Abstract:
සංවර්ධනය වෙමින් පවතින රටක් වශයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය කුමක්විය යුතුද යන්න සැලකීමේදී ආනයන ආදේශනය හා නිර්යාත ප්‍රවර්ධනය යන ප්‍රධාන සංවර්ධන උපාය මාර්ගයන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවද ඇතුළුව පොදුවේ තුන්වන ලෝකයේ රටවල් ලැබු අත්දැකීම් සැලකිල්ලට ගැනීම වැදගත් වේ.
මේ අතුරින් පලමුවෙන්ම ඉදිරිපත් වුයේ ආනයන ආදේශන ප්රතිපත්තියයි. මෙය බොහෝවිට කාර්මීකරණය මත පදනම් වන හෙයින් ආයාත ආදේශන කාර්මීකරණය (ISI) යනුවෙන්ද ව්‍යවහාර වේ. මෙහි ඉතිහාසය ජර්මනියේ (Fiedrich List) වැනි අයගේ කාලය දක්වා දිවයන නමුදු තුන්වන ලෝකයේ සම්බන්ධයෙන් බලන විට එහි ආරම්භය ඇති වූයේ 1945-45 යුධ සමයේ ලතින් ඇමරිකාවේය. මෙම කාලය තුල එය කාලීන අවශ්යතාවයන්ලෙන් පොළඹවනු ලැබුවක් වූ අතර යම් න්‍යායාත්මක පදනමක් යටතේ වුවමනාවෙන් ක්‍රියාත්මක කිරීමක් දැකිය හැකි වන්නේ 1950 ගණන් හා 1960 ගණන් දශක වලදීය. එසේම මෙම කාලය තුල දී එය 3 වන ලෝකය පුරා මෝස්තරයක් මෙන් පැතිර ගියේය. 1960-65 හා 1970 -77 යන කාල පරිච්ජේදයන් තුල ශ්‍රී ලංකාවද මෙම ප්‍රතිපත්තිය මුල්කොට ගනිමින් ආර්ථික සංවර්ධනය ලඟාකර ගැනීම සඳහා දැඩි පරිශ්රමයක යෙදී සිටිනු ලබීය.