නාගිරිකන්ද ගිරිලිපියෙන් හෙළිවන සමාජීය තොරතුරු පිළිබඳ විමර්ශනයක්

Show simple item record

dc.contributor.author සිල්වා, කේ. ඩබ්ලිව්. එච්. සී.
dc.date.accessioned 2023-10-17T05:26:31Z
dc.date.available 2023-10-17T05:26:31Z
dc.date.issued 2023-09-15
dc.identifier.issn 2536-8702
dc.identifier.uri http://ir.lib.ruh.ac.lk/xmlui/handle/iruor/15078
dc.description.abstract ඓතිහාසික සාධක නිවැරදි ව සහ නිරවුල් ව සමාජගත කිරීමෙහි ලා භාෂාව හා සබැඳි මූලාශ්‍රය මුඛ්‍ය ස්ථානයක් ලබයි. හෙළ ඉතිහාසය විවරණිත ප්‍රාථමික මූලාශ්‍රයක් ලෙස සැලකෙන මහාවංසයේ සන්දර්භය සත්‍ය බව සනාථ කරගැනීමටත්, එයිනුදු මග හැරී ඇති ඓතිහාසික සිදුවීම් හඳුනා ගැනීමටත් සාක්ෂ්‍ය වශයෙන් ඉවහල් වන පුරාණ ලේඛනගත මූලාශ්‍රය අභිලේඛන නමින් ව්‍යවහාර කෙරෙන අතර එමගින් තත්කාලීන සමාජීය තොරතුරු හැඳින ගැනීමෙහි ලා මහඟු දායකත්වයක් සැපයෙයි. අභිලේඛන අතුරෙන් ‘සෙල්ලිපි පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය’ කැපී පෙනෙයි. එකී සෙල්ලිපි අතුරෙන් නාගිරිකන්ද ගිරිලිපිය ක්‍රි. ව. 512-520 කාලයේදී මහා කුමාර ධාතුසේන රජු විසින් සම්පාදනය කරන ලද්දක් බැව් සැලකෙයි. දක්ෂිණ භාරතීය පල්ලව ආභාසය ලද නාගිරිකන්ද ගිරිලිපිය අපර බ්‍රාහ්මී ලක්ෂණ දරන අතර නව භාෂාත්මක අවධියකට මංපෙත් විවර කරයි. පර්යේෂණ අරමුණ වන්නේ නාගිරිකන්ද ගිරිලිපියෙන් හෙළි කෙරෙන සමාජීය තොරතුරු පිළිබඳ විමර්ශනය කිරීමයි. පර්යේෂණ ගැටලුව වන්නේ නාගිරිකන්ද ගිරිලිපියෙන් හෙළි කෙරෙන ආර්ථික, දේශපාලන, ආගමික, සංස්කෘතික කරුණු මොනවාද? යන්නයි. නාගිරිකන්ද ලිපියෙහි දක්වන ලද තොරතුරුවලට අනුව තත්කාලීන ලාංකේය සමාජය ආර්ථික, දේශපාලනික, ආගමික යන සමස්ත අංශයන්ගෙන් ම සමෘද්ධිමත්ව පැවති බව උපකල්පනය කළ හැකි ය. මෙම පර්යේෂණය ගුණාත්මක පර්යේෂණ ක්‍රමවේදය යටතේ පුස්තකාල සමීක්ෂණය ඇසුරෙන් සපයා ගන්නා ලද ද්විතීයීක මූලාශ්‍රය භාවිතයෙන් සිදු කරන ලද අධ්‍යයනයකි. මෙම අධ්‍යයන කාර්යයේදී ප්‍රථමයෙන් නාගිරිකන්ද සෙල්ලිපියේ පෙළ අධ්‍යයනය කරන ලදි. අනතුරුව එහි ස්වභාවය සහ යුගයට අනුව තත්කාලීන සමාජීය තොරතුරු පිළිබඳ සිදුකරන ලද විද්වත් විශ්ලේෂණ හඳුනා ගන්නා ලදි. නාගිරිකන්ද ගිරිලිපියෙහි පෙළ හා අර්ථ විභාග දක්වා ඇතත් සමාජීය තොරතුරු අනාවරණය කිරීමෙහිලා පැවති දුබලතා හඳුනා ගන්නා ලදි. මෙහිදී තත්කාලීන වාරි කර්මාන්තය හා කෘෂි කර්මාන්තය දියුණු තත්ත්වයක පැවති බව හඳුනා ගත හැකි විය. විහාරාසන්න වැව් සහ කුඹුරු සියල්ල සංඝයාට පවරා තිබීමෙන් භික්ෂූන් හා රජතුමා අතර පැවති සමීප සම්බන්ධතාව පිළිබඳ හඳුනා ගත හැකි විය. වඩා ක්‍රමවත් බදු ප්‍රතිපත්තියක් පැවති බව හඳුනා ගත හැකි විය. මෙනයින් තත්කාලීන ප්‍රදේශවල පවත්නා සුන්දරත්වය, සශ්‍රීකත්වය, ගැමියන්ගේ දිවි පැවැත්ම, ගැමියා පරිසරයට අනුගතව ඇති ආකාරය මෙන් ම පාලකයා ද, ගැමියන් ද හෙළ සිරිත් විරිත් අගයන ආගමික වශයෙන් සිය ජීවන රටාව ගෙන ගිය පිරිසක් බව නිගමනය කළ හැකි ය. en_US
dc.language.iso si_lk en_US
dc.publisher Faculty of Humanities and Social Sciences, University of Ruhuna, Sri Lanka . en_US
dc.subject අපර බ්‍රාහ්මී en_US
dc.subject නාගිරිකන්ද ගිරිලිපිය en_US
dc.subject මහාකුමාර ධාතුසේන en_US
dc.subject සමාජීය තොරතුරු en_US
dc.subject සෙල්ලිපි en_US
dc.title නාගිරිකන්ද ගිරිලිපියෙන් හෙළිවන සමාජීය තොරතුරු පිළිබඳ විමර්ශනයක් en_US
dc.type Article en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

Search DSpace


Browse

My Account