dc.description.abstract |
සබරගමු මහ සමන් දේවාලයේ ආරම්භය පිළිබඳ පැහැදිලි කිරීමේ දී සන්දේශ කාව්‍ය හා විවිධ සාහිත්‍ය කෘති ඇසුරින් දේවාලයේ ඓතිහාසිකත්වය පිළිබඳ තොරතුරු හමු වේ. මැණික් සම්බන්ධයෙන් දෙවියන් විෂයෙහි භාරහාර වීම අතීතයේ පැවති බවට පවත්නා දුර්ලභ තොරතුරු අතර මහා සමන් දේවාලය තැනීමේ කතා පුවත ද එක් නිදසුනකි. ලාංකේය ඉතිහාසයේ දඹදෙණි අවධියට අයත් දෙවැනි පැරකුම්බා රජ දවස ආර්යකාම දේව ඇමති මැණික් ගැරීම සඳහා සබරගමුවට ගිය බවත්, තමාට වටිනා මැණිකක් ලබා දුනහොත් තමන් දෙවියන් උදෙසා තෙමහල් ප්‍රාසාදයක් කරවන බවට පොරොන්දු වූ බවත්, ඉන්පසු ව සමන් දේවාලයේ ආරම්භය සිදු වූ බවත් 'තමන් සිරිතෙහි " සඳහන් වේ. මෙම අධ්‍යයනයේ ගැටලුව වන්නේ අතීතයේ සිටි නිල මඩුල්ලේ විකාසය ඔවුන්ගේ සේවාවන් වර්තමාන මඬුල්ලේ විකාසය මෙන් ම වර්තමාන සේවයන් මොනවා ද? යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීමයි. සපරගමු මහ සමන් දේවාලයේ අතීත නිල මඩුල්ල හා වර්තමාන නිල මඩුල්ල පිළිබඳ ව අධ්‍යයනය කිරීම මෙහි අරමුණයි. මෙම අධ්‍යයනය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ ක්ෂේත්‍ර අධ්‍යයනයෙන් සහ මූලාශ්‍ර පරිශීලනය මගින් ලබා ගත් දත්ත ඇසුරෙන් සිදු කෙරුණි. දේවාලයේ තේවා කටයුතු මෙන් ම එහි සිටින නිල උරුමක්කාරයන් කොටස් දෙකකි. එනම් ඇතුළු කට්ටලය හා පිට කට්ටලය යනුවෙනි. මීට අමතර ව පරිපාලන කටයුතු පවත්වාගෙන යාම සඳහා බස්නායක නිළමේතුමා ප්‍රධාන නිලධාරී මඩුල්ලක් ද වේ. මෙම නිලධාරීන්ට උත්සව කටයුතු සංවිධානය කිරීමේ සියලු ම වගකීම පැවරේ. පෙරහැර පැවැත්වීමේ දී අවශ්‍ය පන්සල් දීම, පිරිත් සජ්ජායනය වැනි ආගමික කටයුතු ඉටුකර ගැනීම සඳහා පැල්මඩුල්ල විහාරයෙන් භික්ෂූන් වහන්සේලා වැඩම වීම සිරිතකි. රටේ නායක, බස්නායක, රත්නායක මුදන්නායක, වන්නකු, මොහොට්ටාල යනුවෙන් අතීතයේ එම නිලධාරීන් හැඳින් වුව ද වත්මනෙහි දේවාලයේ පරිපාලන නිලධාරීන් බස්නායක නිළමේතුමා, මොහොට්ටාලවරු, විදානේවරු, ලේකම්වරු, කංකානම්වරු ආදි වශයෙන් හඳුන්වනු ලබයි . සමන් දේවාලයේ අතීත හා වර්තමාන නිල මඩුල්ල ඔස්සේ සමන් දෙවොලේ ඓතිහාසිකත්වය අතීතයේ සේ ම වර්තමානයේ ද වන්දනීය ස්ථානයක් බවට පත් වී ඇති බව අධ්‍යයනයෙන් පැහැදිලි වේ. |
en_US |