Abstract:
ලෝක සාහිත්‍ය තුළ ආගමික සාහිත්‍යයට හිමිවන්නේ අතිශය වැදගත්, සම්භාවනීය එමෙන් ම ගෞරවනීය තැනකි. ඒ අනුව ලෝකයේ ප්‍රධාන ආගමක් ලෙස සැලකෙන බුදුදහම අන්තර්ගත ත්‍රිපිටකය අතිශය පෘථුල බෞද්ධ සාහිත්‍යය තුළ අතිශය වැදගත් මූලාශ්‍රය යි. මේ අදහස තවත් ආකාරයකින් දක්වන්නේ නම්, පන්සාළිස් වසරක් මුළුල්ලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලද ධර්මය බුද්ධ ධර්මය හෙවත් බුද්ධ භාෂිතය ලෙස හඳුන්වන අතර එය අන්තර්ගත කොට සකසන ලද සාහිත්‍යය ත්‍රිපිටකය ලෙස හඳුන්වයි. බුදුරදුන්ගේ දේශනා මුල දී ධම්ම, ධම්ම-විනය, නවාංගසත්ථුසාසන යනාදි ලෙස ද හඳුන්වා ඇත. බුද්ධ වචනය රස වශයෙන් එක ම ආකාරයකි. ධර්මය-විනය වශයෙන් ආකාර දෙකකි. ප්‍රථම, මධ්‍යම හා පශ්චිම වශයෙන් ද පිටක වශයෙන් ද ආකාර තුනකි. නිකාය වශයෙන් ආකාර පහකි. අංග වශයෙන් ආකාර නවයකි. ධර්ම ස්කන්ධ වශයෙන් අසූහතර දහසකි. “තදේතං බුද්ධ වචනං රස වසෙන එක විධං, ධම්ම වසෙන දුවිධං, පඨම, මජ්ඣිම, පච්ඡිම වසෙන තිවිධං, තථා පිටක වසෙන, නිකාය වසෙන පංච විධං, අංග වසෙන නව විධං, ධම්මක්ඛන්ධ වසෙන චතුරාසීති සහස්සවිධන්ති වේදිතබ්බං.”