Abstract:
සංවර්ෂනය, සාපේක්ෂ සංකල්පයකි. සියලු ම රටවල් ආර්ථික, සමාජීය, සංස්කෘතික, දේශපාලන සාධක මත සංවර්ධිත හා සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස පුභේද දෙකක් යටතේ හඳුනා ගත හැකිය. මෙහි දී තෙවන ලොව රටවල් ලෙස හැඳින්වනුයේ සංවර්ධනය වෙමින් පවතින රටවල් කාණ්ඩයයි. මේ කණ්ඩායමට ලතින් ඇමරිකානු, අප්‍රිකානු හා ආසියානු රටවලින් වැඩි ප්‍රමාණයක් අයත් වේ. තෙවන ලොව රටවල් සඳහා ලෝකයේ මුළු භූමි ප්‍රමාණයෙන් 60% ක් පමණ අයත් වේ. එහෙත් මුළු ලෝක ජන සංඛ්‍යාවෙන් 70% -80% පමණ ප්‍රමාණයක් වෙසෙන්නේ ද මේ කලාපයේ ය. තෙවන ලොව රටවල නිරපේක්ෂ ජන සංඛ්‍යාව ඉහළ අගයක් ගැනීම ද ප්‍රෂාන ලක්ෂණයකි. නිදසුන් ලෙස ශ්‍රී ලංකාවේ මිලියන 17.9 ක් ද, ඉන්දියවේ මිලියන 898.2 ක් ද, සෞදි අරාබියේ මිලියන 17.4 ක් ද වශයෙන් දැක්විය හැකිය. මෙම ජන සංඛ්‍යාවේ ද වේගවත් වර්ධන අනුපාතයක් දක්නට ලැබේ. ඉන්දියාවේ වාර්ෂික ජන සංඛ්‍ය වර්ධන වේගය 1.8% ක් ද, සෞදි අරාබියේ 3.1% ක් ද, වන අතර ශ්‍රී ගංකාවේ මේ වන විට 1.2% ක් පමණ ජන සංඛ්‍යා වර්ධන වේගයක් දක්නට ලැබේ. සංවර්ධන මට්ටම මිණුම් කිරීමේ දී භෞතික ජීවන තත්ත්ව දර්ශකය (P.Q.L.I.) මානව සංවර්ධන දර්ශකය (P.D.I), ඒක පුද්ගල ආදායම 98 ආදී කුමන නිර්ණායකයක් අනුව සලකා බැලුව ද තෙවන ලොව රටවල් සංවර්ධිතයැයි සැලකෙන රටවලට සාපේක්ෂව ඉතා පහළ සංවර්ෂන මට්ටමක සිටින අතර දරිද්‍රතාවය (Poverty) මේ රටවල කැපී පෙනෙන ලක්ෂණ වේ. වර්තමානය වන විට මින් සමහරක් රටවල් වේගයෙන් දියුණු වෙමින් පවතී. චීනය, මෙක්සිකෝව, ඊජිත්තුව, මලයාසියාව ඉන් කිහිපයකි. සංවර්ධනය වෙමින් පවතින තෙවන ලොව රටවල් සමස්ථයක් ලෙස ගත් කල, අඛණ්ඩ දිළිඳු තත්ත්වයේ ම පසු වීමට හේතුව කුමක්දැයි විමසා බලමු.