Abstract:
මහාද්වීප ප්ලවනය යනු මහද්වීප පාවීමයි. ලෝකයේ මහාද්වීප සාපේක්ෂව එකිනෙකට සිරස් හා තිරස් අතට චලනය වීම මින් අදහස් වේ. මේ පිළිබඳව පළමු අදහස ඉදිරිපත් වූයේ ලෝක සිතියම නිර්මාණයෙන් පසුව බව පැහැදිළිය. සිතියමෙහි මහාද්වීප එකිනෙකට ළං කිරීමෙන් ඒවා සසැඳෙන බව වැටහී ගියේය. මෙම සංකල්පය පිළිබඳ ව බොහෝ විද්වතුන් අදහස් ඉදිරිපත් කර තිබේ. ඒ අතර ලෝත්යස් ග්‍රීන් ගේ චතුස්තල කල්පිතය ප්‍රධාන වේ. සර් බේකර් දක්වන ආකාරයට ඇමරිකාවේ නැගෙනහිර වෙරළත් බටහිර වෙරළත් එකිනෙකට ගැලපීම භූ විද්‍යාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක් බව දක්වයි. එමෙන්ම 1958 දී ස්නයිඩර් නම් භූ විද්‍යාඥයා අත්ලන්තික් සාගරය දෙපස භූ ස්කන්ධ වල ගැලපීම ගැනත්, උතුරු ඇමරිකාවේ පාෂාණ ද්‍රව්‍යවල ගැලපීම පිළිබවත් අදහස් ඉදිරිපත් කළේය. ඉන් පසු ව ඩාවින් සහ ඔස්මන් ෆෙෂරි ප්ලවනය පිළිබඳව අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ පාෂාණ ස්කන්ධවල සමතුලිතතාව පදනම් කරගෙනය. 1908 දී කදු ව්‍යාප්ත රටාව පිළිබඳව අදහස් දැක් වූ ටේලර් ප්ලවනය පදනම් සාධකයක් කොට සළකන ලදී. ඊට අමතරව ප්රොපිනි, බේකර් සහ කුච්ලර් ප්ලවනය පිළිබඳව යම් යම් පැහැදිලි කිරීම් සිදුකර ඇත. එහෙත් මෙවැනි අදහස් සංකල්පමය පසුබිමකට ගෙන කල්පිතයක් ලෙස මුල් වරට ඉදිරිපත් කරන ලදිදේ ජර්මන් ජාතික දේශගුණ විද්‍යාඥයකු වන ඇල්ප්‍රඩ් වේග්නර් විසින් 1912 දී ය.