Abstract:
කාර්මීක සමාජ විද්‍යාව (INDUSTRIAL SOCIOLOGY) වර්තමානයෙහි ඉතා වැදගත් විෂය ක්ෂේත්රයක් බවට පත් වී ඇති අතර ඒ කෙරෙහි මුලික හේතුන් කිහිපයක් බලපා තිබේ. මින් වැඩ (Work) හෝ කර්මාන්ත ක්ෂේත්රය පිළිබඳව ලොව ඇති වී ඇති උනන්දුව ප්‍රධාන හේතුවක් වී ඇත. එසේම එම ක්ෂේත්රය මගින් වර්තමාන සමාජයෙහි මිනිසාගේ ජීවන ශෛලින්, අපේක්ෂාවන්, අනන්‍යතාවයන් හා සමාජ සම්බන්ධතානයන් ආදිය තීරණය වීම කෙරෙහි විශාල ලෙස බලපා ඇති අතර ඒ පිළිබඳව සමාජ යථාර්ථ අවබෝධ කරගැනීමේදී කාර්මික සමාජ විද්‍යාව මගින් ලැබෙන පිටුවහල ඉමහත්ය. සමාජ විද්‍යාව ආරම්භ වූයේද කාර්මික ධන වාදය යුරෝපා සමාජය තුළ බිහිවීම නිසා ඇති වූ සමාජ විපය්යාසයන් පිළිබඳව විද්‍යාත්මක ලෙස විවරණය කිරීමට ගනු ලැබු ප්රයත්නයෙහි ප්‍රතිඵලයක් වශයෙන්ය. මෙලෙස කාර්මික සමාජ යෙහි සමාජ ආර්ථික හා දේශපාලනික ආදී සංස්ථාවන් ඒම සමාජ යෙහි මිනිසාගේ ජීවන ශෛලිය හැඩ ගැස්සීම කෙරෙහි බලපාන ආකාරය සහ එහි සාමාජිකයින් අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධ වී ක්රියාකරණ ආකාරය පිළිබඳව සමාජ විද්‍යාවෙහි මුලික අවධානය යොමුවී ඇත. පසුකාලීනව කාර්මික සමාජ විද්‍යාව නමින් උප විෂය කේෂත්රයක් බිහිවුයේ නවීන සමාජයෙහි ආර්ථික හා කාර්මික අංශය සම්බන්ධ වූ පුද්ගල චර්‍ය්‍යාව පිළිබඳව වඩාත් විස්තරාත්මකව හා ගැඹුරින් අධ්‍යයනය කිරීම සඳහා ගනු ලැබු උත්සාහයෙහි ප්‍රතිඵලයක් වශයෙන්ය.