේත්‍රීය පැතිකඩ හඳුනා ගැනීමේ දී ස්ත්‍රී පුරුෂ විදේශ ශ්‍රම සැපයුම් ගතික ස්වභාවයකින් ක්‍රියාත්මක වෙමින් පවති. 2012 විදේශ සේවා නියුක්ති කාර්යාංශ වාර්තාවලට අනුව විදේශගත පුරුෂ ශ්‍රමික ප්‍රතිශතය 50.94 හා ස්ත්‍රී ප්‍රතිශතය 49.07 වේ. මෙම තත්ත්වය වර්තමානයේ කාලීන ගැටලුවක් බවට පත්ව ඇති අතරම නිරතුරුවම සාකච්ජාවට බදුන්වන මාතෘකාවක් බවට පත්ව ඇත. මෙම සංක්‍රමණ ධාරාවන් දෙක හරහා සමාජයට වන බලපෑම කරන්දෙණිය ප්‍රදේශයේ පුද්ගලයන්ට විදේශ ශ්‍රම සංක්‍රමණය හරහා පත්ව ඇති ගැටලු වැඩි දුරටත් සාකච්ජා කිරීමක් මෙම පර්යේෂණය මඟින් සිදු කරන ලදි. මෙම අධ්‍යයනයේ අධ්‍යයන ගැටලුවක් ලෙස විදේශ ශ්‍රම සංක්‍රමණය සමාජය වෙත බලපෑම් සිදුකර තිබේද යන්න අධ්‍යයනය කරන ලදී. ප්‍රධන වශයෙන් පුද්ගලාලම්භන අදහස් විමසීමක් සිදු කළ බැවින් ගැඹුරු සාකච්ජා (In depth Interviews) ක්‍රමය අධ්‍යයන ක්‍රමවේදය යටතට යොදා ගන්නා ලදී. සමාජීය බලපෑම විමසීමේ දී හඳුනාගත් අදහස්වලින් පැහැදිලි වුයේ මව විදෙස් ගත වූ පවුල්වල පියාගේ බීමත්කම හා නොසැලකිලිමත් බව නිසා සමාජීය ගැටලු රාශියක් හටගෙන ඇති බවයි.
ථෙරවාදි ධර්ම විනය ආරක්ෂා කර ගැනීමෙහි ලා භාණකවරුන්ගේ මෙහෙවර පිළිබඳ විමර්ශනයක්.
මහින්ද හිමි, උණුවතුර බුබුලේ
අපගේ විමර්ශනයට භාජනවන භාණකවරුන් වූ කලී ථේරවාදී ධර්ම විනය ශත වර්ෂ හතරක් තරම් වූ දීර්ඝ කාලයක් තිස්සේ වන පොත් කිරීමෙන් ගුරු-ශිෂ්‍ය පරම්පරානුයාත ව අඛණ්ඩ ව පවත්වාගෙන ආ දූර දර්ශීවූත්, උට්ඨාන විර්යයෙන් පරිපූර්ණවූත් සූපේශල ශික්ෂාකාමී බෞද්ධ යතිවරුන් හා ධර්ම-විනය යන්නට සූත්‍ර විනය අභිධර්ම යන සමස්ත ත්‍රිපිටක ධර්මය ම අන්තර්ගත වෙයි. ඒ අනුව මුළු ත්‍රිපිටක ධර්මය ම නොනැසී ආරාක්ෂා කරගනිමින් පවත්වාගෙන ආවාහු භාණකයෝ වෙති. ලේඛන කලාව දියුණු මට්ටමකින් නොපැවැති අතීතයේ දී ත්‍රිපිටක ධර්මය පමණක් නොව, ඒ වන විට ලොව පහළ ව පැවති සියලු සමය සමයාන්තරයන් නොනැසී පැවතුණේ වාචෝද්ගත මාර්ගයෙනි. වසර දහස් ගණනක් තිස්සේ වේද වේදාත්ත දර්ශනයන් වන පොත් කරමින් ආරක්ෂා කරගෙන ආ පිරිස් හැඳින්විය යුත්තේ භාණකයන් නමිනි. ඒ අනුව භාණක සම්ප්‍රදායේ ආරම්භය ප්‍රාග් බෞද්ධ යුගය දක්වා ඈතට විහිද යයි. බෞද්ධ භාණක සම්ප්‍රදාය ආරම්භ වන්නේ, බුදුරදුන් ජීවමාන ව වැඩ වෙසෙන අවදියේ දී ය. බුදු සසුනෙහි ප්‍රථම භාණකයා ලෙස හැඳින්විය හැක්කේ බුද්ධෝපස්ථායක ආනන්ද මහ තෙරුවන්වහන්සේ ය. උන්වහන්සේ එම පදවියට පත්වන්නේ බුද්ධත්වයෙන් විසිවසරක් ගෙවී ගිය අවස්ථාවේ දී වුවත්, එම පදවිය භාර ගැනීමේ දී උන්වහන්සේගේ ප්‍රධාන ඉල්ලීමක් වූයේ, බුදුරදුන් ඒ අක්වා දේශිත ධර්මයත්, එතෙන් සිට දේශනා කරනු ලබන සියලූ ම ධර්මයත්, තමන්ට පෞද්ගලික ව දේශනා කළ යුතු බව ය.  