Abstract:
ඕනෑම රටක් ආර්ථික අතින් සංවර්ධනය කිරීමේදී එකී රටවල් විසින් අනුගමනය කරනු ලබන ප්‍රධාන උපක්‍රම දෙකකි. එනම්
1. කෘෂීකාර්මික අංශය දියුණු කිරීම.
2. කාර්මික අංශය දියුණු කිරීම වශයෙනි.
ආර්ථික සංවර්ධන ඉතිහාසය ගොඩනැගී ඇති ආකාරය බලන විට කෘෂිකාර්මික හෝ කාර්මික අජශය යොදා ගැනීම පිළිබඳව ප්‍රධාන මත තුනක් ඉදිරිපත් වී ඇත.
1. රටක් සාර්ථක ලෙස කාර්මික කිරීම සඳහා තිබෙන එකම පදනම කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහල දැමීමයි.
2. දියුණු වෙමින් පවතින රටවල පවත්නා නොනවතින ආර්ථික අරගලයට විසඳුම් නැතහොත් දිලිඳු බවේ දුෂ්ඨ වක්‍රයට විසඳුම එම රටවල් කාර්මිකරණයක් මගින් දියුණු කිරීමයි.
3. මෙවැනි ඌණ සංවර්ධිත රටවල කෘෂිකාර්මික හා කාර්මික සංවර්ධන සැලසුම් වෙන වෙනම සංවර්ධන අරමුණු සඳහා යොමු කිරීමෙන් ප්‍රථිඵල රහිත වන අතර අංශ දෙකම කෙරෙහි එකවර සැලකිලිමත් විය යුතුය.
කෘෂිකාර්මික අංශයට මූලික තැන දිය යුතු යයි අදහස් ඉදිරිපත් කරන ආර්ථික විද්‍යාඥයින් අතර සසයිමන් කුස්නෙට්ස් ජේකොබ් වයිනර්, නිකොලස් වැනි අය ඌණ සංවර්ධිත රටවල් වල පොදු ලක්ෂණ සැලකිල්ලට ගෙන තම මතය සනාථ කිරීම සඳහා කරුණු දෙකක් ඉදිරිපත් කරති.