Abstract:
සම්පත් කුමක්ද යන්න පැහැදිලිව හඳුනා ගැනීම පිළිබඳ විවිධ මතවාද පවතී. සම්පත් පිළිබඳ භූගෝල විද්‍යාවේ හඳුනා ගනු ලබන්නේ ප්‍රධාන උප කොටස් දෙකක් තුළිනි. එමෙන්ම ස්වභාවික පරිසරයේ සාධක අනික් අතින් මිනිසා පිළිබඳව වූ මානුෂික සාධකයන්ය. මේ සම්බන්ධව 1951 දී Zimmerman නැමති භූගෝල විද්‍යාඥයා ඉදිරිපත් කරන ලද නිර්වචනය එනම් ස්වභාවික (භුගෝලීය) පරිසරය පවතින්නා වූ සම්පත් ලෙස නොව හුදෙක් සාධක හෝ සංරචක ලෙස පමණක් බවත්, එහෙත් ඒවා සම්පත් බවට පරිවර්තනය කරනු ලබන්නේ මිනිසා විසින් බවත්ය. එසේ පරිවර්තනය කරනු ලබන සංරචක මිනිසාගේ අවශ්‍යතාවන් සපුරාලීමට පොහොසත් වූවාට පසු ඒවා සම්පත් බවට පෙරලෙන බව ඔහු පවසයි.
එම නිර්වචනයට අනුව පැහැදිලි වන්නේ මිනිසාගේ ප්‍රයෝජන සඳහා පරිසරයේ ඇති ස්වභාවික සාධක මිනිසා විසින් යොදා ගැනීමෙන් ඊට වටිනාකමක් දීමෙන් (appraisal) සම්පත් බවට පරිවර්තනය වනු ලබන බවයි.
භෞතික පරිසරයේ සංරචක කීපයක් එකතුවෙන් දේශගුණය, භූ ව්‍යුහය, පස, ජලය සහ වෘක්ෂලතා වැනි භෞතිකි කොටස්ය. මානව සම්පත් මිනිසා ප්රමුඛ ඔහු විසින් ඉදිරිපත් කරන්නා වූ සුවිශේෂ අංගයන්ලෙන් සෑදෟ ඇත. ජන සංඛ්‍යාවේ ස්වභාවික, සංය්තිය, ආකල්ප හා අපේක්ෂා සහ ඔහු ඉදිරිපත් කරන සමාජ ආර්ථික දියුණුය හඳුන්වා දිය හැකිය.