ඒ අනුව, බුද්ධත්වයේ සිට පරිනිර්වාණය දක්වා බුදුරදුන් දෙසු සියලු ධර්ම දේශනා ආස දැන ධාරණය කරගත් තැනැත්තා ආනන්ද මහ තෙරුන්වහන්සේයි. බෞද්ධ සාහිත්‍යයට අනුව, විශිෂ්ට ධාරණ ශක්තිය ඇත්තවුන් අතර අග්‍රස්ථානය හිමිවන්නේ ආන්නද තෙරුන්ටය. ධර්ම භාණ්ඩාගාරික, බහුස්සුත, ජාති මරණ පාරගු, සද්ධම්මධාරක, නිරුක්ති පද කෝවිද, ධම්මධර මහා පඤ්ඤ, ධිතිමන්ත, යතිමන්ත ආදී විශේෂණ පද රාශීයක් උන්වහන්සේ හැඳින්වීම සඳහා භාවිත කර තිබීමෙන් ම උන්වහන්සේගේ අද්විතීය ධාරණ ශක්තිය තහවුරු වෙයි.බෞද්ධ භාණක සම්ප්‍රධාය විධිමත් ලෙස ස්ථාපිථ වුයේ ප්‍රථම ධර්ම සංඝායනාවේ දී ය. ආනන්ද මහාතෙරුන් වහන්සේ එතෙක් තමන් ධාරණය කරගෙන සිටි සියලූ ම ධර්ම-විනය කොටස් සංගීති කාරකයන් හමුවෙහි දී සජ්ඣායනය කිරීමෙන් පසු, වනපොත් කිරීමේ හා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් තෝරා ගන්නා ලද භික්ෂු කණඩායම් වෙත භාර දී තිබේ. භාණක ගණ ලෙස හැඳින්වෙන්නේ එසේ භාර වූ භික්ෂු පිරිස් ය. මිහිඳු මහා රහතන් වහන්සේ මෙරටට රැගෙන ආවේ එසේ මුඛ පරම්පරාගත ව පැවත ආ ථේරවාදී ධර්ම-විනය යි. ධර්මය ආරක්ෂා කර ගැනීම උදෙසා ඉන්දියාවේ දී අනුගමනය කරන ලද මුඛ පරම්පරාගත වාචනා ක්‍රමය ලංකාවේ දී ද ක්‍රියාත්මක වුයේ ඒ වන විටත් ලේඛන කලාව ප්‍රශස්ත මට්ටමක නොපැවති බැවිනි. එහි ප්‍රතිඵලය වුයේ බෞද්ධ භාණක සම්ප්‍රදාය ලංකාවේ ද ක්‍රියාත්මක වීම යි. ත්‍රිපිටක ධර්මය ප්‍රථම වරට ග්‍රන්ථාරූඪ වන්නේ වළගම්බා රාජ්‍ය සමයේ දී ලංකාවේ දී ය. එතෙක් ථේරවාදී ධර්මය විනය ආරක්ෂා කර ගනිමින් පවත්වාගෙන ආවේ භාණක ගණයන් විසිනි. භාණකවරුන්ට පැවරුණු කාර්ය භාරය වූයේ ධර්ම විනයෙහි නියමිත කොටසක් වන පොත් කරගෙන, තම ශිෂ්‍ය පරම්පරාව තුළින් එය අඛණ්ඩ ව පවත්වාගෙන යාම ය. ඒ ඒ ගණ හැඳින්වූණේ ඔවුන් වන පොත් කළ ධර්ම කොට්ඨාසය අනුව ය. එබදු භාණක ගණ  18ක් ‌ෙඑතිහාසික මූලාශ්‍රවල දැක්වේ. දීඝ භාණක, මජ්ඣිම භාණක, සංයුක්ත භාණක, විනය භාණක, අභිධර්ම භාණක, සුත්තන්න භාණක, අංගුත්තර භාණක, ඛුද්දක භාණක, අට්ඨකථා භානක, අක්ෂර භාණක, මාතිකා භාණක, ජාතක භාණක, ධම්ම පද භාණක, මහානිද්දේස භාණක, උභතෝ විභංග භාණක, ඛන්ධක භාණක, මහාප්‍රකරණ භාණක, සබ්බ පරියන්ත භාණක භාණක සම්ප්‍රදාය දිර්ඝ කාලයක් පැවතීමට ඉවහල් වූයේ, එහි සැළසුම් සහගත ව්‍යුහය යි. උගත් වැඩිහිටි භික්ෂුන් හා ආධුනිකයන් නිතර රැස්වීම, වනපොත් කිරීම හා ඒවා වාචෝද්ග්‍රහණය කිරීම, භාණක චාරිත්‍ර පිළිපැදීම හා භාණකයන් සඳහා දීමනා ක්‍රමයක් ක්‍රියාත්මක වීම එහි සාර්ථකත්වයට හේතු වී තිබේ. තර්කානුකූල පදනමක් යටතේ ධර්ම විනය අනාගත පරම්පරාවට ප්‍රේරණය කිරීම ද භාණක සම්ප්‍රධායේ ස්ථාවරත්වයට මහඟු පිටුවහලක් වූ බව පෙනී යයි. ත්‍රිපිටක ධර්මය ග්‍රන්ථාරූඪ කිරීමත් සමඟ භාණකයන්ගේ කාර්ය භාරය ක්‍රමයෙන් අහොසී වී ගිය ද ග්‍රන්ථාරූඪ කිරීමට හෝ පරිශීලනය කිරීමට හෝ එතෙක් ත්‍රිපිටක ධර්මය ආරක්ෂා වූයේ භාණකවරුන් නිසා බව නිසැක ය.
