Abstract:
ශ්‍රී ලංකාවේ බදු ව්‍යුහය සහ එහි නිශ්චායකයන් නම් වූ මෙම පර්යේෂණ නිබන්ධය ව්ශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා දර්ශනපති උපාධි සඳහා ඉදිරිපත් කරන්නකි.
ආර්ථික වර්ෂනය, මිල ස්ථායීකරණය, ආදායම් ප්‍රතිව්‍යාප්තිය වැනි සාර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීම් වස් රාජ්‍ය මුග්ය ප්‍රතිපත්තිය කාර්යක්ෂම ව භාවිතා කිරීමට රටක රාජ්‍ය බලධාරීන් විසින් උත්සාහ දරණු ලැබේ. මෙම රාජ්‍ය මුල්‍ය ප්‍රතිපත්තතිය තුළ ප්‍රධාන ප්‍රතිපත්තිමය උපකරණයක් බවට බදුකරණය පත් ව ඇත් අතර වර්තමානයේ ශ්‍රී ලංකාව ඇතුලු සංවර්ධනය වන බොහෝ රටවල් විසින් ඉහත සාර්ව ආර්ථික අරමුණු ඉටු කර ගැනීම සඳහා බදුකරණය මත වැඩි බර තැබීමක් කොට ඇති බවත් පෙනී යයි.
රටක බදු මට්ටම සහ බදු ව්‍යුහයේ වෙනස් වීම සම්බන්ධයෙන් හේතු දැක්වීමට යාමේ දී මෑත කාලීන ව විවිධ අදහස් පල වී ඇත. විශේෂයෙන් රටකට උච්ත බදු ව්‍යුහය තේරීම, ආර්ථික සහ දේශපාලනික කේෂත්රයන් හි සංකීරණ ගැටලුවක් බවට පත් වී ඇත. බොහෝ දුරට සංවර්ධනය වන රටවල බදු ව්‍යුහයන් තුළ සෘජු බදු සහ චක්‍ර බදු අතර සමානුපාතික සම්බන්ධ තීරණය වීමේ දී ආර්ථික නිශ්චායකයන් වඩා වැදගත් වන බව අවධාරණය කිරීමට ගනු ලැබූ උත්සාහයන් කිහිපයක් මෙහි දී වැදලත් කොට සැළකිය හැකිය.