Abstract:
වර්තමාන ලෝකයේ ජන සංඛ්‍යාව සිඝ්‍රයෙන් වර්ධනය වීමත් ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගැනීමේ උපාය මාර්ග වර්ධනය වීමත් නිසා සංවර්ධනය යන්න අද වේගවත් හා පොදු ක්‍රියාදිමයක් බවට පත් වී තිබේ. මෙම ක්රියාදාමයේ වේගවත් බව කොපමණදැයි කිවහොත් මානව ක්‍රියාකාරකම් ජෛව හා භෞතික පරිසරයන් ඉක්මවා සිටි. කෘෂිකාර්මික හා කාර්මික අංශවල ඇති කරනු ලබන මෙම සංවර්ධනය තුළ වර්තමානයේ යහපත් ප්‍රතිඵලවලට සාපේක්ෂව අයහපත් ප්‍රතිඵල ඇති වී තිබේ. අර්ථවත් සංවර්ධනය යනුවෙන් අදහස් කරනුයේ සංවර්ධනයේදී ඇති වනු ලබන මෙම යහපත් ප්‍රතිඵල වැඩි කිරීමත් අයහපත් ප්‍රතිඵල බොහෝ දුරට අවම කිරීමත් මගින් සාපේක්ෂ වශයෙන් වැඩි ප්රතිලාභ ළගා කර ගැනීමයි.