Abstract:
පුද්ගල චර්යාවක යහපත් (ධනාත්මක) අයහපත් (ඍණාත්මක) නැඹුරු ව සඳහා බලපාන මූලික කරුණ නම් මනෝවිද්‍යාත්මක පසුබිමයි. සෑම පුද්ගල ක්‍රියාවකටම පාහේ මුල්වන්නේ මනසයි. (මනො පුබ්බංගමා ධම්මා) කායික අංශයට පමණක් නොව පුද්ගලයා වැඩි අවධානයක් යොමු කළ යුතු අංශයක් වන මානසික අංශය කෙළෙස්වලින් පවිත්‍රව, පිරිසිදුව තබාගත යුතු බවත් නිර්වාණගාමී මඟෙහිලා අතිශය වැදගත් බවත් බෞද්ධ අවධාරණයයි. එසේ නොමැති වුවහොත් එය අයහපත් හෙවත් දුස්සමාහිත චර්යා සඳහා හේතුවේ. පුද්ගල මනස ක්‍රියාත්මක කරවන ප්‍රධාන බලවේග දෙක කුසල මූල (අලෝභ, අදෝස හා අමෝහ) හා අකු-සල මූල (ලෝභ, දෝස හා මෝහ) යනුවෙන් දැක්විය හැකි අතර කුසල මූල සුසමාහිත චර්යා සඳහාත් අකු-සල මූල දුස්සමාහිත චර්යා සඳහාත් බලපායි.