පහතරට වතු කම්කරුවන්ගේ පාරජාතික සංස්කෘතික ජීවිතය: කොටපොල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත්වන දෙමළ ජනයාගේ ඇඳුම් පැළඳුම් සහ විලාසිතා ආශ්‍රයෙන් කෙරෙන සංස්කෘතික කියවීමක්.
දර්ශනී, ඩබ්.ජී. අයෝමා
දකුණු ඉන්දියාවෙන් වතු වගාව සඳහා ශ්‍රී ලංකාවට ගෙන්වනු ලැබු දෙමළ කම්කරු ප්‍රජාව පසු කාලීන ව බහුල වශයෙන් ශ්‍රී ලංකාවේ වතු වගා ප්‍රදේශ ආශ්‍රිතව ම පදිංචි වුහ. එකල සිට වර්තමානය දක්වා දකුණු පළාතෙහි සිංහල සහ දෙමළ ජනයා මිශ්‍රව ජිවත් වෙති. මුල් කාලීන ව ඔවුන් සතුව පැවති සංස්කෘතිකාංග පසු කාලීන ව ක්‍රමයෙන් විපරිවර්තනයට ලක්ව ඇත් ද යන්නත් සඳහා බලපෑ සාධක ඇඳුම් පැළදුම් හා විලාසිතා ආශ්‍රයෙන් විමර්ශනය කිරීමත් මේ අධ්‍යයනයේ අරමුණ යි. කොටපොල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයෙහි තොරාගත් ගමක දෙමළ හා සිංහල ජනයාගේ ඇඳුම් පැළඳුම් කෙරෙහි අවධානය යොමු කරමින් සිදු කරන ලද සමීක්ෂණයක දත්ත මේ සඳහා යොදා ගන්නා ලදී. අධ්‍යයනය සඳහා දත්ත රැස් කිරීමේ දී දෙමළ ප්‍රජාව වයස් කන්ඩායම් හතරකට වර්ග කෙරිණි. ඒ අනුව වර්තමාන තරුණ ප්‍රජාව අනුක්‍රමයෙන් ඔවුනට අනන්‍යව පැවති සාම්ප්‍රධායික ඇඳුම් පැළඳුම් හා විලාසිතා සිංහල ජනයාගේ විලාසිතාවන්ට අනුරූපවන ලෙසින් වෙනස්කර ගැනීමට උත්සහ දරන බව පෙනෙයි. දෙමළ ස්ත්‍රී පාර්ශවයේ ප්‍රධාන ඇඳුම් වශයෙන් පැවති සාරිය වෙනුවට බොහෝ දෙනා සාය, හැට්ටය අඳින අතර දෙමළ පුරුෂ පාර්ශවයේ ප්‍රධාන ඇඳුම් වශයෙන් පැවති සරම සහ කමිසය වෙනුවට කලිසම සහ කමිසය අඳිති. ඔවුහු අදට ද ඔවුන්ගේ ආගමික චාරිත්‍ර, මංගල අවමංගල උත්සව චාරිත්‍ර ආදිය සම්ප්‍රදායික ක්‍රමයට අනුගත වෙමින් සිදු කළ ද ඇඳුම් පැළඳුම් හා විලාසිතා සම්බන්ධයෙන් විශාල විපරිවර්තනයක් දක්නට ලැබේ. සාහිත්‍ය මුලාශ්‍රය, ක්ෂේත්‍ර සමීක්ෂණ සහ සමීක්ෂණ දත්ත මෙහිදී යොදා ගන්නා ලදී.