04th Academic Sessions - 2007
Content
Details
Cover Page
විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ගුරු-ශිෂ්‍ය සම්බන්ධතාව ශක්තිමත් කිරීම
රත්නායක, ආර්.ඇම්.
මේ අධ්‍යයනයෙන් මූලික වශයෙන් අවධානය යොමු වූයේ රුහුණ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය තුළ පවතින ආචාර්ය-ශිෂ්‍ය සමිබන්ධතාවේ ස්වභාවය හඳුනා ගැනීමයි. ආචාර්ය-ශිෂ්‍ය සමිබන්ධතාවය පිළිබඳව පර්යේෂණ ක්ෂේත්‍රය වශයෙන් මෙම පීඨය තෝරා ගැනීමට බලපෑ හේතු කීපයක් වේ. පරිපාලන හා ව්‍යූහාත්මක වශයෙන් විවිධ වෙනස්කම් රාශියක් පසු ගිය කාලයේ මෙම පීඨය තුළ සිදු වී ඇත. අනෙකුත් පීඨ හා සසඳන විට ( මෑත කාලයේ ස්ථාපිත කරන ලද ජලජ හා මත්ස්‍ය විද්‍යා පීඨය හැර ) අඩුම ආචාර්යවරුන් සංඛ්‍යාවකින් විශාල සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදෙන පීඨය මෙය වීම ඒ අතර සුවිශේෂ වෙි. මේ නිසා පීඨයේ ආචාර්ය-ශිෂ්‍ය සම්බන්ධතාවය එහි අධ්‍යයන කටයුතු හා පරිපාලන කටයුතු කාර්යක්ෂමව හා ඵලදායීව පවත්වා ගෙනයාමට වැදගත් වේ. මේ අනුව පීඨය තුළ අධ්‍යයන කටයුතුවල යෙදෙන ශිෂ්‍යයන්ගෙන් 140ක නියදියක් පර්යේෂණය සඳහා තෝරා ගනු ලැබීය. එමෙන් ම ආචාර්යවරු 20 දෙනෙක් ද තෝරා ගනු ලැබූහ. ශිෂ්‍යයන් ශිෂ්‍යයන් තෝරා ගැනීමේ දී සියලුම ස්ථලවල සිසුන් නියෝජනය වන ආකාරයට තෝරා ගත් අතර ආචාර්යවරුන් තෝරා ගැනීමේ දී ජේ්‍යෂ්ඨ හා අධුනික වශයෙන් සලකා තෝරා ගනු ලැබීය. මෙම පීඨය තුළ ආධුනික ආචාර්යවරුන් අධික බැවින් නියදිය තුළ ඔවුන්ගේ වැඩි නියෝජනයක් දැක්වේ. තොරතුරැ ලබා ගැනීමට ආචාර්යවරුන් සඳහා එක් ප්‍රශ්නාවලියක් ද, ශිෂ්‍යයන් සඳහා වෙනත් ප්‍රශ්නාවලියක් ද යොදා ගනු ලැබීය. මීට අමතරව තොරතුරු රැස්කිරීම සඳහා පීඨ පරිපාලනය හා ශිෂ්‍ය නායකයන් සමඟ සම්මුඛ සාකච්ඡා පවත්වනු ලැබීය. දත්ත විශ්ලේෂණය කිරීමේ දී ගුණාත්මක විශ්ලේෂණ ක්‍රමය වැඩි වශයෙන් භාවිත කරනු ලැබීය. ආචාර්ය-ශිෂ්‍ය දෙපාර්ශ්වයේ ම පොදු මතය වී තිබෙන්නේ මෑතකාලයෙහි දෙපාර්ශ්වය අතර පවත්නා සමිබන්ධතාව දුරස් වෙමින් පවතින බවයි. මෙයට බලපා තිබෙන හේතු විවිධ දෘෂ්ටිකෝණවලින් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන් ම විශ්වවිද්‍යාලය තුළ පවත්නා උපසංස්කෘතික සාධකයන් මෙයට මූලික වශයෙන් බලපා තිබෙන බව ශිෂ්‍යයන් වැඩි දෙනෙකුගේ මතය වී ඇත. ආචාර්යවරුන් මුණගැසීමට බාධාවක් නොමැති බව බොහෝ ශිෂ්‍යයන් ප්‍රකාශ කරනු ලැබුවත්, එවැනි සම්බන්ධතාවන් පවත්වා තිබෙන්නේ සුලුතර ශිෂ්‍ය පිරිසක් වේ. මේ සම්බන්ධව ආචාර්යවරුන් ශිෂ්‍යයන් කෙරෙහි දක්වන ආකල්ප මූලික වී ඇත. ආචාර්යවරුන් ආචාර්යවරුන්ගේ නායකත්ව කාර්යභාරය මනාව ඉටු නොවන තත්ත්වයක් තිබෙන බව බොහෝ සිසුන්ගේ අදහස වේ. ආචාර්යවරයා මඟ පෙන්වන්නකු ලෙස ශිෂ්‍යයන් තුළ තිබෙන පිළිගැනීම අභියෝගයට ලක්වී ඇත. ආචාර්ය-ශිෂ්‍ය සම්බන්ධතාව වර්ධනය කර ගැනීම සඳහා ආචාර්යවරුන්ගේ කාර්යභාරය පිළිබඳව නැවත සලකා බැලීමට සිදුවේ. විශ්වවිද්‍යාලය තුළ පවත්නා පාඨමාලාවන්ගේ වැදගත්කම, ඇගයීම් රටාවන් සහ නව පාඨමාලාවන් හදුන්වාදීමට කටයුතු කළ යුතුව ඇත.